සමේ රෝග නැති කරගන්න ගෙන්දගම් වලින් මෙන්න මේ අත් බෙහෙත් ඔබත් හදාගන්න.

ආයුර්වේදය යන නාමය සිතට නැඟෙත්ම බොහෝ දෙනකුට හැඟෙනුයේ එය ශාක සාරයෙන් පමණක් ඔෟෂධ නිපදවන ලද දේශීය වෛද්‍ය ක්‍රමයක් බවයි. එහෙත් දේශීය ආයුර්වේදයේදී නිපදවන ඇතැම් ඔෟෂධ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එය හුදු මතයක්ම පමණක් බව කාටත් හැඟේ. දේශීය ශාක පත්‍ර, ඵල, දඬු, පොතු, මුල්, බීජ ආදියෙන් පමණක් නොව ඇතැම් ඛනිජ ද්‍රව්‍යයන් භාවිතයෙන් පවා විස්මිත ඔෟෂධ නිෂ්පාදනය කිරීමේ මහඟු ක්‍රියාවලියක් අප දේශීය ආයුර්වේද ශාස්ත්‍රය තුළ පවතී. ආයුර්වේදයේදී එය රස වෛද්‍ය ශාස්ත්‍රය ලෙස හැඳින්වේ. මිහිතලයෙන් ලබා ගන්නා ඇතැම් ඛනිජ ද්‍රව්‍යයන්ගෙන් පවා පුද්ගලයාට වැලැඳී ඇති විවිධ රෝග නසන විස්මිත ඔෟෂධ නිෂ්පාදනය කිරීමේ අද්විතීය ක්‍රමවේදයක් දේශීය ආයුර්වේදයේ පවතී.

මිහිතලයෙන් ලබාගන්නා ඛනිජමය ද්‍රව්‍යයන්ගෙන් පවා ගුණදායී ඔෟෂධ නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාජගිරියේ පිහිටා ඇති දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය සුපසන් නාමයක් දිනාගෙන පවතී. එම දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේයෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මිය දේශීය වෛද්‍ය විද්‍යාවේ විවිධ ඉසව් ඔස්සේ ඔෟෂධ නිෂ්පාදනය කරමින් අප්‍රමාණ සිසුන් පිරිසකට ආයුර්වේද දැනුම ලබාදෙමින් පසුවන්නීය. දේශීය වෛද්‍ය විද්‍යාවේ එක් පැතිකඩක් වන රස චිකිත්සාවේදී ඛනිජ ද්‍රව්‍ය භාවිතයෙන් නිපදවන ඔෟෂධ අතර අද්විතීය ස්ථානයක් ගන්නා 'ගෙන්දගම්' රෝග රැසකට ගුණ දෙන ඔෟෂධයකි. ගෙන්දගම් තුළ පවතින විස මකා එමඟින් විවිධ රෝගවලට ගුණදෙන ඔෟෂධ නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව ජේයෂ්ඨ කථිකාචාරිනි හැරපත්දෙණිය මහත්මිය 'මව්බිම'ට මෙසේ පැවැසුවාය.
”අපේ දේශීය ආයුර්වේදයේදී ගෙන්දගම් කියන්නේ රෝග රැසකට ගුණයක් ලබා දෙන වටිනා ඔෟෂධයක්. බොහෝ දෙනෙක් හිතන්නේ ආයුර්වේදය කියන්නේ ශාකසාර භාවිතයෙන් පමණක් ඔෟෂධ නිෂ්පාදනය කරන ශාස්ත්‍රයක් කියලා. නමුත් ආයුර්වේදය කියන්නේ ඉන් ඔබ්බට ගිය දෙයක්.”
”ආයුර්වේදයේ රස චිකිත්සාව කියලා වෙනම ක්ෂේත්‍රයක් තිබෙනවා. එහිදී අපි කරන්නේ ඛනිජ ද්‍රව්‍ය භාවිතයෙන් ඔෟෂධ නිෂ්පාදනය කිරීම. ඒ ඛනිජ ද්‍රව්‍ය අතර ගෙන්දගම් කියන්නේ ඉතා විස්මිත ඔෟෂධ නිෂ්පාදනය කරන තවත් එක් ද්‍රව්‍යයක්. ගෙන්දගම් කියන්නේ උෂ්ණ පරිසරවල පොළොවේ හටගන්නා ද්‍රව්‍යයක්. ගිනි කඳු ආශි්‍රතවත්, උණු දිය උල්පත් ආශි්‍රතවත් ගෙන්දගම් හටගන්නවා. ලංකාවේ කොහේවත් ගෙන්දගම් හටනොගත්තත් ඔෟෂධ නිෂ්පාදනය සඳහා විදේශවලින් ගෙන්දගම් මෙරටට ගෙන්වනවා. ඇමෙරිකාව, ස්පාඤ්ඤය, කැනඩාව, ජපානය, සෝවියට් රුසියාව ගෙන්දගම් උපදින ප්‍රමුඛ පෙළේ රටවල් කිහිපයක්.”
කහ, රතු, කළු සහ සුදු පැහැයෙන් ගෙන්දගම් වර්ග හතරක් පවතින අතර දේශීය චිකිත්සාවේදී එය හෙල්ලික්කා ගෙන්දගම්, වෙඩි ගෙන්දගම්, ගෞරි ගෙන්දගම් යන නාමයන්ගෙන් වර්ග කරනු ලැබ තිබේ. දේශීය වෙදකමේදී රෝග රැසකට ගුණදෙන ඔෟෂධ නිෂ්පාදනය කිරීම සඳහා ඉන් යොදාගන්නේ කහ පැහැති වර්ණයෙන් සමන්විත හෙල්ලික්කා ගෙන්දගම් වර්ගය බව ජේයෂ්ඨ කථිකාචාර්යවරිය පැවැසුවාය.
”රස ශාස්ත්‍රයේදී ගෙන්දගම් අයත් වෙන්නේ උප රස ගණයට. ආයුර්වේදයේදී මෙම ඔෟෂධය කුෂ්ඨාරී, පාමාරී, ගෞරි පුෂ්ප, බලිවසා, ශුල්වාරි යන නම්වලිනුත් හඳුන්වනවා. මේ හැම නමක්ම භාවිත කරන්නේ යම් කිසි අර්ථයක් ගෙන දෙන්න. ශුල්වාරි කියන්නේ තඹවලට සතුරු කියන අදහස. කුෂ්ඨාරි කියන්නේ කුෂ්ඨ නැසීමේ විශේෂ හැකියාවක් ඇතැයි කියන අදහස.
ගෙන්දගම් මඟින් නිෂ්පාදනය කරන ඔෟෂධ භාවිතයෙන් ශරීරයේ හටගත් ඕනෑම කුෂ්ඨ රෝගයක් සුව කිරීමේ විශේෂ හැකියාවක් පවතිනවා. ඒ පමණක් නෙවෙයි හොරි, දද, හන්දිපත් වේදනා, හන්දි ඉදිමුම, පණුහොරි, දියවැඩියාව, පෙණහලු ආශි්‍රත රෝග සහ ශරීරය දිරාපත් වීම වගේ රෝග වැලඳී ඇති අයට ගෙන්දගම් මඟින් සාදාගත් ඔෟෂධ හොඳ ප්‍රතිකර්මයක්.”
හැරපත්දෙණිය මහත්මිය පවසන පරිදි ඉහත රෝග පීඩාවන්ගෙන් පෙළෙන ඕනෑම පුද්ගලයකුට ගෙන්දගම් මඟින් නිසියාකාරව සාදාගන්නා ලද ඔෟෂධ භාවිත කිරීමෙන් විශේෂ සුවයක් ලද හැකිය. මෙහිදී ඔබ කළ යුත්තේ කහ පැහැති ගෙන්දගම් ස්වල්පයක් ගෙන අප සඳහන් කරන පරිදි නිසියාකාරව ශෝධනයක් කොට, ඒ ඒ ඔෟෂධ සාදා ගැනීමයි. මෙය අධ්‍යයනය කිරීම මඟින් ඉහත සඳහන් රෝග පීඩාවන්ගෙන් අත්මිදීම සඳහා ඔබට නිවෙසේදීම ගෙන්දගම් ඔෟෂධ පිළියෙල කර ගත හැකිය.
”සෑම ඔෟෂධයක්ම නිෂ්පාදනය කරන්නට ප්‍රථමව අපි යොදාගන්නා හෙල්ලික්කා ගෙන්දගම් විශේෂ ශෝධනයකට ලක් කරනවා. ශෝධනය ක්‍රම දෙකක් ඔස්සේ සිදුකළ හැකියි. ගෙන්දගම් ස්වල්පයක් නම් සුළු පරිමාණ ශෝධනයටත්, වැඩි ප්‍රමාණයක් නම් මහා පරිමාණ ශෝධනයටත් ලක් කරන්න ඕන. ගෙන්දගම් භාවිතයෙන් ඕනෑම ඔෟෂධයක් නිෂ්පාදනය කරන්නේ මේ ක්‍රම දෙකෙන් එකකට ශෝධනය කිරීමෙන් පසුව.
සුළු පරිමාණ ශෝධනය කරන්නේ මෙහෙමයි. භාජනයකට එළකිරි ස්වල්පයක් දාලා එළඟිතෙල් ගෑ රෙදි කැබැල්ලකින් එහි කට වහනවා. ඉන් පසු ගෙන්දගම් ස්වල්පයක් කුඩු කරලා හැන්දකට දාලා එළඟිතෙල් සමඟ මිශ්‍ර කරලා හැන්ද මතුපිට රත් කරනවා. එසේ රත් කළ ගෙන්දගම් භාජනය මතුපිට එලූ එළඟිතෙල් රෙදි කැබැල්ලකට දමනවා. එයින් පෙරෙන ගෙන්දගම් පතිත වෙන්නේ භාජනයේ එළකිරට. නැවතත් එළකිරි බඳුනට වැටුණ ගෙන්දගම් ස්වල්පය අරගෙන බඳුනේ එළකිරි සහ එළඟිතෙල් රෙදි කඩ ඉවත් කරලා නැවතත් එය අලුත් කරනවා. ඒ ආකාරයෙන් හත් වාරයක් පෙරීමෙන් ගෙන්දගම් සුළු පරිමාණ ශෝධනයකට ලක් කරන්න පුළුවන්. ඉන්පසු හත් වරක් ශෝධනයට ලක් කර අවසන් වූ ගෙන්දගම් වලින් පෙර සඳහන් රෝගවලට ගුණ දෙන ඔෟෂධ නිෂ්පාදනය කරන්න ගන්න පුළුවන්.
අනෙක් ශෝධනය තමයි මහා පරිමාණ ශෝධනය. ගෙන්දගම් ගොඩාක් ශෝධනය කරන අවස්ථාවකදී මේ ක්‍රමය භාවිත කිරීම සුදුසුයි. එහිදී මුලින්ම කරන්නේ ලොකු මුට්ටියක් අරගෙන මුට්ටියට එළකිරි අඩක් පමණ දාලා මුට්ටියේ කට එළිඟිතෙල් ආලේපිත රෙදි කැබැල්ලකින් ගැට ගැසීම. ඒ රෙදි කැබැල්ල මතුපිටට සියුම් ලෙස කුඩුකර ගත් ගෙන්දගම් දමා තවත් මුට්ටියකින් ඒ මුට්ටියේ කට වහනවා. හුමාලය නොයන්න මැටිවලින් මුට්ටි දෙකේම කට සීල් කරන්න ඕන. ඉන් පසු පොළොවේ වළක් හාරලා එළකිරි සහ ගෙන්දගම් තැන්පත් කොටස පොළොවේ ඇතුළට වෙන්න වළේ ගිල්වලා උඩ (වසන ලද මුට්ටියේ මුදුනත) ගිනි දල්වලා රත්වෙන්න ඉඩ හරිනවා. ඊට පස්සේ ගෙන්දගම් දියවෙලා එළකිරට පෙරීමෙන් ශෝධනයට ලක්වෙනවා. ඒ ශෝධනයත් අලුත් එළකිරෙන් සහ අලුත් එළිඟිතෙල් රෙදි කඩින් තෙවරක් නැවත නැවත අලුත් කර කර ශෝධනය කළ යුතුයි.”
ජේයෂ්ඨ කථිකාචාර්යවරිය පවසන ආකාරයට එම ශෝධන ද්විත්වයෙන් එකක් හෝ නොකොට ගෙන්දගම් ඔෟෂධ නිෂ්පාදනය කිරීම අහිතකර. එබැවින් ගෙන්දගම් තුළ පවතින මඟහැරීමට නම් සුළු පරිමාණ ශෝධනය හෝ මහා පරිමාණ ශෝධනය කළ යුතුම. එම ශෝධනයන් දෙකටම අවශ්‍ය ද්‍රාවණය එළකිරි වුවද එළකිරි වෙනුවට කීකිරිඳිය කොළ ඉස්මද යොදා ගැනීම සුදුසු බව හැරපත්දෙණිය මහත්මිය පවසන්නීය.
”ඒ ආකාරයට ශෝධනය කරගත් ගෙන්දගම් මඟින් ශරීරයේ බාහිර රෝගවලටත්, අභ්‍යන්තර රෝගවලටත් සුවතාව ලබා දෙන ගුණදායී ඔෟෂධ අපි නිෂ්පාදනය කරනවා. ඒ විදියට ශෝධනය කරගත් ගෙන්දගම් උණු කරලා රෙදි කැබැල්ලක ආලේප කරලා හන්දිපත් අමාරුව තිබෙන රෝගීන්ගේ වේදනාව ඇති හන්දිපත්වල බඳින්න. හන්දි ඉදිමුම, හන්දි රත් පැහැ ගැන්වීම ආදී රෝගවලට එය හොඳ වේදනා නාශක ඔසුවක්.
ඒ වගේම තමයි අද බොහෝ දෙනකුට සම මතුපිට පීඩා ගෙනදෙන රෝග රැසක් පවතිනවා. කුෂ්ඨ රෝග, හොරි, දද, පණු හොරි, ඇඟිලි කරු පැසවීම ආදී රෝග රැසකට සුවය ලබාදෙන සුවිශේෂ ඔෟෂධයක් අපි ගෙන්දගම් මඟින් නිෂ්පාදනය කරනවා. එහි නම ”ගන්ධක ධෘති” ඕනෑම පුද්ගලයකුට මේ බෙහෙත ගෙදරදීම සාදාගන්න පුළුවන්. ප්‍රථමයෙන්ම කළ යුත්තේ ශෝධනය කරගත් ගෙන්දගම් කොටසක් අරගෙන බඳුනකට දමා ඒ කොටස වගේ තල තෙල් පස් ගුණයක් මිශ්‍ර කොට හොඳින් ළිපේ රත් කිරීම. මඳක් රත්වෙන කොට ඔෟෂධය තේ කහට පැහැයක් ගන්නවා. එයින් බිඳක් අරගෙන වතුරට දමන්න. ඔෟෂධ බින්දුව වතුරේ විසිරෙන්නේ නැතිනම් ඒක තමයි පදම. ඉන්පසු ළිපෙන් බා රස්නය නිවුණු පසු වරින් වර හම මතු පිට දද, කුෂ්ඨ ආදී පැසවන හොරි, බිබිලිවල ඒ ඔෟෂධය ආලේප කිරීමෙන් සම්පූර්ණ සුවයක් ලබන්න පුළුවන්.
ගෙන්දගම් ඔෟෂධය කුෂ්ඨ රෝග සුව කිරීම සඳහාම පමණක් නොව දියවැඩියාව, පෙණහලු ආශි්‍රත රෝගවලටද හොඳ ඔෟෂධයක් බව පර්යේෂණ මට්ටමෙන් පවා තහවුරු වී තිබේ. ජේයෂ්ඨ කථිකාචාර්යවරිය පවසන පරිදි දියවැඩියාව රෝගයෙන් සහ පෙණහලු ආශි්‍රත රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන්ටත් දිරාපත්වන රෝගීන්ටත් එම තත්ත්වයන්ගෙන් මිදී නිරෝගී ජීවිතයක් ලැබීම සඳහා ගෙන්දගම් භාවිතයෙන් අද්විතීය ඔෟෂධයක් නිෂ්පාදනය කරනු ලබයි. එම ඔෟෂධයද නිවෙසේදීම ඔබට පිළියෙල කරගත හැකි ආකාරය පිළිබඳව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.
”පෙණහලු ආශි්‍රත රෝග, දියවැඩියාව, ශරීරය දිරාපත්වීම වැනි රෝගවලින් පීඩා විඳින අයට ”ගන්ධක රසායනය” හො½ද ඔෟෂධයක්. එය සාදාගන්නේ මෙහෙමයි. ශෝධනය කරන ලද ගෙන්දගම් ස්වල්පයක් අරගෙන එළකිරි සමඟ මිශ්‍ර කර තුන්වරක් අඹරා ගත යුතුයි. ඉන්පසු කුරුඳු, එනසාල්, කොල්ලන් කොළ, නාමල් රේණු, රසකිඳ ඉස්ම, නෙල්ලි, අරළු, බුළු, ඉඟුරු, කීකිරිඳිය ඉස්ම තියෙන ඔෟෂධ දහය අරගෙන එකකින් අටවාරය බැගින් ගෙන්දගම් ස්වල්පය අඹරාගත යුතුයි. ඔෟෂධ සියල්ලම සමඟ හොඳින් අඹරාගත් ගෙන්දගම් හොඳට වියළාගෙන එයට සමාන ප්‍රමාණයක් වන පරිදි සීනි මිශ්‍ර කරලා කුඩා ගුළි හදාගන්න. එසේ සාදාගත් බෙහෙතෙන් ග්‍රෑම් 60ත් 120ත් අතර ප්‍රමාණයක් දිනකට ආහාරයට ගැනීමෙන් දියවැඩියාව, පෙණහලු ආශි්‍රත රෝග, සුවකරගන්නට ඔබට පුළුවන්. ඒ වගේම ශරීරයේ අප්‍රාණිකත්වය දුරලා සප්‍රාණික සුවයක් ලැබීමටත් ගන්ධක රසායනය හොඳ ඔෟෂධයක්....”
යමෙකු නිරෝගී බව පතා ගෙන්දගම් ඔෟෂධය භාවිත කරන්නේ නම් යම්කිසි පැවතුම් රටාවකටද අවනත විය යුතු බව ජේයෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය.
”ගෙන්දගම් අඩංගු බෙහෙතක් කිසිවකු හෝ ගන්නව නම් ලුණු සහ ඇඹුල් කෑම අඩු කරන්න ඕන. හැකි තරම් වතුර බොන්න. ඒ වගේම මත්පැන් පානය සිදු නොකළ යුතුයි. මිරිස් තුනපහ අධික ලෙස දැමූ ආහාර ගැනීමෙනුත් වැළකීම වැදගත් වෙනවා. ඔෟෂධය ගත් මොහොතේ සිටම හැකි තරම් සිසිල් වතුර පානය කරන්න. පලතුරු යුෂ පානය කරන්න. බෙහෙත ගුණදීමට එය වැදගත්. ඒ වගේම ඇල්වතුරෙන් ස්නානය කරන්න. අව්වේ ගැවසීම ඒ තරම් සුදුසු නෑ. මේ ක්‍රමවේදයෙන් තොරව ගෙන්දගම් ඔෟෂධ භාවිත කළොත් කැරකිල්ල, මුත්‍රා දැවිල්ල, බඩ දැවිල්ල වගේ අතුරු රෝගාබාධවලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ නිසා වැලඳුණු රෝගය සුවපත් කර ගැනීමට ගෙන්දගම් ඔෟෂධ භාවිත කරනවා වගේම වෙනත් රෝග වැලැඳීමට ඇති අවදානමත් අප විසින්ම මඟ හරවා ගත යුතුයි.”
රස ශාස්ත්‍රයේ ප්‍රමුඛ පෙළේ ඔෟෂධයක් වන රසදිය වෙනත් ඔෟෂධ හා මිශ්‍රකරන අවස්ථා වලදීද දියරමය ගතිය දුරලා චූර්ණයක් බවට පත් කිරීමට මෙම අද්විතීය ගෙන්දගම් ඔෟෂධය භාවිත කරන බව ජේයෂ්ඨ කථිකාචාර්යවරිය පැවැසුවාය. කජ්ජලිය නමින් හඳුන්වන්නේ ගෙන්දගම් රසදිය සමඟ එක්වූ එම චූර්ණමය අවස්ථාව බවද රස චිකිත්සාවේ 'රසදිය' වටිනා ඔෟෂධයක් ලෙස භාවිත කිරීමට හැකි වන්නේ හුදෙක් ගෙන්දගම් ඔෟෂධයේ මැදිහත්වීම නිසා බවද ජේයෂ්ඨ කථිකාචාරිනී හැරපත්දෙණිය මහත්මිය අවසානයේ අපට පැවැසුවාය.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: