Header Ads

තරුණ බව රැකගන්න කාන්තාවන් මේ රහස් පිළිපදින්න.


තරුණ බව රැකගන්න කාන්තාවන් මේ රහස් පිළිපදින්න.

නිරවුල් මනසකින් සිටීමට උත්සහ කරන්න. මෙය අද කාලය අනුව ගත් කල ඉතාමත් අපහසු වුවත්, ජපන් ජාතිකයින් මානසික ව්‍යායාම් ,ශාරීරික ව්‍යායාම් සහ යෝග වැනි ව්‍යායාම් කලාවන් අනුගමනය කරීම මගින් මානසික ආතතිය සාමනය කර ගැනීමට පුරුදු වී සිටියි. මෙය රෝග තත්වයන් ඇති වීම වලක්වා ගැනීමට වඩාත් සුදුසු ක්‍රමයකි.

ඇවිදීම
අඩුම තරමින් පැය දෙකක්වත් ඇවිදීමට පුරුදු කර ගන්න. ජපන් ජාතිකයින් වාඩි වී සිටිනවාට වඩා වැඩි කාලයක් ඇවිදීමට පුරුදු වී සිටින අතර මෙයින් ආයු කාලය වසර 7ක් දිගු කර ගැනීමට හැකියව ඇත.

ප්‍රමාණයකට ආහාර අනුභව කරන්න
ආහාර අනුභවයෙදී උදරයෙන් 80% පිරුණු විට ආහාර අනුභවය නතර කිරීමට උත්සහ ගන්න. එසේම කැලරි ප්‍රමාණය ඉතා අධික ආහාර ගැනීමෙන් වැලකී සිටීමට උත්සහ ගන්න. සමබර ආහාර වේලක් ගැනීමට මතක තබා ගන්න.

පලතුරු වර්ග ආහාරයට එකතු කර ගන්න.
හොඳින් ඉදුණු පලතුරු ඔබගේ ආහාර වේලට එකතු කර ගන්න. පලතුරු ශරීරයට ඉතාමත් ගුණදායක ආහාර ජීර්ණයට වඩාත් යෝග්‍ය වේ.

පැණිරස කෑම අතුරුපස ගැනීම අවම කන්න.
බටහිර රටවල ජනතාව ආහාර වේලට පසුව කේක් වැනි පැණිරස අතුරු පසකින් තම ආහාර වේල අවසන් කරන අතර ජපන් ජනතාව තම ආහාර වේලට පසුව ග්‍රීන් ටී එකක් ඒ වෙනුවට පානය කරීමට පුරුදු වී සිටියි. ඔබට පැණිරස කෑම නතර කිරීමට නොහැකි නම් ඉතා සුළු වශයෙන් උදැසනම ගැනීමට පුරුදු වන්න.

මෙය පුරුද්දක් ලෙස දිගට පවත්වාගෙන යාමෙන් ඔබගේ ශරීරයේ බර අඩු කර ගැනීමට සහ ඉන වට ප්‍රමාණය අඩු කර ගැනීමට ත් ඉතා සිහින් සිරුරකට උරුමකම් කීමට ඔබටත් හැකියාව ලැබෙනු ඇත.

අන්තර්ජාලයේ ලිපියක් ඇසුරින්.


 

No comments:

Powered by Blogger.