Header Ads

කහ භාවිතා කර මිනිත්තු හතරකින් දත් සුදු කරගන්නේ මෙහෙමයි.


 කහ භාවිතා කර මිනිත්තු හතරකින් දත් සුදු කරගන්නේ මෙහෙමයි.

කහ අපේ නැතිවම බැරි කුළු බඩුවක් බව ඔයාල දන්නවානේ. ඔයාලට මතක ඇති අපි කියපු බොහොමයක්ම ගෙදරදී හදන්න පුළුවන් අත් ඛෙහෙත් වල අමුද්‍රව්‍යයක් විදියට කහ එකතු කරපු බව. ගුණ බොහොමයක් තියෙන කහ වලින් ඔයාලගේ දත් සුදු කරන්න පුළුවන් කියලා ඔයාල දන්නවද? ඔන්න එහෙනම් අද ලිපිය කියවලා කහ වලින් දත් සුදු කරගෙන අපිටත් ඔයාලගේ අත්දැකීම් කියන්නකෝ.

කහ වල ඇති කහට ඉවත් කිරීමේ සහ එහි ඇති සිරීමේ හැකියාව නිසා දත්වල පැල්ලම්, සහ කහට ඉවත් කරනවා.
අවශ්‍ය දේ.

- කහ කුඩු කොටස් 2
- පොල් තෙල් කොටස් 1
- බේකින් සෝඩා කොටස් 1 ( ඕනිනම් බේකින් සෝදා නැතුවත් හදන්න පුළුවන්)

සියල්ල එකට එකතුකර පල්පයක් ලෙස හද ගෙන සිසිල් තැනක තබන්න. ( ඕනිනම් ශීතකරණයේ තබන්න)

අවශ්‍ය ප්‍රමාණයට දත් බුරුසුවට ගෙන විනාඩි 2ක් පමණ දත් මදින්න. අවසානයේ හොදින් වතුරින් සෝදන්න.

කහ වලින් දත් සුදු වෙනවා වගේම එයින් ඔබගේ දත් බුරුසුව කහ පැහැ ගන්නත් පුළුවන්. ඒ වගේම ඇදුම් වල ගෑ වුනොත් ඉවත් කිරීමද ටිකක් අපහසුයි. ඒ නිසා හදිසියේ ගෑ වුනොත් එවෙලේම හොදින් සෝදන්න.

වැදගත් - මෙම ක්‍රමය හැමදාම කරන්න එපා. බේකින් සෝඩා ඉතා සංවේදී ඔබගේ විදුරුමස් වලට හානි ඇති කරන්න පුළුවන්. එනිසා ඉදහිට දවසට එක් වරක් පමණක් මෙම ක්‍රමය අනුගමනය කරන්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 


No comments:

Powered by Blogger.