Header Ads

මුහුණේ තිබෙන කැළැල් තිබුණ තැනවත් හොයාගන්න බෑ මේ විශ්මිත ඔසුව ඔබත් පාවිච්චි කරනවනම්.


මුහුණේ තිබෙන කැළැල් තිබුණ තැනවත් හොයාගන්න බෑ මේ විශ්මිත ඔසුව ඔබත් පාවිච්චි කරනවනම්.

කුරුලෑ හෝ කුරුලෑ වලින් ඇතිවුන කැළැල් නිසා වද විඳින කෙනෙක් හොයාගන්නවත් බැරිබව ඔයාලා දන්නවනේ. පිරිමි අය කෙසේ වුනත් කාන්තවන්නම් මෙම කුරුලෑ ආදී දෙයින් මුහුණට වන හානිය පිලිබදව හරිම කල්පනවෙන්නේ ඉන්නේ. ඔන්න අද අපි කියලා දෙන්නේ කහ මුලික කරගත් කදිම මුහුණු ආලේපනයක් හදා ගන්නා විදියයි. ඉන්දියවෙනම් මේකට කියන්නේ Golden Mask කියලලු.

කහ වල ඇති ගුණ බොහොමයි. එයින් කුරුලෑ හෝ කුරුලෑ වලින් ඇතිවුන කැළැල්, සම රැලිවටීම් නවතා දමයි. කහ රුපලාවන්‍ය ද්‍රව්‍යයක් ලෙස ඉන්දියාව වගේම රෝමානු කාන්තාවන්ද භාවිතා කර ඇත.

අප කියලාදෙන මෙම ආලේපය සදා ගැනීමට මුලික වෙන්නේ කහ සහ යෝගට්. නමුත් ඔබගේ මුහුණේ තත්වය අනුව මීපැණි, එළවලු තෙල්, කෝමාරිකා හෝ නැවුම් යුෂ එකතු කර ගන්න පුළුවන්.

සාමාන්‍ය සමට

අවශ්‍ය දේ

- යෝගට් තේ හැන්දක්
- කහ තේ හැදී භාගයක්
- ලෙමන් යුෂ බින්දු කීපයක්

සියලු දේ හොදින් මිශ්‍ර කර ගන්න. කලින් සෝදා පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 30ක් සිටින්න. ඉන්පසු සෝදා හරින්න.

තෙල් සහිත සමට

අවශ්‍ය දේ

- යෝගට් තේ හැන්දක්
- කහ තේ හැදී භාගයක්
- කෝමාරිකා ජෙල් බින්දු කීපයක්
- මීපැණි තේ හැදී භාගයක්

සියලු දේ හොදින් මිශ්‍ර කර ගන්න. කලින් සෝදා පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 30ක් සිටින්න. ඉන්පසු සෝදා හරින්න.

වියලි සමට

අවශ්‍ය දේ

- යෝගට් තේ හැන්දක්
- කහ තේ හැදී භාගයක්
- කැමති තෙල් තේ හැදී භාගයක් (පොල්තෙල්, ඔලිව් ඔයිල්)

සියලු දේ හොදින් මිශ්‍ර කර ගන්න. මද උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 30ක් සිටින්න. ඉන්පසු සෝදා හරින්න. සතියට 3 වරක් පාවිච්චි කරන්න. සම දැඩිව වියලි නම් නිතරම භාවිතා කිරීම වඩා යෝග්‍යය. කිරි බින්දුවක් දෙකක් එකතු කිරීමෙන් සම කහ පැහැතිවීම නැති කරගන්න පුළුවන්.




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 


No comments:

Powered by Blogger.