Header Ads

ඔබත් රෑට හීනෙන් හොදටම බය වෙනවාද? එහෙනම් ඔබටත් මේ රෝගය හැදිලා වෙන්න පුළුවන්. වහාම මේ ගැන දැනුවත් වෙන්න.


ඔබත් රෑට හීනෙන් හොදටම බය වෙනවාද? එහෙනම් ඔබටත් මේ රෝගය හැදිලා වෙන්න පුළුවන්. වහාම මේ ගැන දැනුවත් වෙන්න.
 
සිහින පිළිබඳ බොහෝ අනාවැකි පළ කරමින් ජනතාව මුලා කිරීම ද එක් ව්‍යාපාරයක් පමණක් වී තිබේ. සත්‍ය වශයෙන් හීන දුටු පමණින් ඒ පිළිබඳ අනාවැකි පළ කිරීමට වෛද්‍ය විද්‍යාත්මකව හැකියාවක් නැතැයි පවසන අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය කපිල රණසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ අපේ රටේ මෙය ද වංචා සහගත ක්‍රියාවලියක් බවට පරිවර්තනය කර ඇති බවයි.

ඉතිහාසය පුරා කතා කර ඇති හීන ඇති වන්නේ මිනිසා නින්දට ගිය පසුව ය. මිනිස් සිරුර යථා තත්ත්වයට පත්වීමට නම් නින්ද අනිවාර්යය වේ. එහෙත් එකී නින්ද වයස් ප්‍රමාණය, කාලය අනුව වෙනස් වේ. කුඩා දරුවන්ට වැඩි පුර නින්ද අවශ්‍ය වුවත් ක්‍රමයෙන් වයස ගත වීමත් සමඟ එය අඩු වේ. නින්ද අඩ නින්ද, ලා නින්ද, තද නින්ද වශයෙන් පියවර කිහිපයක් ඇත. අඩ නින්දේ දී හීන පෙනීම වැඩිපුර දක්නට ඇත. එහෙත් තද නින්දේදී හීන පෙනීමක් සිදු නොවේ.

අඩ නින්දේ දී මාංශපේශි බුරුල් වීමකට ලක් වේ. එසේම උදෑසනට තද නින්ද ද අඩුවීමකට ලක් වේ. මේ ආකාරයේ නින්ද චක්‍ර 4 – 5ක් ක්‍රියාත්මක වේ. එය විනාඩි 90 – 100ක් අතරේ දී සිදු වේ. තද නින්ද ලා නින්ද බවට පරිවර්තනය වීමේදී හීන පෙනීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත. මොළයේ සෛල අතර පණිවිඩ හුවමාරුවන අවස්ථාවේ දී එය හීනයක් ලෙස පෙනීම මේ ක්‍රියාවලියේ සත්‍ය සිදුවීමය.

එය මිනිසාගේ බලාපොරොත්තු, ඉටුකර ගැනීමට නොහැකි වූ කාරණා, අනාගතයේ අත්කර ගැනීමට සිතන පතන දෑ වැනි දේ සිහින ලෙස පෙනීමට පුළුවන. එසේම සිතේ සැහැල්ලුවක් සහිතව නින්දට යන පුද්ගලයන්ට ප්‍රියමනාප හීනත්, කලබල සහිතව නින්දට යාමේ දී නරක, නපුරු ලෙස සලකන හීන පෙනෙන තත්ත්වයක් ද ඇත. කෙසේ වෙතත් නින්ද හා හීන අතර යම් යම් සබඳකම් පෙන්වන රෝග තත්ත්වයන් ද ඇත. ඇතැම් මානසික රෝග ලක්ෂණ අනුව හීන වැඩිපුර දක්නට ලැබීමත්, කඩා වැටුණු මානසිකත්වයක් සහිත පුද්ගලයකුට බිය, ත්‍රාසය ජනක හීනත් පෙනීමට ඉඩ ඇත. නින්ද නොයා නරක හීන පේන අයට විශාදය ඇති වී තිබෙන්නට පුළුවන. වයස්ගත වීමේ දී හීන පෙනීමේ අඩුවක් පෙන්නුම් කළත් තරුණ පරපුර තුළ වැඩිපුර දක්නට ලැබේ. එසේම පරම්පරාවෙන් පරම්පරාවන් අනුව ද මෙය වෙනස් වේ.

හීනෙන් ඇවිදීම රෝග තත්ත්වයකි. කුඩා කාලයේ දී හීනෙන් කතා කළත් එය වයස ගත වීමත් සමග අඩු වේ. ඇතැම් පුද්ගලයන් හීනෙන් අධි ක්‍රියාශීලත්වයක් දැක්වීම රෝගයකි. ඊට අමතරව අවු. 4 – 5 වයසේ පසුවන දරුවන් හීනෙන් මුත්‍රා කළත් එය පාසල් වයස් සීමාව වන විට අවම විය යුතුය. පාසල් යන වයසේ දී ත් මුත්‍රා පිට වෙනවා නම් එය රෝගී තත්ත්වයක් ලෙස සැලකිය හැකියි. කෙසේ වෙතත් නින්ද ආශ්‍රිත රෝග ගණනාවක් ද දක්නට ලැබේ. නින්ද නොයෑම, වරින් වර ඇහැරීම වැනි දෑ රෝග ලෙස සැලකිය හැකියි.

කුමන ආකාරයේ හීනයක් දුටුවද එයට විශේෂත්වයක් ලබාදී කටයුතු නොකළ යුතුයි. ඒ අනුව නරක හීන දුටුවා යැයි කලබල විය යුතු නැත. එය මානසික ආතතිය නිසා ඇති වූ තත්ත්වයකි. ඕනෑවට වඩා නිදිමත, නින්ද කැඩීම, ඇඟපත රිදුම වැනි කාරණා ද රෝග තත්ත්වයකි.

මත්ද්‍රව්‍ය භාවිතය, ඇතැම් ඖෂධ වර්ග භාවිතය වැනි අවස්ථාවලදී හීන පෙනීම වැඩි විය හැකියි. මේ කාරණා නින්ද හා හීන යනු බලපෑම්ද ඇතිකරවිය හැකිය. එනිසා මේ පිළිබඳ කලබල විය යුතු නැත. හීන යනු සාමාජීය පදනමකින් තොරව මොළයේ සෛල අතර පණිවිඩ හුවමාරු වීමේ ක්‍රියාවලියකි. කෙසේ වෙතත් මෙය විශාල ගැටලුවක් වී තිබේ නම්, ඇතැම් විට පහර දීම්, කලබල කිරීම් ඇති වන්නේ නම් ඒ පිළිබඳ සැලකිල්ලක් යොමු කළ යුතුයි. එසේම නින්දට බාධාවක් නම් ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව එවැනි අවස්ථාවක පමණක් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ප්‍රමාණවත් ය.

දුමින්ද අලුත්ගෙදර

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


 

No comments:

Powered by Blogger.