Header Ads

දේශීය පලතුරු නිතර කෑවොත් කිසිම ලෙඩක් හැදෙන්නෙ නැහැ මෙන්න මෙය අනුගමනය කරන්න ඔබට වටිනා උපදෙස් ටිකක්.


දේශීය පලතුරු නිතර කෑවොත් කිසිම ලෙඩක් හැදෙන්නෙ නැහැ මෙන්න මෙය අනුගමනය කරන්න ඔබට වටිනා උපදෙස් ටිකක්.
 


ආචාර්ය රේණුක සිල්වා පෝෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය - ව්‍යවහාරික පෝෂණ අධ්‍යයන අංශය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය


දේශීය, විදේශීය වුණත් ඕනෑම පලතුරක වැදගත්ම දෙය වෙන්නේ එය සිරුරට ලබාදෙන පෝෂණය සහ එය පරිභෝජනයට සුදුසුද යන්නයි. නමුත් දේශීය පලතුරු මෙන් නොවේ විදේශීය පලතුරු මෙරටට ආනයනය කරන විට යම් යම් අක්‍රමිකතාවලට ලක් වෙනවා. එම පලතුරු ගසෙන් කැඩීම, ඇසිරීම, ප්‍රවාහනය ආදිය සිදුවන්නේත් අපේ අනුදැනුමකින් තොරවයි. එමෙන්ම කල් තබා ගැනීමට ඛෙහෙත් විදීම, මතුපිටට රසායන ද්‍රව්‍ය ඉසීම, වැනි දෑ සිදුකරන නිසා විදේශයෙන් ගෙන්වන පලතුරු කෙරෙහි විශ්වාසයක් තබන්න බැහැ.


ලොව තිඛෙන ප්‍රŒතම පලතුර

මේ අතරින් ඕනෑම නිවෙසක සුලබව ආහාරයට ගත හැකි වරකා ප්‍රධාන තැනක් ගන්නවා. වරකා කියන්නේ ලෝකයේ තිඛෙන පලතුරු අතර ප්‍රŒතම රසයක් තිඛෙන පලතුරක්. මෙහි යම් ප්‍රමාණයකට සීනි අඩංගු වනවා. එමෙන්ම පොටෑසියම් අඩංගු වන නිසා වරකා ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය අවම කරගත හැකියි. කහ පැහැ පලතුරක් නිසා විටමින් ඒ අඩංගු වනවා. කොස්, වරකා වැනි ආහාරවලට කිසිම විටෙක කෘත්‍රිම රසායන, කෘමිනාශක ඉසින්නේ නැහැ. එම නිසා මේවා පාරිභෝජනයට හිතකරයි.


දූරියන් පොස්පරස් අධිකයි

දූරියන් කියන්නේ අධික පෝෂණ ගුණයක් අඩංගු පලතුරක්. නමුත් මෙහි තිඛෙන අධික සුවඳ නිසා මෙය බොහෝ දෙනකු අප්‍රිය කරනවා. මෙහි පොස්පරස් අධිකයි. දූරියන්වලටත් කෘමි නාශක ඉසින්නේ නැති නිසා දූරියන් පරිභෝජනයට සුදුසුයි.


දවසකට නෙල්ලි ගෙඩියක් කෑමේ ප්‍රයෝජනය

නෙල්ලි විටමින් සී අධික පලතුරක් වනවා. ඉන්දියානුවන්ගේ පිළිගැනීම අනුව දිනකට නෙල්ලි ගෙඩියක් ආහාරයට ගතහොත්, කිසි දිනක වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයකු හමුවීමට අවශ්‍ය නැහැ. ඉන් අදහස් කරන්නේ නෙල්ලි එතරම් ගුණදායක ආහාරයක් බවයි.


දිවුල්-ඛෙලි

දිවුල්, ඛෙලි යන දෙවර්ගයත් අධික ගුණ සහිත පලතුරු ලෙස හැඳින්විය හැකියි. දිවුල්වල අධික කැල්සියම් ප්‍රමාණයක් අඩංගු වනවා. ඉන් මලබද්ධය වළක්වා ආහාර ජීර්ණයද පහසු කරගන්න පුළුවන්.


ඛෙලි පංචාංගය ගුණයි

ඛෙලි පලතුරක් ලෙස ඉතාම ගුණදායකයි. සියලූ‍ අසනීප නිවාරණය සඳහා ඛෙලි ගසෙහි පංචාංගය තවමත් ගැමියන් භාවිතයට ගන්නවා. මලබද්ධය වළක්වන ඇඟ සිසිල් කරන පලතුරක් ලෙස ඛෙලි හැඳින්විය හැකියි.


පලතුරු අතර රැජන-මැංගුස්

මැංගුස්වලට පලතුරු අතර රැජන යන නමත් යෙදෙනවා. මැංගුස්වල ඇති කහට ගතිය නිසාම එහි ප්‍රතිඔක්සිකාරක ගුණයත් සහිතයි.


පේර හොඳයි කිලෝ පේර අගුණයි

පේර පලතුරත් ඉතාම ගුණදායකයි. අපේ රටේ පේර වර්ග බොහෝමයක් දැකගන්න පුළුවන්. නමුත් රසායන ද්‍රව්‍ය නොයෙදූ නිවෙස්වල, ගෙවතුවල සෑදෙන පේර වර්ග පමණක් ආහාරයට ගැනීම ඉතාම වැදගත්.කිලෝ පේර නමින් අද වෙළෙඳපොළේ බහුල ප්‍රමාණයෙන් ලොකු පේර වර්ගයට නම් කාබෝෆියුරටන් නම් රසායන ද්‍රව්‍ය යොදනවා. එය පේර ගෙඩියේ රැඳී තිබීමෙන් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකියි.


සියඹලා සිරුරට අත්‍යවශ්‍යයි

ඕනෑම කෙනකුට, පහසුවෙන්ම සපයාගත හැකි සිරුරට අවශ්‍යම පෝෂක අඩංගු පලතුරක් ලෙස සියඹලා ඉතාම ජනප්‍රියයි. සියඹලාවල විටමින් සී බහුලවම තිඛෙනවා. ඉදුණු විට සීනි අධිකයි. ඇඹුල් රස සහ කහට රසයත් තිඛෙනවා.


ලොවි-උගුරැස්ස-ලාවුළු

උගුරැස්ස සහ ලොවිවල කහට රස නිසාම ප්‍රතිඔක්සිකාරක අඩංගු වනවා. එසේම මෙහි විටමින් සී බහුලයි. එසේම ලාවුළු පිෂ්ටය අධික පලතුරක් වන අතර විටමින් ඒ බහුලව දක්නට ලැඛෙනවා.


කොට්ටම්බාවල ඔමෙගා 3

කොට්ටම්බාවල සිරුරට අවශ්‍ය ඔමෙගා 3 තෙල් අඩංගු වනවා. ඔමෙගා 3 සිරුරට අත්‍යවශ්‍යම තෙල් වර්ගයක්. මෙම මේද අම්ලය සිරුරේ නිෂ්පාදනය නොවන අතර ඒවා පිටතින් ගත යුතුයි. ඒ අනුව ඒ සඳහා කොට්ටම්බා හොඳම නිර්දේශයක්.

දෙළුම් දේශීය දෙළුම් දැන් දක්නට නොමැති අතර දැනට වෙළෙඳපොළේ බහුලවම තිඛෙන්නේ ඉන්දියාවෙන් ගෙන්වන ලද දෙළුම් පලතුරයි. දෙළුම්වල ප්‍රතිඔක්සිකාරක ගුණය අධිකව තිඛෙනවා.


පිළිකා නසන ගුණය

ඇඹරැල්ලා, කාමරංගා, කජු පුහුලන්, නාරං ඉතාම ගුණ අධික පලතුරු ලෙස හැඳින්විය හැකියි. මේ බොහෝමයක් පලතුරුවල පිළිකා වැනි භයානක රෝග සුව කිරීමේ ගුණයන් අඩංගු වනවා.






අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.