Header Ads


මුත්‍රා දැවිල්ල නැති  කර ගන්න ඔබත් මේ ස්වභාවික ඔසු භාවිතා කර බලන්න.
 

අපේ එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන බොහෝ ලෙඩරෝග සඳහා ආයුර්වේද යේ සාර්ථක ප්‍රතිකාර තියෙනවා’ නමුත් අපි ඒ දේවල් ලෙඩ සනීප කර ගන්න යොදා ගන්න ලොකු මැලි කමක් දක්වනවා’ ඡය්රප්ජහ ට දුවලා ගිහින් ගෙන පෙති දෙක තුනක් බීලා ලෙඩේ තාවකාලිකව සනීප කර ගන්න එක තමයි බහුතරයක් ශ්‍රී ලාංකිකයෝ කරන්නේ’ පිරිමි හා ගැහැණු කියන දෙපාර්ශ්වයටම විශේෂයකින් තොරව මුහුණදීමට සිදුවන රෝගයක් තමයි මුත්‍රා දැවිල්ල කියන්නේ’ මෙයට මූලික වශයෙන් බලපා තිඛෙන්නේ ආහාර රටාවේ වැරැදි පුරුදුය’

ඇයි අපිට මුත්‍රා දැවිල්ල හැදෙන්නේ ?
අපේ ජිවිත වල කාර්යබහුලත්වය නිසා ක්‍ෂණික ආහාරවලට යොමු වීම නිසා ඒ තුලින් මිනිස් සිරුරට නිසි පෝෂණයක් නොලැඛෙන නිසාද මෙවැනි රෝගී තත්ත්වයක් හට ගැනීමට මූලික වශයෙන්ම මග පෑදෙනවා ‘
ඊට අමතරව ප්‍රමාණවත් පරිදි වතුර පානය නොකිරීමත් අධික තෙල්” දැවිල්ල සහිත ආහාර ගැනීම නිසා මෙහි පීඩාකාරීත්වය වැඩි වන අවස්ථාද හඳුනාගත හැකිය’
මුත්‍රා දැවිල්ල නසන ආයුර්වේදයේ එන සාර්ථක ප්‍රතිකාර කිහිපයක්
තැඹිලි වතුර” සුඳුහඳුන් කුඩු” අරළු සමව ගන්න’
පසුව තැඹිලි ගෙඩිය සිදුරු කර සුදුහඳුන් හා අරළු දමා තැඹිලි වතුර සමගඟ තැඹිලි ගෙඩිය තුළම මිශ්‍ර කර ගන්න’
රාත්‍රියේ මේ ප්‍රතිකාරය සකස් කර පසුදින උදේට පෙරා පානය කරන්න’
මසකට වරක් මෙය පානය කිරීම ප්‍රමාණවත්ය’
පොල්පලා” අක්කපාන සමව ගෙන හොඳින් තම්බා ජලය පානය කරන්න’ මෙම පානය වඩාත් ගුණදායකයි’
තුඹ කරවිල” නැටි” සූදුරු” කොත්තමල්ලි සමන් පිච්ච මල් සමව ගන්න’ තුඹ කරවිල නැටි හා කොත්තමල්ලි මුලින්ම තළා ගන්න’ පසුව එයට සූදුරු සහ පොඩි කරගත් සමන් පිච්ච මල්” වතුර කෝප්පයකට රාත්‍රියේදී දමා වසා තබන්න’ පසුදින පානය කරන්න’
හීන් බෝවිටියා කොළ” රතුලූනු” ගාගත් පොල්” ලුණු මේවා එකට දමා සම්බෝලයක් සේ සකස්කර ගෙන ඔබේ ආහාරයට එක්කර ගන්න’
රත්මල්” අරළු” වදමල් මේවා හොඳින් තම්බා පානය කරන්න’
උළුහාල්” කුරුඳු කොට තැඹිලි වතුර සමග විනාඩි 20ක් පමණ තබා පානය කරන්න’
මෙවැනි ආයුර්වේදයේ එන ප්‍රතිකාරවලට මගින් මුත්‍රා සම්බන්ධ විවිධ පීඩාකාරි තත්ත්වයන් ඉතා සාර්ථකව හා පහසුවෙන් මර්ධනය කර ගැනීමට ඔබට හැකි වෙනවා ‘ මෙවැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන ඔබ නිතර ශරීරය සීතලව තබා ගැනීමට ඒ කියන්නේ උෂ්ණ බවින් තොරව තබා ගැනීමට උත්සහ කරන්න’ ඊට පිළියමක් ලෙස උෂ්ණ ආහාරවලින් වැළකීම වැදගත්වේ’
උපදෙස් ජ් වෛද්‍ය කේ’ඒ’එම්’ අයිරාංගනී


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


 

No comments:

Powered by Blogger.