කෙටි කලකින් සම පැහැපත් කර ගන්න එළකිරි හා කිරිබත් වලින් විශ්මිත ඔසුවක් මෙන්න
කෙටි කලකින් සම පැහැපත් කර ගන්න එළකිරි හා
කිරිබත් වලින් විශ්මිත ඔසුවක් මෙන්න.
උදෑසන හිරු එළිය සමේ පෝෂණයට ලබා දෙන්නේ නොමඳ පිටිබලයකි. ඒත් සොබාදහමෙන් ස්වභාවිකව ශරීරයට ලබා ගත හැකි මේ පෝෂණ ගුණය පිළිබඳ බොහෝ දෙනෙක් දැනුවත් නැත. ඒ නිසාම හිරු කිරණින් සමට වන හානිය වළක්වා ගැනීමට නොයෙකුත් කෘත්‍රිම ආලේපන වර්ග භාවිතයට පෙලඹී සිටී. එහෙත් මෙම ආලේපන වර්ග වෙනුවට හිරු කිරණින් සම ආරක්ෂාකර ගැනීමට ආයුර්වේදීය පංචකර්ම චිකිත්සාවක් ගෙදරදීම සිදුකර ගන්නට හැකිනම් කෙතරම් අගේද? එවැනි ප්‍රතිකාරයක් අද ඔබට හඳුන්වා දෙනවා. පැහැපත් සමක් හිමිකර ගන්නට ආයුර්වේදයේ ඇති ප්‍රතිකාර ක්‍රම විවිධයි. ඒ අතරින් අදවන විට බොහෝ දෙනා අතර ප්‍රචලිත වී ඇත්තේ බාහිරින් සමට ගල්වන ඖෂධීය තෙල් වර්ගයි.
සම පැහැපත් කරන එළකිරි කිරිබත් සාත්තුවක් කරන්නේ මෙහෙමයි
ඖෂධීය ගුණයෙන් යුත් පිරිසුදු එළකිරි ද සමෙහි ආලේප කිරීම සඳහා සුදුසුය. ආයුර්වේදීය පංචකර්ම ප්‍රතිකාර ලෙසින් සිදුවන එළකිරි ආලේපය ඉතාමත් පහසුවෙන් නිවෙසේදීම ඔබට කරගත හැකියි.
පළමුව පිරිසුදු එළකිරි යොදා හොඳින් ඛෙරි වූ කිරිබතක් පිළියෙල කරගන්න.
පසුව එම කිරිබත් යොදා වෙන් වෙන්ව පොට්ටනි දෙකක් සාදා ගන්න.
එළකිරි ස්වල්පයක් ද වෙනම රත්කර ගන්න.
සාදාගත් පොට්ටනි රත්වූ කිරෙහි විටෙන් විට බහා ගනිමින් මඳ රස්නයෙන් සිරුර තවන්න.
ඒ සමගම සිරුර හොඳින් සම්බාහනය කරගන්න.
පොට්ටනියේ ඇති ඛෙරිවුණ කිරිබත් රෙදි කඩින් ඉවතට මිරිකී පැමිණෙන නිසා සමෙහි හොඳින් ආලේප වෙයි.
මෙසේ පොට්ටනිවලින් තැවීමෙන් සමෙහි තෙතමනයත් තෙල් ස්වභාවයත් හොඳින් වර්ධනය වෙයි.
මේ ආකාරයටම එළකිරිවලින් සිදු කරගත හැකි තවත් පංචකර්ම ප්‍රතිකාරයක් ඇත. එය ද ඉතාමත් සරලයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ,
අමු කහ
වෙනිවැල්ගැට
කොහොඹ කොළ
කරඹ
මුකුණුවැන්න කොළ
සුදු හඳුන්
යන ඖෂධ වර්ගවලින් 1 ක් හෝ කීපයක් පමණයි. ඔබට අවශ්‍ය ප්‍රමාණය මත මෙම ඖෂධීය ශාක සපයා ගත හැකියි.
පළමුව අමු කහ, වෙනිවැල්, කොහොඹ, කරඹ, මුකුණුවැන්න, සුදු හඳුන් යන ඖෂධීය ශාක වර්ග එකක් හෝ කීපයක් ගෙන තම්බා එම වතුරෙන් එළකිරි මිශ්‍ර කිරිබත ඛෙරිකර සාදා ගන්න.
පසුව මෙම කිරිබත සමෙහි හොඳින් තවරාගන්න.
ඉන් අනතුරුව සිරුර සම්බාහනය කරගන්න. මෙහිදී ඖෂධීය ශාක තම්බාගත් වතුර වෙනුවට ඖෂධීය ශාක තලා ඉන් ලැඛෙන ඉස්ම ද මෙම කිරිබතට එකතු කරගත හැකියි.
සතියකට වතාවක් තෙල් සාත්තුවක් කරමු
සතියකට වතාවක් උදෑසන කාලයේදී තෙල් ස්වල්පයක් රත්කොට ඇග ගල්වා හොඳින් සම්බාහනය කිරීමෙන් සමේ ආරක්ෂක ක්‍රියාවලිය වර්ධනය කරගත හැකියි. තෙල් ආලේප කිරීමෙන් අනතුරුව සිදුවන සම්බාහන ක්‍රියාවලිය මගින් සමේ අභ්‍යන්තර පටක, මාංසපේශීන්, රුධිර නාල, ස්නායු තන්තු සියල්ලක්ම උද්දීපනය වීම සිදුවෙයි. එමගින් සමේ ශක්තියත් දීප්තියත් වර්ධනය කර ගත හැකි අතර හිරු රශ්මියෙන් සමට ඇතිවන අහිතකර තත්ත්වයන් මඟහරවා ගැනීමට ද එමගින් හැකියාව ඇත.
පිරිසුදු පොල් තෙල්, ඔලිව් තෙල්, ගිතෙල් එලෙස ආලේපනය කිරීමට සුදුසු තෙල් වේ. ඒවා බොහෝ ගුණදායකයි. ගිතෙල් මගින් සමට ඖෂධීය ගුණයක් ලබාගත හැකි අතර පැහැපත් බව වර්ධනය කරගත හැකියි.
මෙම ඖෂධීය පංචකර්ම ප්‍රතිකාර සිදු කිරීමේදී ඔබට යම් කිසි ගැටලුවක් මතුවුවොත් 0714318729 අංකය ඔස්සේ ආර්. එස්. ජයවර්ධන මහතා අමත්නන.
උපදෙස් - කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා හිටපු අධ්යක්ෂ ආර්. එස්. ජයවර්ධන
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: