පමණට වැඩිය වතුර බිව්වොත් මුත්‍රාශයේ ගල් ඇතිවෙන බව ඔබ දන්නවාද?

අද අප ‘සුවමඟ’ විශේෂාංගයෙන් තොරතුරු විමසා බලන්නේ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන රෝගාබාධ පිළිබඳවයි. මෞත්‍ර ලිංගික පද්ධතියට වකුගඩු, මුත්‍රාශය, මුත්‍ර මාර්ගය වැනි කොටස් ගණනාවක්ම අයත් වෙනවා. මේ පිළිබඳව තොරතුරු විමසා බැලීමට අප හමු වුණේ, කොළඹ ජාතික රෝහලේ මෞත්‍ර ලිංගික රෝගාබාධ පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නෙවිල් ඩී. පෙරේරා මහතායි.
වෛද්‍යතුමනි මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව බහුලව ඇතිවන රෝගාබාධ මොනවා ද?
හඳුනා ගැනීමේ පහසුවට මෙම රෝගාබාධ ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. එකක් වෛද්‍යමය රෝග අනෙක ශල්‍යමය රෝග. වෛද්‍යමය රෝග ලෙස හැඳින්වෙන්නේ ඖෂධ භාවිතයෙන් සුවකළ හැකි රෝග. ශල්‍යමය රෝග සුව කිරීමට ශල්‍යකර්ම අවශ්‍ය වෙනවා. වෛද්‍යමය රෝග අතරට වකුගඩු අකර්මණ්‍ය වීම (ක්‍රියා විරහිත වීම,) අයත් වෙනවා.
මෙයත් හදිසියේ ඇතිවන වකුගඩු අකර්මණ්‍යතාව සහ දීර්ඝකාලීනව සිදුවන වකුගඩු අකර්මණ්‍යතාව ලෙස කොටස් දෙකයි. දීර්ඝකාලීනව සිදුවන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතු වන්නේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය යන රෝගාබාධ නිවැරැදි ලෙස පාලනය නොකිරීමයි. ඊට අමතරව මුත්‍රාශය ආශි‍්‍රතව ඇතිවන ආසාදන නොසලකා හැරීම ද හේතුවක්.
හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයට බොහෝවිට හේතු වන්නේ යම් යම් ඖෂධ විෂ වීම, විෂ ශරීරගත වීම, නයි විෂ පොලොන් විෂ ආදිය ශරීර ගත වීම ආහාර විෂ වීම වැනි කරුණුයි.
අනුරාධපුරය ආශි‍්‍රත ප්‍රදේශයේ පැතිර යන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතු තවමත් නිවැරැදි ලෙස හඳුනාගෙන නැහැ. මෙවැනි හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයන් එකක්වත් ශල්‍යකර්ම මඟින් සුවකළ නොහැකියි. එහිදී කළ යුත්තේ ඖෂධීය ප්‍රතිකාර කිරීමයි. එසේ සුව නොවුවහොත් කළ යුත්තේ රුධිරය පිරිසිදු කරන යන්ත්‍රයක් මඟින් රුධිරය පිරිසිදු කිරීමයි.
වකුගඩු ආශි‍්‍රතව සිදු කෙරෙන ශල්‍යකර්ම වලින් බහුලවම කෙරෙන්නේ වකුගඩුවේ ඇතිවන ගල් ඉවත් කිරීමයි. මුත්‍රාශයේ හෝ වකුගඩුවල ඇතිවන ගල් නිර්මාණය වන්නේ එම ඉන්ද්‍රියන් තුළමයි. එම ගල් නිර්මාණය වීමට බෙහෙවින් හේතු වන්නේ කැල්සියම් ඔක්සලේට් නම් රසායනික ද්‍රව්‍යයයි. ඊට අමතරව කැල්සියම් කාබනේට්, යුරික් ඇසිඩ් ආදිය නිසා ද වකුගඩු මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වෙනවා.
කැල්සියම් ඔක්සලේට් වලින් ගල් නිර්මාණය වීමට හේතු කීපයක්ම බලපාන බව පෙනී යනවා. ප්‍රධාන හේතුව ශරීරයේ ඇතිවන විජලනයයි. සාමාන්‍යයෙන් කැල්සියම් ඔක්සලේට් ස්ථටික මුත්‍රාවල තිබෙනවා. ශරීරයට ලැබෙන ජලය ප්‍රමාණය අඩු වුවහොත් ශරීරය වියළි මෙම ස්ථටික වකුගඩුවල තැන්පත් වෙනවා. ශරීරයෙන් හොඳින් මුත්‍රා පිට නොවීමට, මුත්‍රාශයේ සහ වකුගඩුවල ගල් නිර්මාණය වීම ප්‍රධාන හේතුවක්. මෙම ගල් නිර්මාණය වන්නේ කුඩා ස්ථටිකයකින්.
මෙම ස්ථටික මුත්‍රා සමඟ පිට වූවොත් ගල් නිර්මාණය වන්නේ නෑ. යම් හේතුවකින් (වකුගඩු තුළ නාල අවහිර වීමක් වැනි) මෙම ස්ථටිකය වකුගඩුව ඇතුළේ තැන්පත් වුවහොත් එය වර්ධනය වීමට පටන් ගන්නවා. ඊට අමතරව කැල්සියම් ස්ථටික නිර්මාණය කරන රෝගයක් ඇතැමුන් තුළ තිබෙනවා. මෙය ඉතා කලාතුරකින් දක්නට ලැබෙන රෝගයක්.
ඇතැමුන්ගේ ශරීරයේ කැල්සියම් ඔක්සලේට් ප්‍රමාණය වැඩිවන අවස්ථාත් තිබෙනවා. ඒවා සාමාන්‍ය තත්ත්වයන් නොවේ. මෙම සිදුවීම්වලට ශරීරය තුළ සිදුවන යම් යම් ක්‍රියාකාරකම් හේතු වෙනවා. ඇතැමුන් අතර මතයක් පවතිනවා ඉහත රෝගවලට ප්‍රතිකාර කරන අතරතුර කිරි, හාල්මැස්සන් වැනි කැල්සියම් අඩංගු ආහාර නොගත යුතු බව මෙය වැරැදි මතයක්.
කොළඹ ජාතික රෝහලේ මෞත්‍ර ලිංගික රෝගාබාධ පිළිබඳ විශේෂඥ ශල්‍යවෛද්‍ය මහාචාර්ය නෙවිල් ඩී. පෙරේරාඅතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: