Header Ads

Here, take this to cure a number of illnesses and the amazing properties Mix the honey and cinnamon to educate you about medicine


ලෙඩ රැසක් නිට්ටාවටම සුව කර ගන්න මෙන්න මේ විශ්මිත ගුණ ඇති මී පැ‚ මිශ්‍ර කුරුඳු ඔසුව ගැන ඔබත් දැනුවත් වෙන්න




අපරදිග ජාතිකයන් ශ්‍රී ලංකාවේ නවාතැන් ලබා ගත්තේ අපේ රටේ කුළුබඩු පිළිබඳව තිබුණ විශේෂත්වය නිසයි. මේ තත්ත්වය වා‚ජ අරමුණ වලින් ඔබ්බට ගිය එකක්. ඒ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කුරුඳු මිලෙන් වගේම ඖෂධීය වටිනාකමින් ද ඉහළ බැව් මෑතකදි සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙන්වා දෙනවා දී තිඛෙනවා.


ශ්‍රී ලංකාවේ ක‍ෂභභAඵධඵඹඵ ZෑAඛAභෂක‍ඹඵ ප්‍රභේදය අලලා පකිස්ථානයේ සිදුකරන ලද අධ්‍යනය වෙනුවෙන් ඇමරිකාවේ ඛෙල්ටස්විල් මානව පෝෂණ පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය රිචඩ් ඒ ඇන්ඩර්සන් සම්බන්ධ වුණා. රුධිර ගත කොලෙස්ටරෝල් පාලනය සඳහා කුරුඳුවල අන්තර්ගත සංඝටක සමත් වෙන බව ඔහු සඳහන් කරනවා.


කැනඩාවේ ප්‍රකාශිත —වික්ලි වර්ල්ඩ් නිව්ස්˜ සඟරාව පෙන්වා දෙන අන්දමට මීපැ‚ සහ කුරුඳු කුඩු එකිනෙකට කලතා ගෙන තනා ගත් මිශ්‍රණය පාන් වැනි ආහාර සඳහා යොදා ගැනිමෙන් ධමනීන්හි මේද තැන්පත්වීම අඩු වෙන බවයි. වියපත් වෙත්ම ධමනීන්ගේ නම්‍යශීලිත්වය අඩු වෙන නිසා කිරීටක ධමනීන්ගේ අවහිරතාවයන් ඇති වෙන අතර ඒ නිසා විවිධ රෝග සංකූලතාවයන් ඇති වෙනවා. මේ තත්ත්වය මගහරවා ගැනිමට කුරුඳු, මීපැ‚ මිශ්‍රණය ඉතා ගුණදායක බව මෙම අධ්‍යනය මගින් පෙන්වා දෙනවා.


සන්ධි ඉදිමීමේ රෝගය වෙනුවෙන්ද කුරුඳු ගුණදායකයි. දිනපතාම උදය සහ හවසට මීපැ‚ මේස හැඳී දෙකක් කුරුඳු සමග පානය කිරීම ආතරයිටිස් තත්ත්වය වෙනුවෙන් ගුණදායක බව ඔවුන් පෙන්වා දෙනවා. කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ රෝගීන් 200 ක් වෙනුවෙන් මෙම කුරුඳු ප්‍රතිකාරය ලබා දුන් අතර දෙසතියක් තුළ කුරුඳු කුඩු පානයෙන් මුත්‍රාශය සහ පිත්තාශය ආශ්‍රිත විෂබිජ විනාශ වෙන බවත් පර්යේෂකයන් පෙන්වා දෙනවා.


රුධිරගත කොලස්ටරෝල් පාලනය සඳහා කුරුඳු කුඩු තේ හැන්දක් මීපැ‚ තේ හැඳී පහක් සමඟ කලවම් කොට වතුර මිලිලීටර් 750 කට කලවම් කර පානය කිරිම ගුණදායක බවත් මෙම අධ්‍යනය මගින් පෙන්වා දෙනවා. කුරුඳු කුඩු මීපැ‚ සමඟ කලවම් කර ආහාරයට ගැනිමෙන් ආමාශගත තුවාලවලට ගුණදායක බව ඉන්දියාවේ සහ ජපානයේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා.


සමේ දද කුෂ්ට වෙනුවෙන් කුරුඳු කුඩු සහ මීපැ‚ සමාන පංගුවලින් අඹරා ආලේප කිරිමෙන් ගුණ ලබා දෙන බවත් ආහාර ජිරණය පහසු කර ගැනිම වෙනුවෙන් මීපැ‚ මේස හැඳී දෙකකට කුරුඳු කුඩු මිශ්‍රකර ආහාරයට පෙර අනුභව කළ විට දිරවීමේ අපහසුතාවයන් මග හැරෙන බවත් නවතම අධ්‍යනයන් මඟින් හඳුනා ගෙන තිඛෙනවා.


පුන්‍යා චාන්දනි ද සිල්වා
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.