Header Ads

ගොටුකොල මිටක යුෂ සමග මී පැ‚ හැන්දක් කලවම් කර සෑම උදෑසනකම පානය කරන්න ප‍්‍රතිපල ඔබව මවිත කරයි


ගොටුකොල මිටක යුෂ සමග මී පැ‚ හැන්දක් කලවම් කර සෑම උදෑසනකම පානය කරන්න ප‍්‍රතිපල ඔබව මවිත කරයි

ඕනෑම දේශගු‚ක කලාපයක විශේෂයෙන් සීත පළාත්වල වැවෙන ඖෂධීය පැළෑටියක් හා රසවත් පලා වර්ගයක් ලෙස ගොටුකොළ ශාකය හඳුන්වා දිය හැකියි. ඔබ එදිනෙදා ආහාර වේලට එකතු කර ගන්නා ගොටුකොළ ශාකයේ ඖෂධීය ගුණ අප‍්‍රමාණය. සාමාන්‍යයෙන් ගොටුකොළ හඳුන්වන්නේ ඉහළ යකඩ ප‍්‍රතිශතයක් තිඛෙන පලා වර්ගයක් ලෙසය. ඒ නිසාම පුද්ගලයාගේ කායික, මානසික මෙන්ම බුද්ධිමය වර්ධනයට ගොටුකොළවලින් ලැඛෙන්නේ මහගු පිටුබලයකි


ගොටුකොළ වර්ග කිහිපයක්ම හඳුනාගත හැකියි. විශාල ගොටු කොළ හෙවත් මහ ගොටුකොළ, හීන් ගොටුකොළ, වැල් ගොටුකොළ, පෝච්චි ගොටුකොළ ඒවා වර්ග කර දැක්විය හැකියි


මින් වඩාත් ගුණදායක වන්නේ හීන් ගොටුකොළය. මේ වර්ගයේ ගොටුකොළවල පත‍්‍ර හා නැටි හීනිය. එමෙන්ම වැල් සහිතය. ගොටුකොළ ශාකය අපේ ශරීරයේ හටගන්නා නොයෙකුත් රෝගාබාධ සඳහා විසඳුම් ලබාදෙයි.

ශරීරයේ සියලු රෝග නිවාරණයට


ගොටු කොල මිටක යුෂ මිරිකා ගෙන එයට මී පැ‚ හැන්දක් කලවම් කර සෑම උදසනකම පානය කරන්න

රක්ත පිත්තයට


ගොටුකොළ පත‍්‍ර හොඳින් කොටා යුෂ පානය කරන්න. මේ සඳහා ගොටුකොළ චූර්ණය ද සුදුසුයි.
 

ශුක්‍රාණු සම්බන්ධ ලෙඩ රෝග සඳහා

ගොටුකොළ චූර්ණයක් සේ සාදා එළගි තෙල් සමග උදේට ආහාරයට ගන්න.

මල බද්ධයට

ගොටුකොළ පත‍්‍ර, නැටි, මුල්, සූදුරු සමග කබලේ බැඳ වතුර ස්වල්පයක් සමග පානය කරන්න.

කුඩා දරුවන්ගේ ඇස් ආබාධ, රක්ත හීනතාවට, රුධිරය පිරිසුදු කර ගැනීමට, ස්නායු ශක්තිමත් වීමට


දරුවන්ට ඉඳුල් කට ගෑමෙන් පසු ගොටුකොළ කැඳ හෝ යුෂ ස්වල්පයක් පානය කිරීමට දීම හා මව හැකි තරම් ගොටුකොළ සම්බෝලය, කැඳ, තැම්බුම් හොඳි, යුෂ ආදිය ආහාරයට ගැනීම.

මනසින් හට ගන්නා රෝග නිවාරණයට හා මනස සැහැල්ලු වීම

ගොටුකොළ, මුගුණවැන්න කොහොඹ කොළ සමව ගෙන තැඹිලි වතුරෙන් අනා හිස කුඞ්ඩියක් සේ හිසට දමන්න. පැයකට පමණ පසු ස්නානය කරන්න.

පීනසට


ගොටුකොළ යුෂ, කිතුල් හකුරු හෝ කිතුල් පැ‚ ස්වල්පයක් සමග පානය කරන්න. ගොටුකොළ, ඉගුරු, සුදු ලුනු කොටා පොට්ටනියක් සේ සකස් කර නළල, ඛෙල්ල අවට තබන්න. හොටු දියර ගැලීම නතර වේ.

නිතර වැලදෙන සෙම්ප‍්‍රතිශ්‍යාවට

ගොටුකොළ මුල්, කරදමුංගු සමව ගෙන තම්බා පෙරා මී පැ‚ සමග පානය කරන්න.

දරුවන්ගේ බුද්ධි වර්ධයට හා මතක ශක්තිය වර්ධනයට


ගොටුකොළ යුෂ පානය කිරීම එසේත් නැත්නම් දිනපතා ආහාරයට ගොටුකොළ සම්බෝලය එකතු කර ගන්න. ගොටුකොළ කැඳ පානය කිරීම ද ඉතාමත් සුදුසුය.

යටි බඩ හිරවීමට, මුත‍්‍රා අඩස්සියට


ගොටුකොළ යුෂ, සුදු ලුණු, අමු ඉගුරු වණ්ඩුවේ තම්බා තවන්න.

මුහුණේ කුරුලෑ ඉවත් වී පැහැපත් වීමට

ගොටුකොළ, අමු කහ, මුං ඇට, සමව ගෙන හොඳින් අඹරා රෝස වතුර ස්වල්පයක් මී පැ‚ හා එඩරු තෙල් ස්වල්පයක් දමා අනා මුහුණේ ආලේප කරන්න.

හිස කෙස් සුදු වීම, හැලීම නතර කොට හිසකෙස් වර්ධනයට


ගොටුකොළ, ‍දොඹ දලු, බුලත්, රතු ලුනු සමව ගෙන කොටා තල තෙල්, කළුදුරු, සැවැන්දරා මිශ‍්‍ර කොට මඳ පවනේ උතුරුවා ගන්න නිවුණාට පසු හිසේ ආලේප කරන්න.





No comments:

Powered by Blogger.