Header Ads

ඔබත් tooth pick වලින් දත් හාරනවා නම් මෙන්න මේ කරුණු ටිකත් දැනගනම ඉන්න


 ඔබත් tooth pick වලින් දත් හාරනවා නම් මෙන්න මේ කරුණු ටිකත් දැනගනම ඉන්න .

මහරගම රජයේ දන්තායතනයේ දන්ත සංරක්ෂණ විශේෂඥ වෛද්‍ය
අසංග ගුණතිලක

ඇතැම් අයගේ දන්තීනය එතරම් සංවේදී නැහැ. එවැනි අයට දත්වල කුහරයක් ඇති වුණොත් දැනීම අඩුයි. එවිට නොදැනුවත්වම දත දිරායන තෙක් දැනෙන්නේ නැහැ. ඇතැමුන්ගේ දත් දිරා යාමේ ප්‍රවනතාවය ඉක්මන් නම් ශීඝ්‍රයෙන් දත දිරයෑමට පටන් ගන්නවා. ඒ වගේම නිසි ආකාරයෙන් දත් මදින්නේ නැත්නම් මේ තත්ත්වය උදා වීමට තවත් හේතුවක්. ඊළඟ තත්ත්වය දතේ කුහරයක් ආ විට හරියාකාරව ශුද්ධ නොකර පිරවීම පමා කළොත් ඉක්මණින්ම දත දිරා යෑමට ඉඩකඩ තිබෙනවා.

දත්වල කුහර ඇති වීමට දිරා යෑම වළක්වා ගැනීමට නම් දත් නිසි ආකාරයට මැදීම. දත්වල සිර වූ ආහාර ඉවත් කිරීම නිතරම Tooth Pick  භාවිතා නොකිරීම, මාස 6කට වරක් දන්ත වෛද්‍යවරයෙකු වෙත ගොස් දත් පරීක්ෂා කර බැලීම. විශේෂයෙන් වයස්ගත වූ රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ Risk Groop එකේ සිටින උදවිය මාස 3 කට වරක්වත් දන්ත ශල්‍ය වෛද්‍යවරයා මුණගැසීමට යාම.

මේ ක්‍රම අනුගමනය කිරීමෙන් බොහෝවිට දත් දිරායාම සහ දත් කුහරවලින් වැළකී සිටීමට ඔබට පුළුවන.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි










No comments:

Powered by Blogger.