Header Ads

තරබාරුව නැති කර ලස්සන වෙන්න මෙන්න මේ සරල දේවල් ටික කරන්න.


තරබාරුව නැති කර ලස්සන වෙන්න මෙන්න
 මේ සරල දේවල් ටික කරන්න.

මාංශ කල්‍යාණය යන්වෙන් අදහස් වන්නේ උසට සරිලන මහතින්  යුත් සිරුරකින් යුක්ත වීමය.පුද්ගලයකුගේ බර ප්‍රමාණය,වයස,ස්ත්‍රී පුරුෂ භාවය අනුව නියමිත ප්‍රමාණයට තිබිය යුතුය.මෙමෙ ප්‍රමාණය කිමව යාම අධික තරබාරු බව ලෙස හැදින්වේ.මේදය හෙවත් මේදෝ ධාතුව ශරීරය තුල වර්ධනය වීමෙන් හා එක්රැස් වීමෙන් හට ගන්නා  අධික තරබාරු බව ආයුර්වේද වෙද්‍ය විද්‍යාවේ ස්ථුලතාව නමින් හැදින්වේ.

තරබාරු බව සදහා බලපාන සාධක,

අහාර  රටාව
අධික කැලරි ප්‍රමාණයකින් යුතු ආහාර,පිෂ්ටය හා මේදය බහුල ආහාර ,සේම වඩවන ආහාර නිතර ගැනීමෙන් හා ප්‍රමාණය ඉක්මවා පැණිරස කෑම ගැනීම හා අක්‍රමවත් අයුරින් ආහාර ගැනීමද අධික තරබාරු බවට හේතු සාධක වේ.

ව්‍යායාම
එදිනෙදා අවශ්‍යතාවයට වැඩ අප අනුභව කරන අහාර වලින් වැඩි කොටස මේදය වශයෙන් සමට  යටින් තැන්පත් වී පවතී.වැඩිපුර ශක්තිය වැයවන කාර්යන්හිදී හා ව්‍යායාම කිරීමෙන් තැන්පත් වූ කොටස් දහනව වේ.එසේ නොවුණහොත්  එම මේදය තව තවත් වර්ධනය වී අධික තරබාරු බව ඇති වේ.

ජිවන පුරුදු
නිදි විපර්යාසය හෙවත් දහවල නිදා ගැනීමත්,රාත්‍රී කාලයේ නිදි වැරිමත් දීර්ඝ වෙලාවක් නිදාගෙන සිදිමත් මත්පැන් පානය තරබාරු බවට හෙතුවේ.

දීර්ඝ කාලීනව ඔෂධ භාවිතය
සමහර බටහිර ඔෂධ දීර්ඝ කාලීනව භාවිත කිරීමේ ප්‍රතිපලයක් ලෙසද තරබාරු බව වර්ධනය වේ.උපත් පාලන පෙති භාවිත කිරීමේ අතුරු ප්‍රතිපලයක් ලෙසද තරබාරුව ඇතිවිය හැක.

රෝග තත්ව
තයිරොයිඩ් වැනි රෝගාබාධ තත්වයන් තුලින්ද තරබාරු බව වර්දනය වේ.

මානසික ආතතිය
මානසික අතතියේදී සිදු වන්නේ කෝටිසෝල් නමැති හෝර්මෝනය සිග්‍රව වර්ධනව වීමයි.මෙම කෝටිසෝල් හෝර්මෝනය අපගේ අහර රුචිය වර්ධනය කරන බැවින් එය අධික තරබාරු බවට හේතු කාරක වේ.උසට සරිලන ලෙස බර පවත්වාගෙන යෑමෙන් පුද්ගලයාගේ නිරෝගී බව රැකෙ.

බාහිර පෙනුමෙන්ම තරබාරු අය හදුනා ගත හැකි අතර උකුල,දෙකොපුල්,තොල් කලවා,උදරය යන ස්ථාන වල ශරීර මාංශ එල්ල වැටෙන තරමට මේදය වැඩි ඇති බව ශරීර පෙනුමෙන්ම දැකිය හැක.

අධික තරබරුවට තුන් ආකාරයකින් ප්‍රතිකාර කළ හැක
1.ආහාර ක්‍රම
2.විහරණ ක්‍රම
3.ඔෂධ

1.ආහාර ක්‍රම
මෙහිදී අධික කැලරි ප්‍රමාණයක් අඩංගු ආහාර,පිෂ්ටය හා මේද බහුල ආහාර,පැණි රස ආහාර,මේදය වඩවන ආහාර නොගත යුතුය.බාර්ලි,මුං,කොල්ලු,තෝර ,පරිප්පු,ආදිය හා සියඹලා,කරපිංචා ,ගොරකා,දෙහි ,සුදු ළුණු,රතු ළුණු යහමින් මිශ්‍ර කර සකස් කල ආහාර ගත යුතුය.

අසමෝදගම්,සලාද,මුරුංගා,කොළ,නිවඩු සහල්,අමු ගස් ලබු තම්බා  ආහාරයට ගැනීමෙන් තරබාරුව නැසේ.

2.විහරණ ක්‍රම
විශේෂයෙන්ම ව්‍යායාම කිරීම අවශ්‍ය ය.ශරීරය වෙහෙසවන වැඩ හෝ පුරුදු පුහුණු කළ ක්‍රම අවශ්‍යය.මෙහිදී යෝග ව්‍යායාම ඵලදායි වේ.නිදා ගැනීමේදී ලෑලි ඇදක් භාවිත කිරීම සුදුසුය.එහිදී මස්පිඩු තෙරපීමෙන් මේදය අඩු වේ.

3.ඔෂධ
ආයුර්වේද ඔෂධ රාශියක් වෙද්‍ය ක්‍රමය සතුය.මිට අභ්‍යන්තර ඔෂධ හා බාහිර තෙල් ගලවා ඔස්හධිය වාෂ්ප ශ්වේද ප්‍රතිකාර මගින් ශරීරයේ දහදිය ගැලීමට සැලැස්වීම මගින් අභන්තර මේදය හා සියලුම විෂ අපද්‍රව්‍ය දහදිය මගින් ඉවත් වේ.
*බෙලි මල්,මිදී මුල් ,තොටිල මුල්,පලොල් මුල්,ඇද්දෙමට මුල්, ඔෂධ සම සමව ගෙන තඹ මී පැණි මිශ්‍ර කර උදේ සවස පානය කිරීම.
*සිහින් මිදී මුල් යුෂ මී පැණි මිශ්‍ර කර පානය හෝ සිහින් මිදී මුල් තම්බා මී පැණි සමග උදේ සවස පානය කිරීම.
*වදකහ තේ හැදී 1/2ක් ඇල්දියට දමා හිස් බඩ පානය කිරීම.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.