Header Ads

උදෑසනම ලෙමන් ජලය වීදුරුවක් පානය කරන්න හේතුව ඇසුවනම් ඔබ හැමදාම ලෙමන් වතුර පානය කරයි


උදෑසනම ලෙමන් ජලය වීදුරුවක් පානය කරන්න හේතුව ඇසුවනම් ඔබ හැමදාම ලෙමන් වතුර පානය කරයි 


උදෑසනම ලෙමන් ජලය පානය කිරීම ඉතාමත් සෞඛ්‍යය සම්පන්න යැයි කියා කවුරුන් කීවත් මේ පිලිබදව ඔවුන් පවා නොදන්නා දෑ තිබේ. ඔබත් උදෑසනම ලෙමන් යුෂ අඩංගු ජලය පානය කිරීමට පුරුදු වී සිටින අයෙක්නම් ඔබත් මෙම පුරුද්දෙන් අත්වන සෞඛ්‍යයමය ප‍්‍රතිලාභ පිලිබදව දැනගත යුතු වේ.


ඔබ මෙවන් ආකාරයට ලෙමන් පරිභෝජනය කිරීම මගින් ඔබගේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය ගොඩනගා ගැනීමට උපකාර වේ. මෙලෙස කිසිවක් ආහාරයට ගැනීමට පෙර ලෙමන් යුෂ පානය කිරීම මගින් ඔබගේ ශරීරය පිරිසිදු කරදීම, බර අඩු කර ගැනීමට උපකාර වීම සහ සමෙහි ඡුය අගය පාලනය කර ගැනීමටද උපකාර වේ. තවද මෙමගින් ආහාර ජීර්ණයටද උපකාර වේ.

ලෙමන් අඩංගු ජලය ඔබගේ සෞඛ්‍යයට උපකාර වන ආකාර 14 ක්.

1. බර අඩු කිරීම

ලෙමන් මගින් සෞඛ්‍යය සම්පන්න බරක් පවත්වා ගැනීමට සහ රුධිරයේ සීනි මට්ටම පාලනයට උපකාර වේ. ලෙමන් ජලය තුල අන්තර්ගත වන පෙක්ටීන් මගින් ආහාර අනුභව කිරීමේ ආශාව පාලනය කර දෙනු ලබයි.


2. ප‍්‍රතිශක්තීකරණය

ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය හා එක්ව කටයුතු කරනු ලබන වසා පද්ධතියට මනා උපකාරයක් ලෙමන් යුෂ මගින් ලබා දේ.

3. කැස්ස සහ සෙම්ප‍්‍රතික්ශ්‍යයාව

ලෙමන් තුල අන්තර්ගත වන ප‍්‍රතිබැක්ටීරියා කාරක බලයන් සහ ප‍්‍රති වෛරස බලයන් මගින් ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කිරීම මගින් කැස්ස සහ සෙම්ප‍්‍රතික්ශ්‍යයාව සුවකර ගත හැකි වේ.

4. කුරුලෑ

උදෑසනම ලෙමන් යුෂ පානය කිරීම මගින් පරිවෘතීය ක‍්‍රියාවලිය වේගවත් කර කුරුලෑ සුවකර ගැනීමට උපකාර වේ.

5. මලබද්ධය

ලෙමන් යුෂ පානය කිරීම බහිශ‍්‍රාවීය ක‍්‍රියාවලියට උපකාර වේ. මෙමගින් ආහාර ජිර්ණයද වේගවත් කර මල බද්ධය වැනි රෝග තත්වයන් සුවකර ගත හැකි වේ.

6. වකුගඩු වල ගල්

ලෙමන් තුල අන්තර්ගත වන පොටෑසියම් ප‍්‍රමාණය මගින් මුත‍්‍රාශයේ —ජසඑර්එැි˜ප‍්‍රමාණය වැඩිකර —දං්ක්එැ˜ වලකා වකුගඩු වල ගල් සෑදීම පාලනය කරනු ලබයි.

7. මුත‍්‍රාශයේ ගල්

ඔබට ලෙමන් යුෂ පානය කිරීම මගින් මුත‍්‍රාශයේ ගල් ද ඉතා ඵලදායිව ඉවත් කරගත හැකි වේ.

8. සන්ධි වේදනාව සහ ඉදිමුම

ලෙමන් පානය කිරීම් මගින් සන්ධිවලින් යූරික් අම්ලය ඉවත් කර ගැනීම සදහා උපකාරයක් ලබා දේ. ආතරයිටිස් රෝගය වැළදුණු පුද්ගලයන්ට මෙය ඉතාමත් ඵලදායි වේ.

9. ආසාදනයන්

පටක තුල ඇති ආම්ලිකතාවය මගින් ආසාදනයන් ඇති වේ. ලෙමන් මගින් එම ආම්ලිකතාවයන් උදාසීන කරනු ලැබේ.

10. නිය සෞඛ්‍යය

ලෙමන් මගින් නිය සවිමත් කරන අතර තවද එමගින් නිය මත ඇති වන නියමල් ද සුවකර ගැනීමට උපකාර වේ.

11. මාංශ පේෂීන්

මහන්සි වි වැඩකළ විට මස්පිඩු තැලීම මගින් ඇතිවන පීඩාකාරී තත්වය ලෙමන් පානය කිරීම මගින් අඩු කරගත හැකි වේ.

12. ඇල්කොහොල් මගින් සිදුවන ආභාද

ලෙමන් යුෂ පානය කිරීම මගින් මෙවන් තත්වයන් මග හරවා ගත හැකි වේ.

13. ආහාර විෂවීම්

ලෙමන් යුෂ පානය මගින් ඕනෑම ආහාර විෂවීමක් පාලනය කර ගැනීමට හැකි වේ.

14. රූමැටික් තත්වයන්

මෙම තත්වයට සුවයක් ලබා ගැනීමට යෝගාවල යෙදෙන අතරතුර ලෙමන් යුෂ පානය කරන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.