Header Ads

පීඩාකාරී මළ බද්ධයට තත්පර කිහිපයක් අතුළත සහනය ලබා ගන්න මේ ක‍්‍රමය අනුගමනය කරන්න.


පීඩාකාරී මළ බද්ධයට තත්පර කිහිපයක් අතුළත සහනය ලබා ගන්න මේ ක‍්‍රමය අනුගමනය කරන්න.


මේක හිනා වෙන්නවත්ල ලැජ්ජා වෙන්නවත් කාරණාවක් නෙවෙයි. මේක හංගා ගෙන ඉන්න සුදුසු දේකුත් නෙවෙයි. උදේට මළ පහ පිට කරන්න බැරි වුනා කියන්නේ දවස පුරාම ඒ ටික රැඳිලා තියෙන්නේ ඔබේ ඇඟ ඇතුළේ. අපි කවුරුත් මතක තියා ගන්න ඕනේ මළ පහ කියන්නේ හැකි ඉක්මනින් ශරීරයෙන් ඉවත් කල යුතු දෙයක් බව.

වැසිකිළි වලේ තිබිය යුතු මළ පහ ටික දවස පුරාම බඬේ තියා ගෙන ඉන්නවා කියන්නේ ඉතා බරපතල සෞඛ්‍ය ගැට‍ළුවක්. මේ වගේ ගැට‍ළුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ලිපිය අගටම කියවන්නල ඔබට විශාල කරදරයක් වෙන එකෙන් බේරා ගන්නයි මේ උත්සාහය.

බඩ පිම්බිලා ඇඟට අපහසුයිද ?

අපි අතරේ ඉන්න බොහොමයක් දෙනා මේ ගැටලුවට මුහුණ දෙනවා. කොච්චර හංගා ගෙන හිටියත් ඇත්ත කතාව ඒකයි. උදේට නිවැරදිව මළ පිට නොකරපු නිසා සමහර විට වැරදි කෑම වර්ග ගැනීම නිසා බඬේ යට කොටස හුළං පිරිලා පිම්ඛෙනවා. එක අතකින් මේක ඇඟට පුදුම විදිහට අපහසුයි. අනිත් අතින් ඔබට තියෙන බඩ වගේ දෙගුණයක බඩක් තියෙන විදිහටයි පිටතට දිස් වෙන්නේ. ඉතින් මොන තරම් ලස්සන ඇඳුමක් ඇඳලා හිටියත් හරිම අවලස්සනට තමයි පෙනෙන්නේත්.



බඩ ලොකුයිද ?

ගොඩක් දෙනාට විශාල බඩක් පිහිටන්න හේතුව බඬේ තෙල් තට්ටුවක් පිරෙන එක නෙවෙයි. ආමාශය ඇතුළු අභ්‍යන්තර අවයව ටික ඉදිරියට නෙරා ඒමයි. (තෙල් තට්ටුව අඟලකට දෙකකට වඩා මහත් වෙන්නේ ඉතා කලාතුරකින්) මේ විදිහට බඩ නෙරා එන්න ප‍්‍රධාන හේතුව තමයි කාලයක් පුරා හරි ක‍්‍රමයකට මළ පහ නොකිරීම නිසා බඩ වාතයෙන් පිරිලා පිම්බිලා තියෙන එක. මේක බොහෝ කාලයක් සිදු වීම නිසා නැවත වෙනස් කිරීම අපහසු තරමටම බඩ ඉදිරියට එනවා. මෙහෙම වෙන්න හේතුව මේ රූපයෙන් පැහැදිලිව දක්වලා තියෙනවා. හැමදාම මළ පහ කරන්නේ නැති වුනාම ඇති වෙන මළ බද්ධ තත්වය නිසා ඒ මළ ටික ගුද මාර්ගය තුළ රැඬෙනවා. එවිට බැක්ටීරියා ක‍්‍රියාකාරිත්වය නිසා වාතය එකතු වෙන්න පටන් ගන්නවා. අපි බොහෝ දෙනෙක් අධෝ වාතය පිරිසක් ඉන්න තැන පිට නොකර තියා ගෙන ඉන්න එකෙන් වෙන්නේ ඒ ටික ආමාශය හා බඩවැල් අස්සේ එක් රැස් වෙන එකයි. එමනිසාම වායු පීඩනය නිසා මුළු බඩම බැලුමක් වගේ පිම්ඛෙනවා. පර්යේෂණ වලින් පෙන්නුම් කරන ආකාරයට ගැහැණු අය මේ තත්වයට මුහුණ දෙන එක පිරිමි අයට වඩා වැඩියි.

මළ පහ කරන්න වෙලා යනවා නම් ඒකට හේතුව මළ බද්ධයයි.

වැසිකිළියට ගියාම පළවෙනි මළ ටික පිට කරන්න විනාඩි දෙකකට වඩා ඉඳ ගෙන ඉන්න සිද්ධ වෙනවා නම් මළ පහ පිට වෙද්දී වේදනාවක් දැනෙනවා නම් මුහුණත් රතු වෙන කල් තටමන්නට අවශ්‍ය නම් ඔබට මළ බද්ධය වැළඳිලා තියෙන්නේ. වාසනාවකට මළ බද්ධය කියන්නේ මූලික අවධියේ දී අපහසුවක් විතරයි. ඒක ඉතා පහසු ක‍්‍රම වලින් හොඳ කර ගන්නට හැකියි. නමුත් මේක නොසලකා හැරලා දිගටම පවතින තත්වයට ගියොත් නම් වැඬේ දරුණු වෙනවා. ඒ නිසා පළවෙනි වතාවේ මෙහෙම දෙයක් දැනුණු ගමන් ඉක්මනින් අවශ්‍ය පියවර අරගෙන මළ බද්ධය හොඳ කර ගන්න උත්සාහ කරන එකයි නුවණට හුරු…

ඉතින් මොනවද කරන්නට අවශ්‍ය ?

මළ බද්ධය සුව කර ගැනීම සඳහා කල යුතු දේවල් බොහොමයි… මීට අදාලව කරන්න තියෙන අත් ඛෙහෙත් හා ප‍්‍රතිකාර එහෙමත් බොහෝ දුරට ඇත්ත. නිතර වතුර බොන එක, කෙඳි බහුල ආහාර ගන්න එක, එළවලු පලතුරු හා පළා වර්ග වැඩිපුර ආහාරයට ගැනීම, ආහාර ගැනීමෙන් පස්සේ ඇවිදින එක වගේම කිරි වැඩිපුර බීම වගේ දේවල් කරාම පහසුවෙන් තාවකාලික මළ බද්ධය සුව වෙනවා.

නමුත් ඔබට දැනටමත් මළ බද්ධය ඇති වෙලා නම්, විශේෂයෙන්ම මෙය කියවන ඔබට අද නියමිත පරිදි මළ පහ කරන්න බැරි වුනා නම් ඒ දේවල් කිසිවකින් ප‍්‍රයෝජනයක් නැහැ… ගුද මාර්ගයේ අග කෙළවරේ සිර වී ඇති වේලුනු මළ පහ කොටස කෙසේ හෝ ඉවත් කරන්නට අවශ්‍යයි. දැන් මේ කියන්න හදන්නේ ඒ වැඬේ ඉතාම පහසු කරවන ක‍්‍රමයක්.

තත්පර කිහිපයකින් සහනය ලබා ගන්නට ක‍්‍රමය මේක විතරයි.

මේ වගේ වේලාවකදී කරන්න තියෙන එකම දේ තමයි ගුදය හා වෘෂණ කෝෂ/යෝනිය අතර ඇති ප‍්‍රදේශය සම්බාහනය කිරීම. මෙහිදී මුලින්ම නිවැරදි ස්ථානය සොයා ගන්න එක වැදගත්. ඉන් පස්සේ කරන්න තියෙන්නේ ඇඟිලි තුඩු වලින් මෙයට පීඩනයක් ලබා දීම හා එය වටා රවුමට සම්බාහනය කිරීමයි. මෙයින් ඔබට ඉතා පහසුවෙන්ම සිර වී ඇති මළ පහ ටික පහ කරන්නට පුළුවන් වෙනවා.

මේක කරලා තත්පර කිහිපයෙන් තිබුණ මළ පහ ටික සේරම සුරුස් ගාල පිට වෙනවා.

අහද්දීත් අප්පිරියයි ද ?… ඒත් ඇත්ත ඒක තමයි…

මේ කියපු තැන නිවැරදිව සම්බාහනය කරාම ඔබේ ගුද මාර්ගයේ ඇතුළත බිත්ති ඉහිල් වෙනවා… සාමාන්‍යයෙන් අපේ ගුද මාර්ගය හැදිලා තියෙන්නේ ඉබේම තද වෙලා තියෙන්නටයි. මිනිසා කෙළින් ඇවිදින ජීවියෙක් නිසා එහෙම නොවුනා නම් ගුරුත්වය නිසා හිට ගත්තු ගමන් මළ ටික එලියට එනවා. (වයසට ගියාම මේ පේශි දුර්වල වීම නිසා නොදැනීම මළ පහ පිට වෙන්නෙත් මේ සංසිද්ධිය ක‍්‍රියාත්මක නොවීම නිසයි) ඒත් අපි මේ කියපු දේ කරාම වෙන්නේ එම පේශීන් ටික කෘත‍්‍රිමව ඉහිල් කරවන එකයි. ඉතින් පිරිලා තිබුණු මළ පහ ටික සේරම ඉක්මනින් ඉවත් වෙනවා.

අදින් පස්සේ කාටවත් කියා ගන්න බැරිව හිටපු දේට විසඳුමක් ලැබුණා.

ඔන්න දැන් ඔබත් දැනුවත් ශරීරයේ තියෙන ස්නායු කේන්ද‍්‍රයක් පාවිච්චි කරලා මළ බද්ධය සුව කර ගන්න හැටි ගැන. ඉතින් අදින් පස්සේ ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ… කොහොම වුනත් නිතරම වතුර බොන්නත්, කෙඳි වැඩි ආහාර වර්ග නිතර කෑමට ගන්නටත් වග බලා ගන්න. ලෙඩ හදා ගෙන විසඳුම් හොයනවාට වඩා වැළකිලා ඉන්න එක සුදුසුයි. කොහොම වුනත් හදිසියේ ප‍්‍රශ්නයක් ආවොත් ඉක්මනින් විසඳුමක් ලබා ගන්න හැටි ඔබ දැන් දන්නවා.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Powered by Blogger.