වාත රෝග නිට්ටාවටම හොද කරගන්න ඉඟුරු දමා කොත්තමල්ලි පානය කරන්න.

හෙළ වෙදකම සහ ආයුර්වේධය
මනුෂ්‍ය ශරීරයේ සියලු කටයුතු කිරීම සඳහා මුල්වනුයේ වාතයයි. ඇවිදීම, හිඳීම, හිටීම වැනි වූ විවිධ වූ ඉරියව් පාලනය කෙරෙනුයේ වාතය මඟිනි. ශරීරයේ නාඩි වැඩෙන රිද්මය වෙනස් වූ විට එනම් වාත නාඩියෙහි යම් කිසි වෙනසක් ඇතිවූ විට වාතය ආශ්‍රිතව ඇතිවූ ලෙඩ නිශ්චය කෙරේ.
ශරීරයේ කේන්ද්‍රය වනුයේ නාභියයි. හිසේ සිට දෙපතුල දක්වා වූ ශරීරය තුළ හරි මැදින් නාභිය ඇති නිසා ශරීරයෙහි අසාමාන්‍යතාවන් ශරීරයට හොඳින්ම දැනේ. වාතය ආශ්‍රිතව බොහෝ දෙනකු පීඩා විඳින රෝග ලෙස.
හිසරදය, දත් කැක්කුම
පපුවේ අමාරු, උදරාබාධ
අණ්ඩ වායුව (පුරුෂයන්ට පමණයි)
මුත්‍ර ප්‍රදාහය (කාන්තාවන්ට පමණයි)
කොන්දේ අමාරු, දණහිස් වේදනා
කෙණ්ඩා පෙරළීම්, වළලුකර ආබාධ
අත්පාවල ඇඟිලි හිරිවැටීම්
ආදිය දැක්විය හැකිය. වැඩිහිටි වයස්වල පසුවන්නන් බොහෝ විට වාතරෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිය. වියපත් වන විට වාත නාඩියට එය හොඳින්ම දැනීම මෙයට හේතුවයි. වැඩිහිටි අයකු වාත රෝගවලට ගොදුරු වූ විට බඩ පුරවා දැමීම හන්දිපත් අමාරුව වැනි රෝග ලක්ෂණයන් දැනේ.
මෙයටම තරුණ ප්‍රජාව ගොදුරු වූ විට නිතරම කේන්තියෙන් පසුවේ. අසහනකාරී බවත් යුතුව කල්ගෙවයි. වෙනදාටත් වැඩියෙන් ශරීරයෙන් දහදිය පිටවේ. කුඩා දරුවන්ට වාතය ආශ්‍රිතව රෝග වැලඳුණු විට උදරාබාධ, කිරි නොදිරවීම හෝ කිරි වමනය යෑම, රතගාය ඇඟේ පලු දැමීම වැනි රෝගී තත්ත්වය දැකිය හැකිය.
වාතය ආශ්‍රිතව රෝගයකට ගොදුරු වූ විට ලේවල පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණ අඩුවේ. මෙනිසාම සෛලීය ස්වසනය කිසියාකාරව සිදුනොවේ. එනිසාම සෛල තුළ පරිවෘත්තීය ක්‍රියාවලිය අක්රමික වේ. රුධිර සෛලවල සංඝටක වෙනස් වේ. ශරීර අභ්‍යන්තරයෙහි හඳුනා නොගත් එන්සයිම ප්‍රමාණය ඉතා ඉහළ යයි. මේ හේතු කාරණා නිසා ශරීර අභ්‍යන්තරයෙහි ස්වාභාවික පැවැත්ම ඉක්මවා යයි.
වාතය ආශ්‍රිතව ලෙඩ රෝගවලට ගොදුරුවීමෙන් මිදීමට නම්.
වාතයට හේතු වන ආහාර පාන (කොස්, දෙල්, පොළොස්, බටු)වලින් වැළකීම.
ප්‍රෝටීන් බහුල ආහාර පානවලින් පරිස්සම් විය යුතුයි. (වාත රෝගියෙක් නම්)
උෂ්ණාධික ආහාර පානවලින් අෑත්වීම
විෂම චර්යාවලින් වැළකීම දේශගුණය, කාලගුණය හේතුවෙන් වාත අසනීප වැඩිවිය හැකියි. එනිසා දේශගුණික කාලගුණික තත්ත්වයන් වෙනස් වීමේදී කල්පනාකාරී විය යුතුයි. අවේලාවේ නෑම, වැහි වතුරට බොහෝ වේලාවක් නිරාවරණය වීම වැනි දේ එතරම් හිතකර නොවේ.
පුංචි කාලයේ දරුවන්ට සෙම වැඩිය. තරුණ අවධියේ පිත අධිකය. වැඩිහිටි වූ පසු වාතය අධිකය. මෝහය නමැති සිතිවිලිදාමය වාත නාඩිය හා දැඩි සම්බන්ධයක් පවතී. එනිසා මෝහය වැඩිවූ තරමටම වාත රෝගවලට ගොදුරුවීමේ ප්රවාණතාව වැඩිය.
වාත රෝගවලට ගොදුරු වූ විට ප්‍රථමයෙන්ම එය දැනෙනුගේ උදරයටයි. බඩ පුරවා දැමීම, අහේතුක ලෙස ශරීරයේ ඇතිවන වේදනාව වැනි රෝග ලක්ෂණ තුළින් වාත රෝගයට ගොදුරු වූවන් හඳුනාගත හැකිය. මානසික හේතූන් නිසාම වාතය ඇතිවිය හැකිය. වාත රෝගයට කෙතරම් ප්‍රතිකාර කළද මානසික අසහනයෙන් පෙළේ නම් රෝගය සුව නොවේ. වාත රෝගවලින් මිදීම සඳහාත් යම්කිසි සහනයක් ලබාගැනීම සඳහාත් නිවෙසේදීම කළ හැකි පිළියම් කිහිපයකි.
තේ වෙනුවට කබලේ බැද, කුඩුකරගත් කොත්තමල්ලි ඉඟුරු හා මුසුකොට පානය කිරීම
වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමතේ ඔෟෂධ භාවිත කිරීමෙන් රෝගය තවත් උත්සන්න විය හැකි නිසා එයින් වැළකීම.
හිස කඳ කෙළින් තබාගෙන පියවර 100 රිද්මයානුකූලව ඇවිදීම.
වාතයක් ශරීරයේ පවතී නම් දහදිය පිටවීමේ ප්‍රතිශතය අඩුය. ඒ නිසා හොඳින් දහදිය පිටවන සේ කය වෙහෙසා වැඩකිරීම.
කෙඳි සහිත ආහාර වැඩිපුර ගැනීම
කෙසෙල් මුව උණු අළු පල්ලේ දමා තම්බා සම්බෝල සාදා ආහාරයට ගැනීම (සතියකට වරක් සෑහේ)
උණු ජලය පානය කිරීම
වැඩිවේලාවක් අව්වට නිරාවරණය වීම.
මේ ආකාරයට පරිස්සම් වීමත් නිවැරැදි ආහාර රටාවකට හුරුවීමත් ඔබව වාත රෝගවලින් ආරක්ෂා කරනවා ඇත.
මව්බිම පුවත්පත

No comments: