Header Ads

මව්කුස තුල සිටින දරුවාගේ ආබාධ සොයා දෙන පරික්ෂණය ගැන ඔබ මේ කරුණු දන්නවාද?


මව්කුස තුල සිටින දරුවාගේ ආබාධ සොයා දෙන පරික්ෂණය ගැන ඔබ මේ කරුණු දන්නවාද?


එනම් ඩවුන් සින්ඩ්‍රෝම් වැනි දරුවන් කුසතුල සිටින්නේද යන්න සොයා ගැනීම සදහා මෙම පරීක්ෂණය යොදා ගැනේ.මෙහිදී සිදුකෙරෙන්නේ වැදෑමහෙන් සෛල සවල්පයක් ලබා ගෙන වර්ණදේහ විකෘතිතා ඇත්දැයි පරීක්ෂා කෙරේ.මෙය C.V.S. (Chronic Villas Sampling) ලෙස හැදින්වේ. Altra Sound Scan ඇසුරින් මවගේ උදරය තුළින් ගර්භාෂය තුලටත් ගර්භාෂය හරහා වැදෑමහටත් ඉදිකටුව යවා වැදෑමහෙන් සෛල ස්වල්පයක් ලබාගනී.වැදෑමහේ තිබෙන්නේද කලලයේ සෛල සංයුතියමය.එමසෛල වල ඩවුන් සින්ඩ්‍රෝම් තිබේදැයි පරීක්ෂා කරයි.මෙම පරික්ෂණය සිදුකරන්නේ ගැබට සති 11 ක් පිරුණු පසුවය.

කලලාවාරික තරල පරීක්ෂාව

මෙහිදී ද CVS පරීක්ෂණයේ දීමෙන් Altra Sound Scan ඇසුරින් සිහින් ඉදිකටුවක් උදරය හරහා ගර්භාෂයට යවා කලලය අවට තරලයෙක් ස්වල්පයක් ලබාගෙන එහි ඇති සෛල පරීක්ෂා කර වර්ණදේහ විකෘතිතා ඇත්දැයි පරීක්ෂා කෙරේ.මෙම පරීක්ෂණයෙන් ඩවුන් සින්ඩෝම්ි දරුවන් ඉපදීමට පෙරම හදුනාගත හැකිය.මෙම පරීක්ෂණය සිදුකරන්නේ ගැබට සති 15 ක් පිරැණු පසුවය.කෙසේ නමුත් මෙම පරීක්ෂණ අවධානම් තත්වයේ සිටින මව්වරුන්ට සුදුසු නොවේ.වයස අවුරුදු 35 ට වැඩි මව්වරුන්ට මෙම පරීක්ෂණය විශේෂය.

ගැබිනි කාලයේ බඩ දැවිල්ල ඇතිවන්නේ ඇයි ?

ගර්භනී මුල් අවධියේ කාන්තාවන්ට බඩේ දැවිල්ල තදින් ඇත් විය හැකිය.මෙය ගැස්යිටීස් නිසා ඇති වන්නකි.ඊට හේතුව සාමාන්‍යයයෙන් ගැබිනියකගේ ආමාෂයේ ආම්ලිකතාව වැඩිවීමයි.මේ කාලයේ නිසි පරිදි ආහාර නොගතහොත් මෙම ආම්ලිකතාව තව තවත් වැඩිවේ.

ගර්භාෂය ක්‍රම ක්‍රමයෙන් මෝරන විට ආමාෂයේ පවතින මෙම ආම්ලිකතාවය ගලනාලයට ද පැතිරිය හැකිය.එවිට සිදුවන්නේ බඩ දැවිල්ල තව තවත් වැඩිවිමයි.මේ නිසා ගර්භනී මව නිසිවේලාවට කෑම ගැනීම ඉතා වැදගත්ය.වමනය හෝ අප්‍රිය ගතිය තිබුණද නිසි පරිදි කෑම ගත යුතුය.මෙහිදී වැඩිපුර මිරිස් යෙදු කෑම නොගත යුතුය.නිතර සුළු ප්‍රමාණ වලිනි කිරි පානය කළ යුතුය.මේ නිසා ආම්ලික තත්ත්වය මගහැරී යයි.බඩ දැවිල්ල ඇති විටක කෑම ගත් විගස නිදාගැනීමෙන් වැළකිය යුතුය.කෙතරම් අපහසු වුවද මද වේලාවක් ඇවිදීමත් වාඩිවී සිටීමත් ඉතාම යෝග්‍යය වේ.එසේ කළද බඩ දැවිල්ල අඩු නොවිනි නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

ගැබිණි මවට බලපාන රක්තහීනතාවය

රක්තහීනතාවය යනු යකඩ හිගකමයි.මෙය ලාංකික කාන්තාවන් බොහෝ දෙනෙක් අතර පවතින රෝගයකි.කාන්තාවක් මවක් වු පසු ඇගේ යකඩ අවශ්‍යතාවය වැඩිවේ.එය සාමාන්‍යයෙන් තිබුණට වඩා 50 ගුණයකින් පමණ වර්ධනයවේ.යකඩ වැඩෙන කලලයේ හා වැදෑමහේ වර්ධනයට උපකාරී වේ.ගර්භනී කාන්තාව මාස 4,5,6 හෝ 7,8,9 යන කාල වලදී යකඩ ඌනතාවයකට මුහුණ පෑවොත් රක්තහීනතාවයට ගෙදුරු වීමට අවකාශ තිබේ.

උදෑසන අපහසුතා වැඩිනම් නිතර නිතර වමනය යන විට යකඩ හිගකමක් ඇති විය හැකිය.එමෙන්ම ළග ළග ගැබ් ගැනීම නිසා මෙම යකඩ හිගකම දෙගුණ තෙගුණ විය හැකිය.මේ නිසා ගැබිනි සමයේ යකඩ 18-27 g ක ප්‍රමාණයක් අවශ්‍යවේ.මෙම ප්‍රමාණය ආහාර වලින් පමණක් ලබා ගැනීම අසීරු වන හෙයින් මේ වන විට ගැබිණි කාන්තාවන්ට යකඩ පෙත්තක් දිනපතා ගැනීමට දෙයි.මෙම එක පෙත්තක යකඩ 300 mg අඩංගුවේ.ෆෝලික් අම්ලය හෝ විටමින් B/R ප්‍රමාණවත් පරිදි නොලැබීම ද අධික රුධිර ප්‍රමාණයක් වහනය වීම නිසාද යකඩ හිගකමක් ඇතිවේ.යකඩ ඌනතාවයේ ලක්ෂණ ලෙස නිය සුදුමැලි වීම,වේගයෙන් හෘද ස්පන්දනය වීම,හිසරදය,හුස්ම ගැනීමට අසීරු වීම ආදිය දැක්විය හැකිය.

සුළු වශයෙන් හට ගන්නා වෙහෙස ,නිදිමත ආදිය ගර්භනී කාලයට පොදු නිසා මුල් කාලයේදී මෙය හදුනා ගැනීම තරමක් අපහසුය.සිරුරට යකඩ හොදින් අවශෝසනය වීමට හිස්බඩ වතුර වීදුරුවක් පානය කළ යුතුය.මේ සදහා දොඩම් යුෂ පානය කිරීමට හැකිනම් එය වඩාත් යෝග්‍ය වේ.එමෙන්ම පලා වර්ග සාදා ගැනීමේ දී දෙහි යුෂ එක් කිරීම ද හොදය.රක්තහීනතාවය වැළදී සිටින මව්වරුන්ට නියම කර ඇති 60-120 mg අඩංගු යකඩ පෙති ගැනීම වෛද්‍ය උපදෙස් මත නියමාකාරයෙන් ගත යුතුය.

ගැබිණි සමයේ රක්තහීනතාවයට නියමාකාර‍යෙන් පිළියම් නොකළහොත් නිසි කලට පෙර දරුවා ඉපදීම,අඩු බර දරු උපත් සිදුවීම,මළදරු උපත් ආදිය සිදුවිය හැක.එමෙන්ම ප්‍රසූතියෙන් පසු විෂාදය වැනි රෝගී තත්වයන් ද ඇතිවිය හැකිය.මේ නිසා රක්තහීනතාවය වැළදීම වැළැක්වීමට අවශ්‍ය උපදෙස් පිළිපැදිය යුතුය.

 අතර්ජාලයෙන් උපුටා ගැනීමකි






      

No comments:

Powered by Blogger.