මත් පැන් බිව්වොත් ඔබට වෙනදේ මෙන්න.මාරාන්තික රෝක රැසක් අඩු වයසින්ම.
- මත් පැන් බිව්වොත් ඔබට වෙනදේ මෙන්න.මාරාන්තික රෝක රැසක් අඩු වයසින්ම.
මත් පැන් පානයෙන් පසුව ඇතිවන හිසරදය, බඩේ අමාරු සහ අනෙකුත් ඇඟේ අමාරු මගහරවා ගැනීමට නොයෙක් පුද්ගලයින් නොයෙක් ප්‍රතිකාර වර්ග භාවිතා කරති. සමහරු දෙහි, දොඩම් වැනි ඇඹුල් වර්ග පානය කරති. තවත් සමහරු වැඩි වේලාවක් ස්නානය කරති. තවත් සමහරු වමනය කරති. තවත් අය වේදනා නාශක ඖෂධ භාවිතා කරති. අවසානයේ කාලයා විසින්ම ප්රශ්නය විසඳී යයි.
මත්පැන් පානය කිරීමෙන් පසුව හිසරදය සහ ඇඟේ පතේ අමාරු හට ගැනීමට ප්‍රධාන හේතුව සිරුරේ ඇති ජල මට්ටම මුත්‍රා වශයෙන් සිරුරෙන් වැඩි වශයෙන් පහවී යැමෙන් සිරුර විජලනයට පත් වීමයි. මත් පැන් පානය කිරීමෙන් පසුව වැඩිපුර ජලය පානය කොට නින්දට යැමෙන් සිරුරේ විජලන තත්ත්වය මඟහරවාගෙන හිසරදය අවම කරගත හැකි වේ.
මත්පැන් නිෂ්පාදනය කරන්නේ සීනි (ග්ලූකෝස්) හෝ වෙනත් ඒවා ඒ හා සමාන දේවල් පැසීමට හැරීමෙන්ය. මත්පැන් සුළු වශයෙන් ගත් විට ආහාර රුචිය වැඩිවන අතර සිරුරට සුවදායී හැඟීමක් දනවයි. මන්ද යත් සිරුරේ රුධිර ගමන එමඟින් වැඩි වන අතර එමඟින් රුධිරය උණුසුම් වී අලසකම පලවා හැර සිරුරේ ක්‍රියාකාරිත්වය වැඩි කරයි. මනසේ ඇති විවිධ දේවල් වලින් අත් මිදී ලැඡ්ජා බය ක්‍රමයෙන් පහව ගොස් විවෘත බවක් ඇති වේ.
නමුත් මත්පැන් පමණට වඩා පානය කිරීමෙන් රුධිරයේ මද්‍යසාර මට්ටම ඉහළ යැමෙන් කරන කියන දේ අමතක වී ගොස් ලැඡ්ජා බය මුළුමනින්ම පහව ගොස් පිස්සු නටන තත්ත්වයකට පත් වේ. සමහර පුද්ගලයින් තම නිවෙස්වල යකා නටන අවස්ථා එමටය. අවසානයේදී සිහි මුර්ජා තත්ත්වයකට පත් වේ.
දිනපතා නිතරම ටික ටික මත්පැන් පානය කිරීමෙන් මත්පැනට ඇබ්බැහිවීම ඉතාම පහසු කරවයි. ඉන් පසුව සෑම දිනකම යම් වේලාවක් තුළ උදේ හෝ සවස හෝ තමන් පුරුදු වී සිටින යම් වේලාවක මත්පැන් නැතිවම බැරිවී යන තත්ත්වයකට පත් වේ. එවිට ඔහු හෝ ඇය මත් පැනට ඇබ්බැහි වී ඇතැයි කිව හැකිය.
මුලින් ඇතිවන මානසික ඇබ්බැහිවීම පසුව කායික ඇබ්බැහිවීමකට පෙරළේ. ඊළඟට මත්පැන් පානය කරන්නේ කොයි වේලාවේදැයි ඇඟට ඉස්පාසුවක් නොදැනෙන්නට පටන් ගනී. සිතට ගතට කාන්සිය ඇතිවේ. ඇඟපත වෙව්ලීමට පටන් ගනී. වැඩක් පලක් කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වේ. එක් එක් පුද්ගලයින් මත්පැන් පානය කරන ආකාරය අනුව ඔවුන් රෝගී වීමට ගත වන කාලයද වෙනස් වේ.
ටික ටික මත්පැන් පානය කිරීම
පළමු මත්පැන් වඩියෙන් පසුව නැවත මත් ගතිය පහව යන විට එය රඳවා ගැනීමට තවත් වඩියක් පානය කරයි. ඒ ආකාරයට මෙය දම්වැලක පුරුක් මෙන් දවස පුරාම සිදු කරයි. මෙය මත්පැන් පානය කරන ආකාරයන්ගෙන් ඉතාමත් භයානකම සහ නරකම ආකාරය ලෙස ගත හැකිය. මෙමඟින් ඉතා ඉක්මනින්ම රෝගාතුර විය හැකිය.
මත්පැන් පානය නිසා සිරුර රෝගී වන ආකාරය(
සිරුරේ අක්මාව නම් ඉන්ද්රිය මඟින් සිරුරට ඇතුළු වන කොටස් අවශෝෂණය කරගෙන සිරුර නිර්විෂ කරයි. අක්මාව නිරන්තරයෙන්ම වර්ධනය වන ඉන්ද්‍රියකි. මිය යන අක්මා සෛල වෙනුවට නැවත සෛල උපදී. එමඟින් අක්මාව විනාශ වන්නට නොදී ආරක්ෂා කර ගනී. අක්මාවට විවේකයක් ලද විගස නැවත සෛල වර්ධනය වීම සිදුකරයි. මත් පැන් පානය කිරීම මගින් අක්මා සෛල විනාශ වී යයි. දවස පුරාම මත්පැන් ටික ටික පානය කිරීමෙන් අක්මාවට නැවත සෛල වර්ධනය කර ගැනීමට විවේකයක් ඇති වන්නේ නැත. මෙමඟින් දවස පුරාම රුධිරයේ මද්‍යසාර මට්ටම ඉහළ ගොස් පැවතීම හේතුවෙන් අක්මා සෛල විනාශ වී යැම මිස නැවත වර්ධනයවීම සිදු වන්නේ නැත. පවතින අක්මා සෛල විනාශ වී ගොස් නැවත වර්ධනය නොවීමෙන් අක්මාව ක්‍රියාවිරහිත වීමට, ඝනවීමට ලක්වේ. මෙය සිරුරේ අනෙකුත් ඉන්ද්‍රියන්ටද සෘජුවම බලපායි. මෙම රෝග තත්ත්වය "සිරෝසීස්" ලෙස හඳුන්වයි.
බඩ ඉදිමී ඉදිරියට නෙරා එයි. ආමාශයේ සහ අන්ත්‍රවල තුවාල හට ගනී. අක්මාව ඝනවීම නිසා අක්මාවට රුධිරය සපයන රුධිර නාලවල ඇතිවන පීඩනය හේතුකොට ගෙන ගලනාලයේ අග කොටසේ ඇති සිහින් රුධිර නාල පුපුරා යැමෙන් රුධිරය සමඟ වමනය පිටවීමට පුලුවන. ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම වාගේ ඇනහිටී. බඩ පුරවා දමයි. ගල් ගැසුනාක් වැනි වේ. බට මාර්ගයෙන් ආහාර ලබා දීම සිදුවේ. මළ මූත්‍ර පිටකිරීමටද බට යොදා ගැනීමට සිදුවේ. ඉහත රෝග ලක්ෂණ ඇති රෝගීන් ඉක්මනින් මිය යැමට පුළුවන.
මතට සහ දුමට ඇබ්බැහි වූවන්ට ඇතිවිය හැකි රෝග.
සිරෝසීස්
හෘදයාබාධ
වකුගඩු අක්‍රීය වීම
ගැස්ට්‍රයිටිස්
දියවැඩියාව
අර්ශස්
ඇස් පෙනීම දුර්වලවීම සහ වෙනත් විවිධ රෝග
මෙම රෝගී තත්ත්වයන් පුද්ගලයන්ගේ සිරුරේ පවතින ශක්තිය මත ර¹ පවතී. එම නිසා මතක තබා ගත යුතු කරුණ නම් තම මිතුරෙකු, සහෝදරයකු හෝ වෙනත් කෙනෙක් බීමතින් කල් ගත කළත් ඔහුට ඉහෙන් බහින රෝගයක් නොමැති යෑයි සිතා තමන්ද මත් පැනට පුරුදුවීම ඉතාමත් අනුවණ ක්‍රියාවක් බවයි. මන්දයත්, තම සිරුරේ නිරෝගීතාවය අන් අයට වඩා අඩුවිය හැකි අතර සහ අනෙකුත් සාධක මත ඔහුට වඩා ඉක්මනින් තමන් රෝගී විය හැකි බැවිනි.
මත්පැනින් අත්මිදීමට ඉතාමත් පැරණි විශිෂ්ට වෛද්‍ය ක්‍රමයක් වන ආයුර්වේදය තුළට යොමු වීමෙන් පහසුවෙන් මත් පැනින් ගැලවීමටත් සුවදායක ජීවිතයක් ළඟා කර ගැනීමටත් හැකියි.
දුරකථන අංක 0718578401 හෝ 0772017217
වෛද්‍ය හේමාල් පිලපිටිය,
පිලපිටිය වෙද මැදුර,
මීගමුපාර.
අලුත් මල්කඩුවාව, කුරුණෑගල.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි
No comments: