ඉක්මනට ධනවතෙකු වෙන්න ඕනෙනම් මෙන්නමෙ ලිපිය කියවන්න.
ඉක්මනට ධනවතෙකු වෙන්න ඕනෙනම් මෙන්නමෙ ලිපිය කියවන්න.
සමහරු නිල බලයෙන් ඉතා උසස් වුවද ධනය අතින් එතරම් සරුසාර නොවේ.
මෙලොව උපන් සෑම මිනිසෙකුටම ජීවත් වීම සඳහා යම් කිසි ආදායම් මාර්ගයක් තිබිය යුතුය.මේ ආදායම් මට්ටම සෑම පුද්ගලයෙකුගේම එක හා සමාන නොවේ.
ආර්ථීක න්යායාචාර්යවරු මගින් ඉතිහාසයේ වරින් වර ආර්ථීක න්‍යායන් ඉදිරිපත් කර ඇත.
සමහරු මුදල් සමසේ ඛෙදී යෑම පිළිබඳ ක්‍රමවේදයක් ඉදිරිපත් කර ඇත. නමුත් ප්‍රායෝගිකව ඒවා නිශ්ක්‍රීය බවට පත්වෙයි. එසේ සමානාත්මතාවයක් තිබුණා යැයි සිතූ රටවල පවා සාමාන්‍ය ජනතාව මෙන්ම සිටි බලධාරීන් රටටත් ලෝකයටත් හොරා විශාල වශයෙන් මුදල් රැස්කර ගෙන සිටි අයුරු පසුව හෙළි විය.නිවැරදිව සොයා බැලූවොත් එක හා සමාන ආදායම් ලබන පුද්ගලයන් දෙදෙනකු සොයා ගැනීම නිකිනි සොයන්නාක් මෙන් දුෂ්කර කාර්යයකි.
මෙයින් හැඟෙන්නේ කර්ම ශක්තියට පහසුවෙන් අභියෝග කළ හැකි ප්‍රායෝගික න්‍යායක් සොයා ගැනීම කළ නොහැකි දෙයක් බවයි. කර්ම ශක්තියේ සියුම් වෙනස්කම් ජීවිතයේ හැම අංශයකටම බලපායි.
කවුරුත් ධනය පසු පස හඹා යෑමට උත්සාහ කළද සෑම කෙනෙකුටම ලැබීමේ ප්‍රමාණයක් ඇත.
ජන්ම පත්‍රයක ධන තත්ත්වය පෙන්නුම් කරන්නේ 2වැනි භාවයෙනි.11 භාවයෙන් ලැබීමේ ප්‍රමාණය පෙන්වයි.
2 සහ 11න් ශක්තියත් එහි අධිපතියන්ගේ සාපේක්ෂ පිහිටීමත් අනුව කෙනෙකුගේ ධන තත්ත්වය පෙන්වයි.
ක්රිෂ්ණ මූර්ති පද්ධතියේ දී මේ සඳහා උපයෝගී කර ගන්නේ 2වන භාවයේ උප අධිපතියාය. මේ උප අධිපති 2,6,10,11 යන භාව නිවේදනය කරන කළ ජන්මියා ධනවතකි.
එම උපපතියා 5,8,12 නිවේදනය කරන විට දුප්පතෙකි.5,8,12 ප්‍රබල සම්බන්ධයක් නොමැතිව 2.6,10,11 පමණක් නිවේදනය කරන විට ඔහු සෑම අවස්ථාවකම එකසේ මුදල් සොයයි.මෙයට 5,8,12 එකතු වූ විට වාසිදායක දසාවන්හි ධන තත්ත්වය ඉහළින් පවතින අතර 5,8,12 දසා නිවේදනයේ දී අසීරු අවස්ථා පැන නගියි.2 උප පති 2,6,10,11ට කිසිම සම්බන්ධයක් නැතිව ප්රබලව 5,8,12 නිවේදනය කරන විට හැමදාම දුප්පතෙකි.
ගුරු වැනි ග්රහයෙකු 2කේ උප පති වී අදාළ වාසිදායක භාව නිවේදනය කරන විට ආයාසයකින් තොරව මුදල් රැස් කරයි. මේ භාව නිවේදනය කරමින් ශනි 2 උප පති වනවිට ද ජන්මියා ධනය රැස්කරයි.නමුත් එතැනට දැඩි ආයාසයක් හා වීර්යය ද එකතු වෙයි.11 වෙනි භාවයේ එතරම් කාර්යයක් නොමැතිව 2,6,10 පමණක් නිවේදනය කරන විට වෘත්තියෙන් පමණක් ආදායම් උපයයි.මේ අය විශාල ධනවතුන් නොවුනත් සමාජ තත්ත්වයෙන් නිල බලයෙන් ඉතා උසස් තත්ත්වයකට පත්ව ගෞරවනීයය නමක් දිනා ගනී.මේ සඳහා 9 යේ නිවේදනය ද යම් තරමක් හෝ අවශ්‍යය.
සමහරු නිල බලයෙන් ඉතා උසස් තත්ත්වයක් දැරුව ද ධනය අතින් එතරම් සරුසාර නොවේ. මෙරට සිවු වතාවක් ම අගමැති කම දැරූ ඩඩ්ලි සේනානායක,අගමැති හා ඇමතිකම් දැරූ විජයානන්ද දහනායක,ඇමතිවරයෙකු වූ සෝමවිර චන්ද්‍රසිරි මහත්වරු ධනයෙන් සරු නොවූහ.
නිල බලයත් ආදායම් තත්ත්වයත් හැම විටම එක හා සමාන නොවන බව මෙයින් තේරුම් ගත හැක.
දෙවන භාවයෙන් ආදායම් ලබා ගැනීමේ හැකියාවත් 11 භාවයෙන් සාර්ථකත්වයත් පෙන්නුම් කරයි. 6වන භාවයෙන් සේවාවත් ණය ලබා ගැනීමේ හැකියාවත් ප්‍රතිවාදීන්ට අවාසිය ගෙන දීමක් පෙන්නුම් කරයි.බොහෝ අය හය වන භාවය ඉවත දමන්නේ හයෙන් කෙනෙකු ණය කාරයකු කරන බැවිනි.නමුත් මේ ණය කාරයන්ගේ විවිධ මට්ටම් ද ඇත.
ලෝකයේ සිටින ඕනෑම ධනවතෙකු කවදා හෝ බැංකුවෙන් ණය වී තිබේ.ව්‍යාපාර කර පොහොසත් වීම ඉතා අසීරු කරුණකි.
එම නිසා 2,11,6 ප්‍රබල තැනැත්තා ණය ගෙන මුදල් ආයෝජනය කර ධනවත් වෙයි. 6 සමඟ 5,8,1 බලවත් වූ කල ඔහු ජීවත්වීමට පවා අසීරු ණය කාරයෙකු වෙයි.
ධනය ඉපයීමේ දී ඉතාමත් අඩමාන භාවයක් ද ඇත.අඩමාන ධන ආයෝජන කොන්ත්‍රාත් ආදිය පෙන්වන්නේ 5 වෙනි භාවයෙනි. සූදුව පෙන්වන්නේ ද පහෙනි.
අඩමාන මුදල් ආයෝජන සූදුවක් වීමටද බැරි නැත.මුදල් ආයෝජන පෙන්වන්නේ 12 වැන්නෙන් වුවද අඩමාන ව්‍යාපාර පෙන්වන්නේ 5වැන්නෙනි.
හවුල් ව්‍යාපාර 7 වැන්නෙන් පෙන්වයි.5 වැන්න ප්‍රතිවාදියා පෙන්වන 7වැන්නට 11 වෙයි.මෙහිදී ප්‍රතිවාදියාට වාසිය හෙවත් ජන්මියාට වන පාඩුව 5න් පෙන්වයි.නමුත් මේ 5 වෙනි භාවයේ බලවත් කමෙන් මුදල් ගරන අයද සිටිති.
එය සිදුවන්නේ කෙසේ ද? මේ සඳහා 2 උප පති 2,3,6 මෙන්ම 5 සහ 11 ද නිවේදනය කළ යුතුය.මෙසේ 2,3,5,6,11 යන භාව නිවේදකත්වයෙන් කෝටි ප්රකෝටිපතියන් බිහිවේ.මේ යෝග වලට යුරේනස් ගේ සම්බන්ධය ද වඩා ප්‍රබල කරවයි.
මෙහි සඳහන් යෝගවලට යටත්ව 9 වැනි භාවය ද ලග්නය ද පාප පීඩිත නොවූ කල ඔහු සැමදා ධනවතෙකි.එසේ නැතිව යම් යම් ග්‍රහ යෝග වියුක්තව ගෙන ධන යෝග සෙවිය නොහැකි බව මතක තබා ගන්න.
ජ්‍යොතිෂවේදී පානදුරේ රෝහන් වීරරත්න
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
No comments: