Header Ads

ඉස්හොරි නිට්ටාවටම සුව කරන විශ්මිත දේශීය රහස් අටක් මෙන්න.


ඉස්හොරි නිට්ටාවටම සුව කරන විශ්මිත දේශීය රහස් අටක් මෙන්න.



හිස්හොරි කියන්නේ මහම මහා කරදරයක්. හදුනාම ඉතින් නැති කර ගන්නත් හරිම අමාරුයි. මේ වගේ වෙලාවට ගොඩක් දෙනා කරන්නේ කෘතීමව සකස් කරන ලද විවිධ shampoo වර්ග හා ඛෙහෙත් දියර ගආලා කොන්ඩේ හෝදන එක. නමුත් ඔබ දන්නවාද හිස්හොරි නිට්ටාවටම සනීප කරන්න පුළුවන් ස්වාභාවික සත්කාර මගින් පමණයි කියලා. අද විශ්ම ලෝකයෙන් අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ  හිස් හොරි සදහටම තුරන් කරගන්න පුළුවන් විශ්මිත දේශීය රහස් සත්කාර ගැන හිස පිරිසුදුව තබා ගැනීම රූපලාවන්‍යයේ එක් අංගයක්. හිස කියන්නේ ලස්සන රුපයක අභිමානය ඉදිරියට ගෙන යන ප්‍රධාන කොටසක් වන බැවින් රූපලාවන්‍ය කටයුතුවලදී හිස
සකස් කිරීම ප්‍රධාන තැනක් ගන්නවා. නිරෝගී නැති හිස් කබලේ කොටස් පොතු ලෙස කැඩීයාම හිස් හොරි ලෙස මතුපිටට එනවා. ඒවා කුඩා කැබලි වශයෙන් හිස සෑම තැන විහිදී යයි. මෙසේ සිදු වන්නේ හිසෙහි පවතින වියළි ගතිය නිසාය. හිසේ සිසිල් ගතිය අඩුවීම මෙයට හේතු පාදක වන බැවින් නිතරම හිසෙහි තෙතමනය රැදෙන සේ නිරෝගී සමක් හිස තුළ අතිකර ගත යුතුයි. මේ තත්වය හිස තුල ඇති කරමින් හිස්හොරි සදහටම නැති කර ගන්න මේ සත්කාර අදම කර බලන්න

අරළු, බුළු, නෙල්ලි තම්බා හිස සේදීම සුදුසුයි.
ගොඩපර ගෙඩියම ගෙන තලා ඇල් වතුරේ දියකර නෑමට පෙර හිසේ ගා පැය ½ ක් තබා හිස සෝදන්න.
කුඹුක් කොළ, බැවිල කොළ කොටා යුෂ ගෙන හිස සෝදන්න.
තිබ්බටු ගෙඩි යුෂ අවුන්ස 4ට මීතෙල් අවුන්ස 1 ක් මිශ්‍ර කර අව්වේ තබා කකාරා හිස සෝදන්න.
තිත්තවැල් කොළ කොටා එම කොළ යුෂට පොල් තෙල් ටිකක් මිශ්‍ර කර හිස ගාන්න.
දෙහි උළුහාල් තම්බා එය එම වතුරට පොඩිකර හිස සේදීම මෙය පැය 1/2 ක් පමණ තබා නාන්න. සුව වනතුරු කිහිප වතාවක් කරන්න.
වෙරළු කොළ තලා ඇල්වතුරින් පොඩිකරලා හිස ගාන්න. පැය 1/2 ක් තබා හිස සෝදා හරින්න. මෙයද දින කිහිපයක් කරන්න.
පොකුරු වද මල් කොළ හෝ මල් ගෙන කොටා වතුර සමගඟ මිශ්‍ර කර පෙරා හිසේ ගාන්න. පැය 1/2 කින් පසුව නාන්න.

මේවා සෙම්ප්‍රතිශ්‍යාව හා පීනස ඇති අයට අගුණයි. මින් සෙම්ප්‍රතිශ්‍යාව හා පීනස ඇති අයට වැඩිවිය හැකියි.





                             අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
                               සිංහල  ඔන්ලයින් 

         අපේ page එකට like එකක් දාලා share කරන්න 




No comments:

Powered by Blogger.