වකුගඩු රැකගන්න ඔබත් මෙන්න මේ පියවරවල් ටික නිසි විදියට කරන්න.වකුගඩු රෝගය මාරාන්තිකයි.

අපගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියකින්ම සිදුවන සේවාවක් ඇත. මෙම ඉන්ද්‍රියන් නිරෝගීව ක්‍රියාකරන විට අපට ඒවායේ වටිනාකම හරිහැටි වැටහෙන්නේ නැත. නමුත් යම් මොහොතක අපගේ ශරීරයේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ ගැටලුවක් මතුවූ විට අපට අපගේ ශරීරයේ ඇති වටිනාකම අවබෝධ වේ. වකුගඩුද එවැනි ඉතා වටිනා ඉන්ද්‍රියකි. එහි අගය දැනෙන්නේ වකුගඩු අක්‍රියව දුක්‌වේදනා විඳින විටදීය. වකුගඩු අක්‍රියව අලුතින් වකුගඩුවක් බද්ධ කිරීමට හෝ රුධිර පිරිසිදු කිරීමකට ලක්‌වීම සඳහා යොමුවීම දක්‌වා වූ බරපතළ තත්ත්වයන්ට පත්වීමට පෙර අපට වකුගඩු රැක ගැනීම සඳහා පියවර ගත නොහැකිද? මේ සම්බන්ධව අප විමසා බැලිය යුතුමය.
වර්තමානයේ අපට හමුවන බහුතරයක් වූ වකුගඩු රෝගීන් වකුගඩු ක්‍රියාකාරීත්වය අඩු වීම දීර්ඝ කාලීනව පවතින (Cයරදබසජ ණසාබැහ Dසිease) පුද්ගලයන්ය. එනිසා අප නිවැරැදි සෞඛ්‍ය පුරුදුවල නිරත වුවහොත් වකුගඩු අක්‍රිය වීමේ තත්ත්වය වළක්‌වාගත හැකිය.
වකුගඩුවක ක්‍රියාකාරීත්වය
අප ශරීරයේ පිහිටා ඇති වකුගඩුවක සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වනුයේ ශරීරයේ ඇති විෂද්‍රව්‍ය මුත්‍රා මගින් පිටකිරීමය.
ශරීරයට ඇතුළුවන විෂ ලෙස සරලව හඳුන්වන්නේ අධික ලෙස කැල්සියම්, සෝඩියම්, ක්‌ලෝරීන් පොස්‌පරස් ආදී ලවන ද්‍රව්‍ය අධික ලෙස ශරීරගත වීමය. මේවා අප ගනු ලබන ආහාරපාන මගින් ශරීරයට එක්‌වේ.
වකුගඩුව මගින් සිදුකරන්නේ ශරීරයේ ලවන සමතුලිතභාවය පාලනය කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමය.
සාමාන්‍යයෙන් නිරෝගී වකුගඩුවකින් විනාඩියකට ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය මිලි ලීටර 60 ක් පෙරීයයි.
මෙලෙස පෙරී යන ද්‍රව්‍ය තුළ ඇත්තේ ජලය දියවූ ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, යූරියා ආදියයි.
වකුගඩුවකින් පෙරනු ලබන විෂ තුළ ප්‍රොaටීන් හෝ සෛල තිබිය නොහැකිය. එසේ තිබේ නම් වකුගඩුවේ යම් අක්‍රිය බවක් ඇති බව වෛද්‍ය මතයයි.
වකුගඩු මගින් පෙරනු ලබන විෂද්‍රව්‍ය ප්‍රමාණයවන විනාඩියකට මිලි ලීටර් 60 ක ප්‍රමාණය යම් අඩුවක් පවතීනම් එයත් අවධානය යොමුකළ යුතුය. මෙය මාස තුනකට වැඩි කාලයක් පැවතීම යනු දීර්ඝ කාලීන වකුගඩු ආබාධයක ලක්‍ෂණයකි.
සාමාන්‍යයෙන් ශරීරයට වෛරස් ආසාදනයක් ඇතිවූ විට වකුගඩුවෙන් පෙරනු ලබන විෂද්‍රව්‍ය ප්‍රමාණයේ අඩුවීමක් ඇතිවේ. එය රෝගය සුව වූ විට යළි සාමාන්‍ය තත්ත්වයට පත්වේ.
වකුගඩු අක්‍රියවීමට බලපාන සාධක
වර්තමානයේ අප බොහෝ දෙනා පවසන්නේ ජලයට මිශ්‍ර වී ඇති ආසනික්, පොස්‌පේට් වැනි විෂ රසායන ද්‍රව්‍ය නිසා සිදුවන වකුගඩු අක්‍රියවීම ගැනය. නමුත් වකුගඩු අක්‍රියවීමට බලපාන ප්‍රධානම සාධක වන දීර්ඝ කාලීනව පවතින දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, අධික තරබාරුව ගැන එතරම් සැලකිලිමත් බවක් දක්‌වන්නේ නැත. දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වකුගඩු අක්‍රියවීමට ඉතා දරුණු ලෙස බලපාන සාධක දෙකකි.
වකුගඩු අක්‍රියවීමට බලපාන අනෙකුත් කරුණු අතර වකුගඩු ආශ්‍රිතව ඇතිවන රෝග පිළිකා, වකුගඩුහි මතුවන ගල්, හෙපටයිටීස් ‘එච්’ සහ ‘සී’ විවිධ රෝග සඳහා දීර්ඝ කාලීනව ගනු ලබන ඖෂධ, පරම්පරාව බලපෑම, රසායන ද්‍රව්‍යවලට නිතර මුහුණ දීම නිතර ඇතිවන මුත්‍රා ආසාදන ආදියත් බලපානු ලබයි.
වකුගඩු රෝගයේ මතුවන ලක්‍ෂණ
ශරීරය ඉදිමුමට ලක්‌වේ. විශේෂයෙන් දෙපා ඉදිමේ. ඉදිමුමට ලක්‌ව ඇති ශරීරයේ ස්‌ථාන ඇඟිල්ලෙන් තද කළ විට ඇතුළට යයි. නමුත් යළි එය එළියට පැමිණ සාමාන්‍ය තත්ත්වයට පත් නොවේ.
රුධිර පීඩනය ඉහළ යයි. මුත්‍රාවල ආම්ලිකතාවය වැඩිවේ.
ශරීරය නීරත්තියට පත්වේ. කුඩා තුවාලයක් ඇති වුවද අධිකව රුධිරය පිටවේ. නිතර ආසාදන රෝගවලට ලක්‌වේ.
හෘදය ආශ්‍රිත රෝගාබාධ මතුවේ. ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වේ. පැරුතයිරොයිඩ් ප්‍රමාණය අඩුවේ.
නිතර බඩවැල් ආශ්‍රිත රෝග හටගනී. ස්‌නායු ගැටලු මතුවේ. හුස්‌ම ගැනීමේ අපහසුතා හටගනී.
වකුගඩු රෝගියකු සැලකිය යුතු කරුණු
කිසියම් පුද්ගලයකු වකුගඩු රෝගයකට ලක්‌ව ඇතැයි හඳුනාගත් පසු එම පුද්ගලයා නිසි වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළහොත් වකුගඩු බද්ධ කිරීම දක්‌වා වූ දරුණු තත්ත්වයට පත්නොවී සිටිය හැකිය. එහිදී පළමුව රෝගයට හේතුවූ කරුණු නිසි වෛද්‍ය පරීක්‍ෂණවලට ලක්‌ව හඳුනා ගත යුතුය.
අධි රුධිර පීඩනය සහ කොලෙස්‌ටරෝල් පාලනය සඳහා නිසි ඖෂධ ලබාගත යුතුය.
නීරක්‌තිය පාලනය සඳහා ඖෂධ ගත යුතුය.
පොස්‌පේට් පාලනය සඳහා ඖෂධ ලබාගත යුතුය. විජලනයට පත්වීම වළක්‌වා ගත යුතුයි. එහිදී අදාළ වකුගඩු රෝගියා දිනකට ගතයුතු ජලය ප්‍රමාණය නිසි වෛද්‍ය පරීක්‍ෂාවකින් පසු තීරණය කරනු ලබයි.
පලතුරු වර්ග ආහාරයට ගැනීම, තැඹිලි වතුර පානය, තක්‌කාලි, කොළ පැහැති එළවලු ආදිය ආහාරයට ගැනීම සීමා කළ යුතුය. එය වෛද්‍ය උපදෙස් මත සිදුකළ යුතුයි.
මාලිගාවත්ත ජාතික වෘක්‌තවේද රුධිර කාන්දු කරන සහ
බද්ධ කිරීමේ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සුරංග දොලමුල්ල
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: