Header Ads

හදවත් රෝගවලින් බේරෙන්න දැන්ම ඉදන් මෙන්න මේ දේවල් හරියටම හැම කෙනෙක්ම පිළිපදින්න.


හදවත් රෝගවලින් බේරෙන්න දැන්ම ඉදන් මෙන්න මේ දේවල් හරියටම හැම කෙනෙක්ම පිළිපදින්න.


හදවත් රෝග මෙකල ඉතා සුලබය. ඒවායින් මිදීමට සෑම කෙනෙකුම පාහේ උත්සුක විය යුතුය. මෙකල සුලබ වූවත් අතීතයේ මෙවන් රෝග වල එතරම් වැඩිවීමක් අද දවසේ මෙන් දක්නට නොලැබිණ. ඒ එදා අපගේ පූර්වගාමීන් සතු වූ මනා ආහාර හා විහරණ සිරිත් හේතුවෙනි. හදවත් රෝග වලින් මිදීමට සපුරාලිය යුතු වත් පිළිවෙත් ගැන මේ ලිපියෙන් දැක්වේ.

හෘද රෝග වලට හේතු

ඉතා අධි ඌෂ්ණ ආහාර ගැනීම

ඉතා බර ආහාර ගැනීම

ආහාර නොදිරවා සිටියදී නැවත ආහාර ගැනීම

අභිතාතජ - පපුවට පහරක් එලල් වීම

වේගධාර

දුම්පානය කරන්නන්

වැඩිපුර තෙල් සහ මේදය අඩංගු ආහාර ගැනීම

අධික සිත් තැවුල

කලබලකාරී දිවි පෙවෙතක් ගත කරන්නන්

දියවැඩියාවෙන් පෙළෙන්නන්

වියායාම ආදී මහන්සි වී වැඩි නොකරන අය

වෛරී හා ක්‍රෝධ සිත් ඇති වූවන්

අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්

උපතින්ම විවිධ ජානවල සංකූලතා නිසා

අධික ශෝකය සහ බිය නිසා

සීමාව ඉක්මවා සතුට වැඩි වූ විට

විවිධ රෝගවල එකතුවක ප‍්‍රතිඵලයක් ලෙස

අධික තරබාරුව

රුධිරගත මේදය අධික වීම

මානසික පීඩනය සහ නොසන්සුන්තාවය

රාජකාරිමය කාර්යාලවල සිදුවන මානසික ආතතිය

ආයුර්වේදයට අනූව හෘද රෝග විවිධ ආකාරයෙන් උත්පාද වන්නේය. මේ ඒ පිළිබඳව විස්තරයකි.

වාතයෙන් උපන් හෘද රෝගයෙහි ලක්ෂණ…

හෘදය අදින්නාක් මෙන් වේදනාව

ඉදිකටු වලින් අනින්නාක් මෙන් වේදනාව

අඩුවකින් අල්ලන්නාක් මෙන් වේදනාව

කියතකින් ඉරන්නාක් මෙන් වේදනාව

හෘදය පුපුරන්නාක් මෙන් වේදනාව

හෘදය පොරවකින් පලන්නාක් මෙන් වේදනාව යන ලක්ෂණ ගෙන දේ

පිත්තජ හෘද රෝග ලක්ෂණ…
අධික පිපාසය

ඌෂ්ණ බව

මද දැවිල්ල

මුඛයේ වියළි බව සහ ඝෝෂාව

උරන්නාක් මෙන් දැවිල්ල

සිහි නැති වීම

අධික දහඩිය වැගිරීම

සෙම්ගත හෘද රෝග ලක්ෂණ
ඇගපත බරවීම

හදවතේ තච ගතිය

රස වැගිරීම

කෑම අරුචිය

බඩගින්න අඩුබව

භ‍්‍රස්ම හෘද රෝග…

හෘදය ඉදිමීම

කලු දුඹුරු පාටින් ඇස් ඇති බව

කෑම අරුචිය

මීට අමතරව වෙනත් මෙහි සඳහන් නොවන ලක්ෂණද ඇතිවිය හැක.

හෘදයාබාධයකදී දැනෙන රෝග ලක්ෂණ…
හෘදයාබාධයකදී දැනෙන වේදනාව පපුවේ වේදනාවක් යැයි මූලිකව සඳහන් කළ හැකි මුත් මුලින් සඳහන් කළ පරිදි සෑම පපුවේ වේදනාවක්ම හෘදයාබාධ නිසා ඇති වෙන්නේ නැත.

පපුවේ මතුපිට ඇති සමේ වේදනාව, මස්පිඩුවල වේදනාව, ඉළ ඇටවල වේදනාව, පෙනහැල්ලෙන් ප්ලුරාවෙන් ඇතිවන වේදනා පපුවේ වේදනා ලෙස අපට දැනේ.

හෘදයාබාධයකදී දැනෙන වේදනාවන්…
පපුවේ මැද වේදනාව විනාඩි කිහිපයක් පවතින අතර මෙම වේදනාව පපුව තෙරපනවා මෙන් දැනේ. මහා බරක් තිඛෙනවා වැනි වේදනාවකි.

වම් අත පහලට හෝ හක්ක දෙසට හෝ විහිදී යන වේදනාව මෙම වේදනාව පිට පැත්තේ උරපතු ඇට දෙක අතරටද දිව යා හැකිය.

බඬේ දැවිල්ල මෙන් වෙදනාව ඇතිවේ. මෙහිදී රෝග ලක්ෂණ කිහිපයක්ද ඇතිවිය හැකිය එනම් 
 අධික දහඩිය දැමීම
 වමනය හා ඔක්කාරය
 පපුවේ ගැස්ම
 හිස කරකැවිල්ල
 හුස්ම ගැනීමේ අපහසුව

අධික වෙහෙස වීමේදී ක්ලාන්ත ස්වභාවය ඇතිවීමද හතිය ඇතිවීමද අමතර රෝග ලක්ෂණ ඇතිවිය හැක.

සමහරුන්ට හෘදයාබාධයකදී දැනෙන්නේ පපුවේ වේදනාව නොව බඬේ දැවිල්ලය. ඇතැම් අයට අපහසුව දැනෙන්නේ ඛෙල්ලේ හේ යටි හණුවේ පම‚. තවත් අයට වේදනාව දැනෙනුයේ උරපත් ඇට දෙක අතර කොඳු ඇට පෙදෙසිනි. ඒ නිසා හෘදයාබාධයක මුලින්ම ඇති වන්නේ පපුවේ වේදනාව යැයි නොසිතිය යුතුයි.

හෘදයාබාධ හටගන්නේ කෙසේද ?

මූලිකම ක‍්‍රියාව වන හෘදය මුළු සිරුරටම රුධිරය පොම්ප කරන බලාගාරයයි. අති විශාල සෝතස් වලින් මුළු ශරීරය පුරාම ඔක්සිජන් රුධිරය හා පෝෂ්‍ය කොටස් ශෛල වලට ධාතු වලට ලබා දේ. මෙම සෝතස් අවරෝධකතාවය හෘද රෝග වලට මූලිකම හේතුවයි. හෘදය සිරුරේ තවත් ජීවී අවයවයකි. එයටද ජීවය රැුක ගැනිම සඳහා රුධිරය සැපයුමක් අවශ්‍ය වෙයි.

හෘදයටද රුධිර සැපයෙන්නේ ප‍්‍රධාන රුධිර නාල දෙකකිනිි. කාලයක් තිස්සේ හෘදය තුළ ඇති රුධිර නාල වල බිත්තියේ ආමය තැන්පත් වීමෙන් දුෂිත වූ රස ධාතුව සෙනසුන් (කුඩා වාහිනී) අවරෝධකතාවයෙන් හෘදයට රුධිර සැපයීම අඩාල වීම නිසා හෘදයේ එක් කොටසක් මිය යෑම හෝ අර්ධ වශයෙන් මිය යෑම, මිය ගිය පේශිය ඇති ස්ථානයේ නැවතත් තන්තු පටක තැන්පත් වී කැළලක් හට ගනී.

රුධිර නාල බිත්ති ඝන වන හේතු

එම ස්ථානයේ පේශි වර්ධනය නොවන නිසා හෘදයේ ඇති රුධිරය පොම්ප කිරීමටද ඇති ශක්තිය හීන වී යයි. එනම් ඉතා කුඩා රුධිර වාහිනී මත මේද තැන්පත් වීම, විවිධ ලවණ වර්ග තැන්පත් වීම, ආම රසය තැන්පත් වීම හේතුවෙන් රුධිර නාල බිත්ති ඝන වේ.

මේ නිසා නම්‍යශීලීත්වය අඩු වේ, ඉලාස්ටික් තත්ත්වය අඩු වේ, නාල පටුවීම නිසා නාලවල ඇදෙන ස්වභාවය අඩුවීම නිසා රුධිර පීඩනය වැඩි වේ, මේ නිසා හෘදයට අධික ලෙස වෙහෙසට පත් වීමට සිදුවේ, මක්නිසාද යත් මුළු ශරීරයට අවශ්‍ය ඔක්සිජන් හා පෝෂŒය කොටස් සපයන ප‍්‍රධාන බලාගාරය හෘදය වීමයි. සෝතස් අවරෝධකතාවය හේතුවෙන් මුළු ශරීරයට ධාතු පෝෂණය අඩු කරයි. මේ නිසා විවිධ සංකූලතා ඇතිවිය හැකිය.

හෘද රෝග වළක්වා ගැනීමට සුදුසු ඇවතුම් පැවතුම්

1. මානසික සුවය

2. වියායාම

3. ආහාර

01. මානසික සුවය
භාවනා කිරීම

ධර්මයෙහි හැසිරීම

සමාජ යහජීවනය

මෛත‍්‍රී කිරීම

සිනහමුසු මුහු‚න් සිටීම

වෛරය ඊර්ෂ්‍යාව ක්‍රෝධය අත්හැරීම

මානසික පීඩනය අඩුවන අයුරින් වැඩ කිරීම

කල්වේලා ඇතිව තමන්ගේ රාජකාරිය ඉටුකිරීම

ඉවසීම පුරුදු කිරීම

ධර්මය ඇසීම

සරල ජීවන විලාශයක් ඇති කිරීම

සාමූහිකත්වය හා සතුට ඛෙදා ගැනීම

තමා මෙන් අන්අය ගැන සිතීම

නම්‍යශීලිත්වය හා කාරු‚ක භාවය

අලංකාර ලෙස ගෙවත්තක් නිර්මාණය කිරීම

මල් වගාව

සුරතල් මසුන් සහ සුරතල් සතුන් ඇති කිරීම

දරුවන් සුරතල් කිරීම

පවුලේ සාමාජිකයන් සම`ග සුහදව සාකච්ඡුා කිරීම හා සහජීවනය

පැය 5-6 ක්වත් හොඳ නිසන්සල පරිසරයක නිදා ගැනීම

උදෑසන 4-5 අතර අවදි වීම

රාත‍්‍රී ආහාරයෙන් පැය දෙකකින් පසු නිදා ගැනීම දිවා කාලයේදී නිදා නොගැනීම

02. වියායාම

වියායාම ගැන විශේෂ වශයෙන්ම සිතට ගත යුතු නැතත් තමාට අයිති දෛනික වැඩ කටයුතු හා රාජකාරිමය අවස්ථා නිසි පරිදි ඉටු කිරීම මගින් හොඳ ව්‍යායාමයක් ලැබේ.

විනාඩි 10ක් පඩිපෙළක නැගීම සහ බැසීම

විනාඩි 20ක් නිවස පිරිසිදු කිරීම සහ රෙදි සේදීම

විනාඩි 20ක් ආහාර පිසීම

විනාඩි 20ක් නැටුම්වල යෙදීම

ඇවිදීම - ඉතාම යහපත් ස්වායු ව්‍යායාමය නම් ඇවිදීමයි. එක සැතපුමක් විනාඩි 12කින් ඇවිදිය යුතුයි. දිනකට පැය 1/2 ක් ඇවිද්දොත් එය ප‍්‍රමාණවත්ය. සතියකට දින 3-4 ක් ඇවිද්දොත් ප‍්‍රමාණවත්ය. ඇවිදීම වනාහී ජීවන චර්යාවේ කොටසක් බවට පත්කර ගතහොත් මැනවි. බොහෝ අයට ඇවිදීම සඳහා වෙන් කිරීමට කාල වේලාවක් නොමැත. කාර්යාලයේ විදුලි සෝපානය භාවිතා නොකොට පඩිපෙළ භාවිතා කරන්න. වෙළඳසැල් තම අවශ්‍යතාවයට විවිධ ස්ථානවලට කෙටි දුර යා යුතු විට වාහන භාවිතා නොකර ඒ දුර ඇවිදගෙන යන්න. බස් නැවතුම් 2-3 ක් වැනි දුර ප‍්‍රමාණ පයින් ගමන් කරන්න.

එක වරකට වැඩියෙන් ව්‍යායාමයේ නොයෙදිය යුතුයං යම් ව්‍යායාමයක් කරන විට සාමාන්‍ය ලෙස කතාබහ කළ හැකි නම් ඒ ව්‍යායාම මට්ටම සුදුසුයි.

පිහිනීම, සාප්පු සවාරි වල යෙදීම, ගෙවතු වැඩ, සුළු වශයෙන් ගෙවත්තක් සෑදීම, අතුගෑම, ජනෙල් දොරවල් පිස දැමීම, මකුළුදැල් කැඞීම, පිගන් කෝප්ප සේදීම, නිවස අලංකරණය වැනි කරුණු කාරණා ව්‍යායාම යටතට ගත හැක.

ආහාර ගැනීමට උපදෙස්

අපි දිනපතා ආහාර ගන්නා විට පහත සඳහන් කරුණු ගැන සැළකිලිමත් වීම සියළු ලෙඩ රෝග වලින් මිදීමට හේතු කාරණා වේ.

ආමාශයෙන් 1/3ක් ඝන ආහාර ද, අමාශයෙන් 1/3 ක් ජලය හා වෙනත් පාන වර්ග ද, ඉතිරි 1/3 හිස්ව ද තිඛෙන අයුරින් ආහාර ගැනීම වැදගත්ය.

ආහාර මාත‍්‍රාව පිළිබඳ සැළකිලිමත් වන්න. අධි මාත‍්‍රාව ශරීරය තරබාරු ඇති කරයි. හීන මාත‍්‍රාව ශරීරය දුර්වල කරයි.

බඩගින්න ඇති විට පමණක් ආහාර ගන්න.

ගත් ආහාරයක් දිරවීමට පෙර නැවත ආහාර නොගන්න.

නොගැළපෙන ආහාර එකට ගැනීමෙන් වළකින්න.

අසාත්ම්‍ය ආහාර, දිරවීමට අපහසු ආහාර ගැනීමෙන් වළකින්න.

හොඳින් පැසුණු පිරිසිදු, රස, ගන්ධ, වර්ණ, පෙනුම, ස්වභාවය සහ මනා පෙනුමක් සහිත වූ ආහාරය ගන්න. අළුත් ආහාර විය යුතුයි. කෘමීන් හානි නොකරන ලද ආහාර ගන්න.

ආහාර ගන්නා විට හොඳ ශික්ෂණයක්, හොඳ පරිසරයක්, නිශ්ශබ්දතාවයක්, ප‍්‍රියමනාපව ලබා ගැනීමද කළ යුතුය.

අමතර කෑමක් ගනිද්දී පවා කුසගිනි වේලාවට පමණක් ගන්න.

මැටි භාජන වල ආහාර පිසගැනීමෙන් ශරීරයට විෂ ද්‍රව්‍ය ඇතුළු නොවේ.

හෘදයාබාධ නිවාරණය සඳහා යෝග්‍ය විවිධ ආහාරපාන

සුදුළුණු

දෙළුම්

බැබිල, සුදුලුණු තැම්බූ වතුර ඔසු පැන් එකක් ලෙස බීම

පැපොල්

අමු පැපොල් සුදුළුණුත් සමග ව්‍යංජනය

ඉදුණු කෙසෙල් ගෙඩියක් දිනපතා ගැනීම

වැල් දොඩම් කොළ මැල්ලුම

කරපිංචා කොළ මැල්ලුම, කරපිංචා කොළ කැඳ

උළුහාල්, ගොරකා, කුරුදු, සියඹලා, මොර, එළවළු වලට වැඩිපුර යොදා ගැනීම.

හීං බෝවිටියා කොළ කැඳ කොළ මැල්ලුම

පොළොස්

රණවරා මල් තම්බා බීම

නෙල්ලි ගෙඩි අමුවෙන් ආහාරයට ගැනීම

ඇටවර්ග මුං ඇට, කවුපි, සෝයා, පරිප්පු, කඩල

හෘදයාබාධ වලින් වැළකී සිටීමට මේ උපදෙස් පිළිපදින්න

දුම්බීම සම්පූර්ණයෙන් අත්හරින්න

අධික ලුණු ආහාර ගැනීමෙන් වළකින්න

චීස් බටර් මාගරින් වැනි මේද සහිත ආහාර ගැනීම අඩු කරන්න

අඩු පොල් ප‍්‍රමාණයක් ගෙන වැඩිපුර වතුර දමා මිරිකා ආහාරයට ගන්න.

ඇටමාළු, බලයා, ඉස්සා, දැල්ලා, කෙලවල්ලා, සැමන් වැනි ඌෂ්ණයෙන් අධික මාළු ආහාරයට ගැනීමෙන් සිටීම.

බිත්තර කහමදය හෘද රෝගීන්ට සුදුසු නැත

අලිගැටපේරද හෘද රෝගීන්ට සුදුසු නැත

හෘදයාබාධ සඳහා අනතුරුකාරක සාධක

දුම්බීම

අධික මේද අනුභවය

ස්ථුලතාවය

අධික රුධිර පීඩනය

දියවැඩියාව

දීර්ඝකාලීන මානසික අසහනය

කායික ව්‍යායාම අඩුවීම

ජන්ම ප‍්‍රවේ‚ය

දුම්වැටි ඉරීම

දුම්වැටි ඉරීම සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතුය (වැසිකිළි නොයයි/නින්ද නොයයි. බොරු හේතු පවසමින් එකක් දෙකක් හෝ ඉරීම වරදකි)

අනුන් දුම්වැටි උරන කාමරයක පවා නොසිටිය යුතු ය. අනුන් ප‍්‍රාශ්වාස කරන දුම් තමාටද ආශ්වාස කරන්නට සිදුවන බැවිනි (මෙය අක‍්‍රිය දුම්පානය නම් වේ.

පෙරහන් තුඩු යෙදු සිගරට් ඉරීම සාමාන්‍ය සිගරට් ඉරිල්ල තරම්ම අනතුරු සහිතය.

සිගරට් පමණක් නොව අනෙක් දුම් ඉරිලිද නවතා දැමීම ප‍්‍රඥාගෝචරය. බීඩි සම්බන්ධයෙන් මෙය වඩාත් සත්‍ය නමුත් සුරුට්ටු ආදියද නවතා දැමීමට උපදෙස් දෙනු ලැබේ.

දුම්කොළ විකීමෙන් අවගුණ සිදුවේ දැයි සැකයක් පවතිනා නමුත් බුලත් විටෙන් දුම්කොළ ද ඉවත් කිරීම නුවණට හුරු වෙයි.

දුම්කුඩු ඉරිල්ලද නැවැත්විය යුතුය.



සටහනඳ හම්බන්තොට චමල් රාජපක්ෂ ආයුර්වේද පර්යේෂණ රෝහලේ කායික රෝග වෛද්‍ය අනුර විෙජ්සේකර විසිනි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
 

No comments:

Powered by Blogger.