ගර්භණී සමයේ ඔබට ඇතිවෙන කොන්දේ වේදනාව නැති කරගන්න මෙන්න මේ දේවල් කරන්න.

ගර්භණී සමයේ කොන්දේ වේදනාව ඇතිවීම බහුලව දක්නට ලැබෙන දෙයක්. එය ඇතිවීමට සහ තවදුරටත් වැඩිවීමට හේතු වන්නේ ගර්භණී සමයේදී මවගේ පවතින වැරදි ඉරියවු සහ ශාරීරික චලනයන් ය. එමනිසා, ගර්භණී මවක් නිවැරදි ඉරියවු සහ චලන පිළිබඳ දැනගැනීම සහ ඒවා අනුගමනය කිරීම වැදගත් වේ. ඇතැම් ව්‍යායාම සහ නිවසේදි කල හැකි ප්‍රතිකර්ම මගින් කොන්දේ වේදනාව සමනය කරගැනීමට හැකියාව ලැබේ.
කොන්දට ඇදෙන සුලු ව්‍යායාම (Stretching exercises) කිරීමෙන් ගර්භණී මවට ඇතිවන කොන්දේ වේදනාව අඩු කරගැනීමට හැකියාව ලැබේ. මෙම ව්‍යායාම එක වරකට වාර 10-15 බැගින් දවසට දෙවරක් කරන්න. පුටුවක් ගෙන, කොන්ද කෙලින් තබාගෙන වාඩිවෙන්න. ඉන්පසුව, කොන්දේ මාංශ පේශි ඇදෙන පරිදි පිටුපසට කොන්දේ වක්‍රයක් ඇති වනසේ, කොන්ද පිටුපසට තල්ලු කරන්න. මෙය වාර 10-15 ක් කරන්න. මෙම ව්‍යායාමය සිටගෙන ද කලහැක. සිටගෙන කොන්ද කෙලින් තබාගෙන, අත් දෙකද ඉණෙහි තබාගන්න. ඉන් පසුව, පිටුපසට කොන්දෙහි වක්‍රයක් ඇති වනසේ, කොන්ද පිටුපසට තල්ලු කරන්න. මෙය වාර 10-15 ක් කරන්න.
දෙවන ව්‍යායාමය මෙසේ කලහැක. බිම දණගසා, අත් දෙක වැලමිටෙන් නොනවා බිම තබන්න. කොන්ද උඩට වක්‍ර වනසේ උඩට තල්ලු කරන්න. නැවත කොන්ද කෙලින් තබාගන්න. මෙම ව්‍යායාමය ද එක වරකට වාර 10-15 ක් බැගින් කරන්න.
ගර්භණී සමයේ කොන්දේ වේදනාව සමනය කරගන්නේ කෙසේද? 2
ගර්භණී සමයේ කොන්දේ වේදනාව සමනය කරගන්නේ කෙසේද? 3
මෙම ව්‍යායාම මගින් කොන්දේ මාංශ පේශි වල නම්‍යශීලීතාවය වැඩි දියුණු වන බැවින්, ගර්භණී සමයේ ඇතිවන කොන්දේ වේදනාව සමනය කිරීමට උපකාරී වේ. ගර්භණී ඔබට වෙහෙස හෝ කොන්දේ වේදනාව පවතින විට, පහත ඉරියවු වල විනාඩි කිහිපයක් සිටීමෙන්, වෙහෙස සහ කොන්දේ වේදනාව අඩු කරගත හැක.
අත් දෙක ඉණට ගෙන, කොන්ද කෙලින් තබාගෙන සිටගන්න.
බිම දණගසන්න. ඉන් පසුව, ඉදිරියට නැවෙමින් අත් සහ වැලමිට බිම ස්පර්ශ වනසේ තබන්න.
බිම දණගසා ඔබේ විළුඹ මත වාඩිවෙන්න. ඉන් අනතුරුව, ඉදිරියට නැවී අත් සහ වැලමිට බිම ස්පර්ශ වනසේ තබන්න.
ගර්භණී සමයේ කොන්දේ වේදනාව සමනය කරගන්නේ කෙසේද? 4
කොන්ද හොඳින් බිම ස්පර්ශ වනසේ උඩුබැලි අතට බිම වැතිරෙන්න. ඉන් පසුව, දෙපා උකුලෙන් සහ දණහිස් වලින් නැවෙන පරිදි පුටුවක් උඩ තබාගන්න.
ඔබට කොන්දෙහි තද වේදනාවක් ඇතිවේ නම්, උණු වතුරෙන් කොන්ද තැවීම කලහැක. ඒ වගේම, ඔබේ ස්වාමියා හෝ පවුලේ වෙනත් සාමාජිකයෙකු ලවා කොන්ද සම්බාහනය කිරීම ද කලහැක. කොන්ද සම්බාහනය කරන විට, කොන්දේ මාංශ පේශි මත ඇඟිලි තුඩු මෘදුව තබා, වක්‍රාකාරයට චලනය කරමින් සම්බාහනය කරගන්න. පළමුව, ගෙල පිටුපස ප්‍රදේශයෙන් ආරම්භ කර, ක්‍රමයෙන් කොන්ද දිගේ උකුල ප්‍රදේශයට එන තෙක් මෘදුව සම්බාහනය කරගැනීම සුදුසු වේ. මෙහිදී, කොඳු නාරටිය දෙපස මාංශ පේශි හොඳින් සම්බාහනය කල යුතුය. කොන්ද සම්බාහනය කිරීමෙන්, ගර්භණී ඔබගේ කොන්දෙහි වේදනාව අඩුවනවා සේම, ඔබට කායිකව සහ මානසිකව ලිහිල් බවක් දැනෙනු ඇත. කෙසේ වෙතත්, ඔබගේ කුස මත කිසිඳු පීඩනයක් ඇති නොවීමට වගබලාගත යුතුවේ.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: