Header Ads

විස්මිත සුදු ළුණු කිරි පානය විස්මිත ලෙස ලෙඩ සුව කරයි.ලෙඩ ගණනාවක් ගුණ දෙන පාරම්පරික ඔසුවකි.


විස්මිත සුදු ළුණු කිරි පානය විස්මිත ලෙස ලෙඩ සුව කරයි.ලෙඩ ගණනාවක් ගුණ දෙන පාරම්පරික ඔසුවකි.

ඔන්න අද කියන පානය නම් එසේ මෙසේ පානයක් නෙවෙයි. කොතරම් ලෙඩ රෝග ගණනාවක් වලක්වා ගන්න පුලූවන්ද කියලා දැන ගත්තාම ඔයාල පුදුම වෙනවා නොඅනුමානයි.

සුදුළුනු අපගේ ආහාරවලට එකතුකරන නැතිවම බැරි කුළුබඩුවක් බව ඔයාලා දන්නවනේ. බොහෝ ගුණ අඩංගු සුදුළුනු එකතුකරපු කිරි පානය තමයි මෙසේ ලෙඩ රෝග ගණනාවක් සදහා පාවිච්චි කරන්නේ.

අවශ්‍ය දේ

- පොතු සුද්ද කල තලාගත් සුදුළුනු බිකි 10ක්
- කිරි මිලි 500 ක්
- වතුර මිලි 250ක්
- සිනි තේ හැදී 2-3ක්



හදන විදිය

කිරි සහ වතුර භාජනයකට දමා එයට සුදුළුනු බිකි එකතු කරන්න. මෙය මධ්‍යම උෂ්ණත්වයේ උතුරවන්න. මිශ්‍රණය භාගයක් හිදෙන තුරු මෙසේ රත් කරන්න. ඉන්පසු පෙරාගෙන කිරිවලට සිනි එකතු කර ගන්න. රස්නයෙන් පානය කරන්න.

සුදුළුනු කිරි වල ගුණ

1. කැස්ස

සුදුළුනු කහ සමග එකතුකළ විට එය කැස්ස සදහා මහගු ප්‍රතිකර්මයකි. කහ ස්වල්පයක් සමග මීපැණි බිදක් එකතු කිරීමෙන් ඔබට කැස්ස සදහා මෙය පාවිචිචි කරන්න පුළුවන්. කහ වල ඇති බැක්ටීරියා විරෝධී ගුණ මගින් සහ මීපැණි සහ සුදුළුනු එකතුවෙන් සෙම පිටකර කැස්සට සහනයක් ලබා දෙයි.

2. ඇදුම

ඇදුම රෝගයෙන් පෙලෙනවානම් සැම රාතීරෑ්‍රයේම මෙයට කරාබුනැටි 3ක් එකතුකර බිමෙන් ගුණ ලැබේ.

3. ක්ෂය රෝගය

සුදුළුනු පපුව ආශ්‍රිත රෝග සදහා වැඩි ක්‍රියාකාරී නිසා සහ ඇති සල්ෆර් මගින් ඇදුම රෝගයට සහනයක් ලබා දෙනවා. සුදුළුනු සමග උතුරුවා ගත කිරි පානය ඇදුම සදහා ඉතා ගුණ පානයකි.  සුදුළුනු ග්රෑම් 1ක් කිරි මිලි 240 සහ වතුර ලීටර 1ක් උතුරුවා එය ¼ දක්වා හිද දවසට 3න් වරක් පානය කරන්න.

4. නිවුමොනියව.

දිනකට 3න් වරක් පානය කිරීම නිවුමොනියාවට ගුණ දෙයි.

5. කොලෙස්ටරෝල්

සතියක් නොකඩවා මෙම පානය පානය කරනම් කොලෙස්ටරෝල් තත්වය අඩු මට්ටමකට පත්වේ. අහිතකට කොලෙස්ටරෝල් ( ඛෘඛ) මට්ටම අඩු කර හොද කොලෙස්ටරෝල් ( ්‍යෘඛ) මට්ටම ඉහල දමයි

6. ජීරණ පද්ඩතියේ රෝග

සුදුළුනු සාර්ථක විෂබීජ මර්ධක සහ ප්‍රතිශක්තිකරණය ඉහල දමන ද්‍රව්‍යයකි. වසා ග්‍රන්ථි, ශරිරටේ විෂ ඉවත් කිරීම සදහා ප්‍රනිපල සාර්ථකව ලබා දේ. එසේම ජීරණ ක්‍රියාවට අවශ්‍ය ශ්‍රාවයන් නිපදවීම වැඩි දියුණු කරයි.

7. කහ උණ

සුදුළුනු අක්මාවේ තන්පත්වන විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට උදවු වෙනවා. අක්මාවට අවශ්‍ය සල්ෆර් සුදුළුනු මගින් ලැඛෙන නිසා අක්මාවේ තෙල් තත්වයට (ේඑඑහ කසඩැර) ඉතා යෝග්‍ය වේ. දින 4-5 මෙම සුදුළුනු කිරි පානය කිරීමෙන් කහ උණ නැති කිරීමට උදවු වේ.

8. ඛෙලහිනතාවය
සුදුළුනු කිරි පානය සමග උතුරුවාගත් සුදුළුනු කැබලි පරිබෝජනය කිරීම කාන්තා සහ පිරිමි ඛෙලහිනතාවය නැති කිරීමට උදවු වේ.

9. ආතරයිටිස්

ආතරයිටිස් තත්වයේ විදනවා සහ ප්‍රදාහය දිනපතා මෙම සුදුළුනු කිරි පානය කිරීමෙන් අඩු කරයි.

10. නිදාගන්නට බැරි කම
මෙම සුදුළුනු කිරි පානය නින්දට කලින් පානය කිරීමෙන් නින්ද යොයන බව අඩු කරයි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





No comments:

Powered by Blogger.