සිගරට් දුමටත් වඩා භයානක හඳුන්කූරු දුම මාරාන්තික පිළිකා හැදෙන්න පුළුවන්. මේ ගැනත් ඔබ දැනුවත් වෙන්න.

සාමාන්‍යෙයන් ආගමික වත්පිලිවෙත් සාමාන්‍යෙයන් ජීවිතයට හානිවන ආකාරයේ ඒවා නොවේ, නමුත් ආසියාවේ බහුතරයක් ජනතාව ආගමික වත්පිලිවෙත් සඳහා පන්සල්, කෝවිල් වලට යාම තුල ඔවුන් සිය ජීවිත දැඩි අවධානමක හෙලන බව තායිලන්ත වෛද්‍යවරයෙක් ප්‍රකාශකරයි. ඔහු පවසන්නේ පූජාවක් වශයෙන් දල්වන හඳුන්කූරු වලින් පිටවන දුමාරය පිලිකාකාරක රසායනික ද්‍රව්‍යවලින් පිරී පවතින බවයි. මෙම දුමාරය තුල සිගරට් දුමටත් වඩා පිලිකාකාරක අඩංගු බව මනූන් ලීචවෙන්ග්වොන්ග් (Dr. Manoon Leechawengwong) නැමති තායිලන්ත වෛද්‍යවරයා පවසයි.
වෛද්‍ය මනූන් මේ බව පවසන්නේ වසර දෙකකට අධික කාලයක් පුරාවට පන්සල්වල හඳුන්කූරු හා කට්ටකුමන්ජල් වැනි සුවඳ ද්‍රව්‍ය පිරිසිදු කරන සේවකයින් පිරිසක් ආශ්රයෙන් සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුවයි. මෙහිදී ඔහු අනාවරණය කරගෙන ඇත්තේ මෙම පුද්ගලයන්ට ලියුකේමියා, පෙනහළු පිලිකා, ලේ සහ මුත්‍රාශය ආශ්රිත පිලිකා වැලඳීමේ වැඩි අවධානමක් පවතින බවයි.
“එක් හඳුන්කූරකින් සිගරට් එකක් තරම්ම පිලිකාකාරක රසායනික නිකුත් කරනවා. මම දැනගෙන හිටියා මේවගේ පිලිකාකාරක තියෙනවා කියලා, ඒත් මම පුදුමයට පත්වුනා ඒවගේ තියෙන ප්‍රමාණය දැකලා” මෙම පරීක්ෂණය සඳහා නායකත්වයගත් වෛද්‍ය මනූන් පැවසීය.
වෛද්‍ය මනූන්ගේ පරීක්ෂනය සඳහා අයුත්යා, චචොන්ග්සෝ සහ සමුට් ප්‍රකාන් නැමති පස්නල් තුනට අයත් සේවකයන් 40ක් සහ හඳුන්කූරු ධුමාරයෙන් තොර පරිසරයක සිටින 25 දෙනෙකු යොදාගන්නා ලදී. මොවුන් බැංකොක්හි රථවාහන තදබදය නිසා ඇතිවන ධුමාරයෙන් ඈත්වූ පරිසරයකින් තෝරාගන්නා ලද්දේ රථවාහන ධුමාරයෙන් පරීක්ෂනයට සිදුවන බලපෑම අවමකරගැනීමටයි.
මෙම පරීක්ෂනයේ දී පන්සල් වල සේවකයන් ලියුකේමියාව ඇතිවීමේ අවධානම වැඩිකරන රසායනිකයක් වන බෙන්සීන් (benzene), ලේ පිළිකාකාරකයක් වන බියුටෙඩීන් (butadiene), සහ පෙනහළු සහ සමේ පිලිකා ඇතිකරවන බෙන්සෝඇපයිරීන් (benzo[a]pyrene) නැමති රසායන ද්‍රව්‍ය වලට අධිකව නිරාවරණය වී ඇති බව අනාවරණය කරගැනීමට හැකිවිය. මෙම පන්සල් සෙවකයන්ගේ ශරීරයේ තිබූ බෙන්සීන් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙකුගේ මෙන් 4ගුණයකින් ද බියුටෙඩීන් ප්‍රමානය 260 ගුණයකින්ද, වඩාත් භයානක සංඝටකය වන බෙන්සෝඇපයිරීන් 63 ගුණයකින්ද වැඩි වබ මෙහිදී අනාවරණය විය. පන්සල් සේවකයන්ගේ රුධිර සහ මුත්‍රා පරීක්ෂා කිරීම්වලින් අනාවරණය වූයේ ඔවුන්ගේ ඩී.එන්.ඒ. හානි වී ඇති බවත්, ඔවුන්ගේ සිරුරට එම හානිය පිලිසකරකරගැනීමට හැකියාවක් නොමැති බවත්ය.
“අපේ පරීක්ෂණ වලට අනුව අපි දන්නවා ඩී.එන්.ඒ. වලට හානියක් සිදුවන බව, හැබැයි අපි දන්නේ නෑ ඒක පිළිකාවක් දක්වා දුරදිගයයිද කියන එක. කෙසේ වෙතත් ඔවුන්ට එහෙම වෙන්න තියෙන අවධානම වැඩියි. ඒක හරියටම සිගරට් බොනවා වගේ. සිගරට් බොන හැම හැමෝටම පිලිකා හැදෙන්නේ නෑ, හැබැයි 20%කට විතර පිලිකා හැදෙනවා” වෛද්‍ය මනූන් පැවසීය.
කෙසේ වෙතත් වෛද්‍ය මනූන් අවධාරණය කරන්නේ වන්දනාකරුවන් මෙමඟින් ඇතිවන අවධානම අඩුකරගතයුතු බවයි. හඳුන්කූරු පත්තුකිරීමෙන් අනතුරුව සම්පූර්ණයෙන්ම පත්තුවීමට නොදී මිනිත්තුවකින් පමන පසු නැවත නිවාදැමීම මෙයට හොඳ විසඳුමක් බව ඔහු සඳහන් කරයි.
“හඳුන්කූරු පත්තුකිරීමේ අපගේ ජාරම්පරික සිරිත් විරිත්වලින් දුරස් වෙන්න ඕනේ නෑ. හඳුන්කූර පත්තුකරලා මිනිත්තුවකින් විතර නිවාදැමීමෙන් වෙන හානිය 30-40 ගුණයකින් අඩුකරගන්න පුළුවන්” ඔහු පැවසීය.
මුලාශ්‍රය ද සිලෝන්
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: