Header Ads

සුදුළූණු ගැන ඔබ නොදන්නා අරුම පුදුම දේවල් මෙන්න



සුදුළූණු ගැන ඔබ නොදන්නා අරුම පුදුම දේවල් මෙන්න






සුදුළූණු  ගැන  අපි නොදන්නා දේවල්



සුර අසුර යුද්ධයේදී අමෘතය පහල වූ වහාම රාහු අසුරිදු එය පානය කලේය. එවිට විෂ්ණු ඔහුගේ ගෙල සිඳලීය. ගෙල සිදි තැනින් වැටුනු අමෘතය නිසා සුදුළූණු ඇති විය. ඇලියම් සැටයිවම් (Allium Sativum) යන උද්භිද නාමයෙන් හඳුන්වන සුදුළූණු ශාකය (Garlic) , ලීක්ස් , ළූණු සහ වල්ළූණු ඇතුලත් ලිලිඒසියේ (Liliaceae) පවුලේ තවත් සාමාජිකයෙකු ලෙස ද හැඳින්වෙයි.

ආයුර්වේදයේදී ලොව සියලුම ශාඛ කොටස් 3කට බෙදෙන අතර, සුදුළූණු අයත්වන්නේ එයින් තුන්වන කොටසට ය. ඒ පංච රස ඇති වර්ගයට හෙවත් සුදුළූණු තුළ රස පහක්  තිබීමයි.ඒ කටුක රසය, මිහිර රසය ,තිත්ත රසය ,ලුණු රසය , කහට රසය ආදී වශයෙනුයි. සුදුළූණුවලින් තොර මුලුතැන්ගෙයක් නැති අතර සෑම නිවසකම පාහේ ආහාරයට සුදුළූණු භාවිතා කරයි. සෑම ව්‍යංජනයකටම සුදුළූණු එක්කර ගැනීමෙන් ආහාරය ඉතා රසවත් මෙන්ම සුවඳවත් කරගැනීමට ද හැකිය.

සුදුළූණු

උද්භිද විද්‍යාත්මක කුලය - රසෝන කුලයට අයත්ය. Alliaceae

උද්භිද විද්‍යාත්මක නාමය - Allium sativum Lin.

වෙනත් නම්

1. රසෝන - රස ඌන හෙයින් රසෝන නම් ලබති. එනම් අම්ල රසය හැර අනෙක් ලවන, කටු, තික්ත, ක්ෂාය, මධුර යන රසයන් පහ යුක්තය. (අම්ල රසය ඌන හෙයින්.)

2. ලශුන - රෝගයන් සිඳ බිඳ ලන හෙයින් ලශුන නම් වෙයි.

3. උග්‍ර ගන්ධා - සුදුලූනුවල සංයුතියෙන් වැඩි ප්‍රමාණයක් 40% පමණ ගන්ධක අඩංගු නිසා මේ නම ලබයි.

4. මිලේච්ඡකන්ධ - සුදුලූනු යනු බටහිර රටවලින් අප වැනි රටවලට සංක්‍රමනය වූ ශාකයකි. අතීතයේ අපේ පැරැන්නන් බටහිර රටවල ජනතාව සැලකුයේ ඉතා මිලේච්ඡ අය ලෙසයි. එම නිසා මිලෙච්ඡයන්ගේ රට වලින් රැගෙන ආ ස්කන්ධයන් යන තෙරුමින් මෙසේ හැදින් වූහ.

5. යවනේෂ්ට - ග්‍රීක් ජනයා ප්‍රිය කල හෙයින්. 
ඉංග්‍රීසි භාෂාවෙන් - Garlic 


ඉතිහාසය 

1. වේද ග්‍රන්ථවල විශාල තොරතුරු ප්‍රමානයක් ඇත. සුශ්‍රැත සහ කාෂ්‍යප සංහිතාවලද නොයෙක් විස්තර අඩංගු වේ. 

2. ක්‍රි.පූ. 3000 පමණ බැබිලෝනියන් වරු බලගතු ඖෂධයක් ලෙසත් ආහාරයක් ලෙසත් ප්‍රයෝජනයට ගත් බව සඳහන් වේ.

3. බල්ගේරියානු ජනයා වසර 100 වඩා අධිකව ජීවත් වේ. ඔවුන් ඉතා තදින් සුදුලූනු වලට ඇබ්බැහි වී ඇති බැවින් එසේ වන බව ඔවුන්ගේ පිලිගැනීමයි.

4. ඊජිප්තු වැසියා අතීතයේ සිට සුදුලූනු ඉතා බලගතු ද්‍රව්‍යයක් ලෙස සැලකූහ.ලෝකයේ සිදු වූ පලමු වැඩ වර්ජනයට හේතු වූයේද පිරමිඩ කම්කරුවන්ට නිසි පරිදි අවශ්‍ය සුදුලූනු ප්‍රමාණය නොලැබී යාමයි. 

සුදුලූනු උපත

1. ඉන්ද්‍ර දේවියට දරු උපත් නැති වූ නිසා ඉන්ද්‍ර ඇයට අමෘතය පෙවීය. ඇය එය ඉතා සැර බැවින් ඔක්කාර කලාය. එසැනින් යම් ප්‍රමාණයක් බිම වැටුනි. ඉන් සුදුලූනු ඉපදවිනි. අපවිත්‍රව තිබූ බිමකට වැටුනු බැවින් ඉන් හටගත් සුදුලූනු ගන්ධයකින් යුක්ත වීය. 

2. සුරා සුර යුද්ධයේදී අමෘතය පහල වූ වහාම රාහු අසුරිදු එය පානය කලේය. එවිට විෂ්ණු උහුගේ ගෙල සිඳලීය. ගෙල සිදි තැනින් වැටුනු අමෘතය නිසා සුදුලූනු ඇති විය.

3. මෙවැනිම බටහිර ප්‍රචලිත මිත්‍යා කථා අනුව, සාතන් ආදම්ගේ උයනෙහි ගමන් කරත්දී ඔහු වම් පය තිබූ තැනින් සුදුලූනුද, දකුණු පය තිබූ තැනින් රතුලූනුද පහල විය.

6. ක්‍රි.පූ. 3000 පමණ බැබිලෝනියන් වරු බලගතු ඖෂධයක් ලෙසත් ආහාරයක් ලෙසත් ප්‍රයෝජනයට ගත් බව සඳහන් වේ.
7. බල්ගේරියානු ජනයා වසර 100 වඩා අධිකව ජීවත් වේ. ඔවුන් ඉතා තදින් සුදුලූනු වලට ඇබ්බැහි වී ඇති බැවින් එසේ වන බව ඔවුන්ගේ පිලිගැනීමයි.

8. ඊජිප්තු වැසියා අතීතයේ සිට සුදුලූනු ඉතා බලගතු ද්‍රව්‍යයක් ලෙස සැලකූහ. 
ලෝකයේ සිදු වූ පලමු වැඩ වර්ජනයට හේතු වූයේද පිරමිඩ කම්කරුවන්ට නිසි පරිදි අවශ්‍ය සුදුලූනු ප්‍රමාණය නොලැබී යාමයි. 

අඩංගු රසායනික උපාදාන.

1. විටමින් vitamins
2. මාංසජනක ධාතු 4 1/2% සිට 6 1/2, දක්වාද, Proteins
3. කැල්සියම් Calcium 
4. කාබෝහයිඩ්‍රේට 28% -30% Carbohydrates 
5. පොටෑසියම්/ පොස්පරස් Potassium/ Phosphorus 
6. වාෂ්පශීලී තෛල පදාර්ථ ගන්ධක වලින් යුතුයි. Sulphur

පෝෂ්‍ය පදාර්ථ

සුදුළූණුවල විටමින් A හා B1, B2, B3, B5, B6, C හා විටමින් E අඩංගය. ඒ වගේම කැල්සියම් කොපර්, මැග්නීසියම්, සල්ෆර්, අයන්, සින්ක්, පොස්පරස්, පොටෑසියම් අඩංගු වේ. මේ නිසා වකුගඩු රෝගීන්ට සුදුස නැත. රුධිර පීඩනය අඩු කරයි.


ඖෂධවේදීය ක්‍රියාකාරීත්වය.

1. බැක්ටීරියා නාශක. Antibacterial

2. ගර්භාෂ උත්තේජක. Uterine Stimulant

3. දිලීර නාශක. Antifungal

4. ප්‍රතිප්‍රධාහකාරක. Anti-inflammatory

5. රුධිර සීනි මට්ටම අඩු කරන Hypoglycemic

6. සංධිප්‍රදාහ නැති කරයි. Anti arthritic

7. රුධිරයේ ලිපිඩ ප්‍රමාණය අඩු කරයි. Hypolipidaemic

8. ප්‍රතිකැටිකාරක. Anticoagulant 


9. ප්‍රෝටීන අඩු කරයි. Hypoproteinemic 

10.කොලෙස්ටරෝල් අඩු කරයි. Hypocholesteremic 

11.රුධිර පීඩනය අඩු කරයි. Antihypertensive

12.පිළිකා සෛල නාශක Anticancer

13.වයසට යාම නවතයි. Antiageing

14.හෘදයට හිතයි. Cardioprotective


15.ප්‍රතිජීවී Antibiotic



සුදුළූණු වල ඇති පුදුම හිතෙන ගුණාංග

ආහාර පිසීමේදී ව්‍යංජන වලට නැතුවම බැරි දෙයක් වන සුදුළුනු වල ශරීරයට ගුණදායී පෝෂ්‍ය පධාර්ථ බොහොමයක් අඩංගු වන බව ඔබ දන්නවාද? ආහාරයක් සහ ඖෂධයක් වශයෙන් සුදු ළූණු වල ඉතිහාසය ඊජිප්තුවේ පිරමීඩ සෑදූ අවදිය දක්වා දිවයන්නකි. ඖෂධයක් වශයෙන් එහි ගුණාංග කිහිපයක් පහතින් කියවන්න.

01. හෘද රෝග පාලනයට

රැධිර ගමනය පාලනය කරමින් කොලෙස්ටරෝල් ප්‍රමාණයද අඩු කිරීමට උපකාරී වීම නිසා හෘද රෝග නිවාරණය කරගැනීමට සුදුසු ආහාරයක් වේ.


02. ආතතිය අඩු කරගැනීමට

අධික රුධිර පීඩනය පාලනය කිරීමට හා රුධිර නාලිකාවල විශාලත්වය වැඩි කිරීම නිසා සිරුරේ රුධිර ගමනය විදිමත් ලෙස සිදුවේ. එම නිසා අධික රුධිර පීඩනය රෝගයෙන් පෙලෙන පුද්ගලයන් හට අමතර ආහාරයක් වශයෙන් සුදු ළූණු වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරයි.


03. ආතරයිටිස් වේදනාව අඩු කර ගැනීමට

ආතරයිටිස් රෝගයෙන් පෙලෙන පුද්ගලයින්ගේ වේදනාව අඩු කර ගැනීමට සුදු ළූණූ වල අඩංගු Anti-Oxide සහ Anti-Inflammarty උපකාරී වීම නිසා ආස්ථි ආශ්‍රිත වේදනාව සමනය කර ගත හැක.


04. සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනයට

සුදු ළූණු වල අඩංගු විඩමින් C සහ B6, ලෝහ සහ අනෙකුත් විටමින් වර්ග නිසා ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තීකරනය වැඩිකරයි. පළමු හා දෙවන ලෝක යුද්ධ වලදී  සෙබලුන්ගේ ප්‍රතිශක්තී කරනය වැඩි කිරීමටත් එමගින් බෝවන රෝග වලින් වැළකී සිටීමටත් සුදු ළුණු උපකාරී වු බව ඉතිහාසයේ ස‍දහන් වේ.


05. සෙම්ප්‍රතිශ්‍යාවට සහ කැස්සට ඖෂධයක් ලෙස

කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාරයක් ලෙසද සමහර රටවල සුදු ළූණු භාවිතා වේ. එමගින් මෙම රෝග වල ආසාදනය වීම් පාලනය කරගත හැකි බව වෛද්‍ය වරුන් පවසා සිටිනවා. ඒ මෙහි අඩංගු AntiBiotic සහ Antiviral ගුණාංග නිසාය.


06. දිලීර ආසාදනය වීමෙන් වළක්වා ගැනීමට

පණුකැවිල්ල ඇතුළු දිලීර ආශ්‍රිත රෝග සදහාද ප්‍රතිකාරයක් වශයෙන් සුදුළුණු භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.


07. ආසාත්මිකතා වලට එරෙහිව

සුදු ළූණු වල අඩංගු AntiViral සහ AntiInflammatory ගුණාංග නිසා සිරුරේ ඇතිවන ආසාත්මික තාවයන් සදහා සටන් කිරීමට ශක්තිය ලැබෙන අතර තුවාල ඇතිවී ඇති තැන් වල තැවරීම මගින්ද ඒවා සුවපත් කිරීමේ හැකියාව පවතින බව වෛද්‍ය වරුන් පිළිගෙන ඇත.


08. දන්ත වේදනාවන් සමනයට

බැක්ටීරියා වලට එරෙහිව සටන් කල හැකි නිසා මුඛය ආශ්‍රිතව ඇතිවන ආසාදන වලදී වේදනාව අඩු කරගැනීමට සුදු ළූණු භාවිතා කළ හැකි  බව සදහන් වේ.


09. ආහාර දිරවීමට උපකාරී වීම

ගෑස්ට්‍ර්ක් අම්ල සිරුරේ ඇතිවීම පාලනය කරමින් සිරුරේ ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි කර දීමට සුදු ළූණු උපකාරී වේ. එහෙත් අධික ලෙස සුදු ළූණු ආහාරයට ගැනීමද ශරීරයට අහිතකර බව වෛද්‍යවරුන් පවසයි.


10. පිළිකා වලින් ආරක්ෂා වීමට

බහිශ්‍රාවීය පද්ධතියේ සහ පෙනහළු ආශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවධානම බෙහෙවින්ම අඩුකර ගැනීමට සුදු ළූණු සුදුසු බව වෛද්‍ය වරු  පවසනවා . මෙමගින් පිළිකා සෛල ඇති වී තිබුණත් ඒවා වර්ධනය වන වේගය සුදු ළුණු මගින් අඩුවන බවට වෛද්‍යවරුන් වැඩිදුරටත් සදහන් කර සිටී.



11.කොලෙස්ටරෝල් අවම කරන සුදුළූණු

කොලෙස්ටරෝල්වලට හිතකර සුදුළූණු විෂබීජ නාශකයක් ද වෙයි. වෛරස් රෝග නැති කරයි. ලේ කැටි දිය කිරීමේ හැකියාව ඇත. හෘදයට හිතකරයි. හෘද රෝග දුරු කරයි.

12.සෙංගමාලය, කැස්ස, ඇදුම, හර්නියා වැනි රෝගවලට ගුණදෙයි. මුත්‍රාශයේ හා පිත්තාශයේ ගල් දිය කිරීමේ හැකියාවක් ඇත. බෝ වන රෝගවලට ගුණ දෙයි. කටහඬ මිහිරි කරයි. අපහසුවෙන් මුත්‍රා පිට කිරීම (මුත්‍ර කෘත්‍ර) සිදු කරන රෝගීන්ට සුදුසුයි. කුෂ්ට රෝග වළකයි. හොඳින් සෙම පිට කරයි. සුදුළූණු හොඳ විශබීජ නාශකයක් ද වේ. විෂ ඝෝර සර්පයන්ගෙන් ආරක්ෂා වීමට සුදුළූණු හොඳ ඖෂධයකි. දරුවන් ප්‍රසූත කළ මව්වරුන්ට අපවිත්‍ර රුධිරය ඉක්මනින් පිට වීමට මෙම සුදුළූණු අගනා ඖෂධයකි.


ආයුර්වේදයට අනුව සුදුළූණු සතු රෝග සුව කිරීමේ විස්මිත ගුණය 

දිනපතා සුදුළුණු කෑමෙන් දීර්ඝායු ලැබෙන අතර,ශුක්‍ර වර්ධනය වේ

නිරෝගී දරුවන් ලැබීමට හා සිරුරේ ශක්තිය  දියුණු කරගැනීමට ද සුදුළූණු ඉවහල් වේ..

බුද්ධිය,  නුවණ හා ධාරණ  ශක්තිය වර්ධනය කිරීමට ඉවහල් වේ.

කැසීම,දැවිල්ල, කුෂ්ඨ, සුදු කබර ඇතිවීම වැනි හමේ රෝග සුව කිරීමේ ශක්තිය සහිත ය.

පණු රෝග, වාත රෝග වලට ද ගුණ දෙන සුදුළූණුවලින් කැඩුණු බිඳුණු අස්ථිවලට සුවය ලබාදීමට ද හැකිය.

හදවත් රෝග, කල් අල්ලන උණ, ගුල්ම රෝග, කෑම අරැචිය, ශුල රෝග,  අර්ශස්, මාන්දම්, සෙම ආදි රෝග රැසකට දිව්‍ය ඔසුවක් ලෙස දැක්වෙයි.

සුදුළූණුවලින් ශරීරයට ලැබෙන සුවිශේෂී ගුණයක් නම් ගැබියණියන්ගේ දරුගැබ්  ආරක්ෂා කිරිමට සුදුළූණුවලට ඇති හැකියාවයි.

සුදුළූණු කෑමෙන් පිරිමින්ගේ ශුක්‍ර බීජ හා කාන්තාවන්ගේ අර්තව බීජ (ඩිම්බ ) පිරිසිදු කරදෙයි.

අකලට කෙස් සුදුවීමට සුදුළුණු අඹරා ගෑමෙන් කෙස් යළි කළු පැහැ වේ.

රක්තවාතය, මැලේරියාව, භගන්දර අස් පටල,තිමිර පටල දෙපා කොරවීම ආදි රෝග බොහෝමයකට ගුණ දෙන අපූරු කුළුබඩුවකි සුදුළූණු.

තල තෙල් සමග සුදුළුණු දීමෙන් අපස්මාරය සුවවේ.

ගැබිණියන්ට හා පිත් ප්‍රකෘතකයින් නතර සුදුළුණු  දීම හිතනර නොවන හෙයින් එය කොත්තමල්ලි සමග දීම වඩාත් සුදුසුය.

අන්ඩවෘද්ධියට සුදුළුණු තැම්බු වතුරට නවරත්න කල්කය යොදා දීම ගුණදායකයි.

මුත්‍ර ගල්,පිතත ගල් ආදියට වැල්පෙනල දළු, සුදුළුණු, උළුහාල්  සමව ගෙන තම්බා බීම ද පපුවේ වේදනාවට සුදුළුණු සමග ගම්මිරිස් ,උළුහාල් සමව ගෙන තම්බා බීම ද ගුණ දායක ය. 

ලේවල මේදය (තෙල්) නැසීමට සුදුළුණු, කරපිංචා,ගොරකා අඹරා ආහාරයට එක්කර ගැනිම ද කළ හැකියි.

කැස්සට නාක දළු, කුඹුරු දළු, අමු ඉගුරු , සුදුළුණු සමව ගෙන කොටා වන්ඩුවේ තම්බා මිරිකා ගෙන මී පැණි සමඟ ආහාරය ගත හැකියි.

අධික රුධිර පීඩනය මගින් පීඩා විඳින රෝගීන්ට සුදුළූණු වසරක් පැරණි මී පැණිවල බහා තබා දිනපතා සූදුළුණු බිකක් පමණ ගෙන ආහාරයට ගැනීම ගුණදායක ය.

ප්‍රසව වේදනාව, අධික රුධිර පීඩනය,වාත වේදනාවට සුදුළුණු බැබිල මුල් සමඟ තම්බා බීම ගුණයි.

ඇදුමට  කුප්පමේනිය,කොළ, සුදුළුණු ,පොල් සමව ගෙන කොට උණුවතුරින් මිරිකා බීම ද සෙංගමාලයට  මසන් කොළ, සුදුළුණු, කිතුල් හකුරු, දෙහි ඇඹුල් දමා කැකුලු හාලින් කැද පිස බීම වැනි රෝග රැසකට සුදුළුණු යොදා ගනී.

මුහුණේ කුරුලෑ වලට සුදුළුණු  මී පැණියෙන් අඹරා ගෑමෙන් කුරුලෑ සම්පූර්ණයෙන්ම සුවකරගැනීමට හැකිය.

අධික තරබාරු බව නැති කර ගැනීමට නම් සුදුළූණු දිනපතා ආහාරයට එක්කර ගත හැකියි.ශරීරයේ මේදය දහනය කරමින් සුදුළූණුවල සුවිශේෂී ගුණයෙන් මාස තුනකින් පමණ තරබාරු බව නැති වී ශරීරයට සැහැල්ලුව ලැබේ.



ආහාර රුචිය වැඩි කරයි. දහඩිය හොඳින් පිට කරයි. පිරිමින්ගේ සරු බව වැඩි කරයි. පක්ෂාගාත රෝගවලට ගුණ දෙයි. සන්ධි ඉදිමුමට ගුණ දෙයි. ශරීරය බලවත් කරයි. ඇස් පෙනීම වැඩි කරයි. කෙස් අග පැලීම නැති කරයි. පිළිකා නාශකයි. රුධිර නාල ඇතුලේ රුධිරය කැට ගැසීම දුරු කරයි. පණු රෝගවලින් ආරක්ෂා කරයි. වාතය සමනය කරයි. කර්ණ රෝගවලට ගුණ දෙයි. ඇට මිදුලු සවිමත් කරයි. ප්‍රතිශ්‍යාව, කැස්ස, බ්‍රොන්කයිටීස් රෝග දුරු කරයි. විවිධ අසාත්මිකතාවලට ගුණ දෙයි. ස්ත්‍රීන්ගේ ඔසප් රෝග සඳහා යෝග්‍ය වේ. වාත වේදනා කැක්කුම් දුරු කරයි. විශේෂයෙන් ගර්භණී අවස්ථාවලදී සුදුළූණු සමඟ බැබිල මුල් තම්බා බොන්නට දෙයි. එය ඔවුන්ගේ විවිධ වේදනාවලට ගුණ දෙයි. හෘද රෝගවලට ගුණ දෙන අතර ධමනි රෝගවලට ද සුදුසුයි.





රෝගීන්ට විශේෂ වූ සුදුළූණු කැඳ  සාදාගන්නා අයුරු 

අවශ්‍යය ද්‍රව්‍යය

කැකුළු හාල්  ග්‍රෑම් 250යි.

සුදුළූණු ග්‍රෑම් 75 ක් පමණ

පොල් කිරි අඩු කෝප්ප 2 යි

ලුණු

තලාගත් ගම්මිරිස් ඇට ස්වල්පයක්

පුපුරාගත් අබ ඇට ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

ප්‍රථමයෙන්ම කැකුළු හාල් වලට තලා ගත් සුදුළූණු එක් කර තම්බන්න. තැම්බුණු පසු හැන්දෙන් හොඳින් බත් ඇට පොඩිවී යන සේ පොඩිකරමින් පොල් කිරි (දිය කිරි අඩුවෙන් මිටි කිරි වැඩියෙන්) එක්කරන්න. කැඳ එක හොඳින් පැහීගෙන එන අතර තුර රස පදමට ලුණු සහ තලාගත් ගම්මිරිස් ඇට එක්කර ටිකකින් බාන්න. පුපුරාගත් අබ ඇට ස්වල්පය කැඳ එකට කලවම් කරගන්න.



රස පිනවන සුදුළූණු  අච්චාරුව 

අවශ්‍ය ද්‍රව්‍ය

සුදුළූණු 250g

අමුමිරිස් 150g

අබ 50g

විනාකිරි

ගම්මිරිස් ඇට කීපයක්

කහ කුඩු ස්වල්පයක්

මුරුංගා පොතු කැබැල්ලක්

ලුණු කුඩු

සීනි තේ හැඳි 1

එනසාල් ස්වල්පයක්

කැරට් අල 2

ගස්ලබු කුඩා ගෙඩියක්

සාදාගන්නා ආකාරය

සුදුළූණු වල පොතු ඇරගන්න. පසුව අමුමිරිස් සෝදා දෙකට දෙකට ඉරා ගන්න. කැරට්, ගස්ලබු සිහින් තීරු ලෙස කපාගන්න. මේ සියල්ලම මඳ වේලාවක් තම්බා ගන්න. පසුව ජලය හොඳින් බේරාගෙන පවනේ වේලාගන්න. (ජලය වියලෙන තෙක්) පසුව අබ, ගම්මිරිස්, එනසාල් ඇට, ස්වල්පය බැගින් විනාකිරිවලින් අඹරා ගන්න. මුරුංගා පොතු කැබැල්ල ද මඳක් තලාගන්න. මැටි මුට්ටි‍යක් රැගෙන සුදුළූණු, අමුමිරිස්, කැරට්, ගස්ලබු සහ අඹරාගත් මිශ්‍රණය එකතුකර හොඳින් කලවම් කරගන්න. පසුව සීනි සහ ලුණු කුඩු අවශ්‍යය පදමට එක්කරගන්න. මෙම මිශ්‍රණය තැම්බීමට අවශ්‍ය ප්‍රමාණයට විනාකිරි එකතු කරගන්න. පසුව මුට්ටියේ කටට වැස්මක් දමා හොඳින් බැඳ තබන්න. දින කීපයකින් විවෘත කර බලා ආහාරයට එක්කර ගන්න.


සුදුළූණු ව්‍යංජනයක් ලෙස

අවශ්‍යය ද්‍රව්‍යය

සුදු ළූණු ග්රෑම් 500 යි

මිටිකිරි අඩු කෝප්ප 1යි

මිරිස් කුඩු මේස හැඳි 1/2 යි

අමු මිරිස් කරල් 2යි

උම්බලකඩ ග්රෑම් 5 යි

කහ කුඩු

තුනපහ කුඩු 1/4

රම්පේ

කරපිංචා

උළුහාල් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

සුදුළූණු ගෙඩිවල පොතු හැර සෝදා ගන්න. දැන් සුදුළූණු ගෙඩි දෙකට දෙකට කපාගත යුතුයි. පසුව කපාගත් අමු මිරිස් , උම්බලකඩ , රම්පෙ , කරපිංචා , මිරිස් කුඩු , තුනපහ කුඩු , කහ කුඩු , උළුහාල් , ලුණු සහ මිටිකිරි යන සියල්ලම කපාගත් සුදු ළූණු සමඟ කලවම් කරගත යුතුයි. දැන් මද ගින්නේ පිසගන්න. ගුණය රැකගැනීමට අවශ්‍යය නිසා තැම්බී එනවිට ලිපෙන් ඉවත්කර ගැනීම සුදුසු ය.



සුදුළූණු මැලවුම

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු ළූණු ග්‍රෑම් 500 යි

තෙල් මේස හැදි 3 යි

ගා ගත් පොල් 100 යි

මිරිස් කුඩු මේස හැඳි 1/2 යි

අමු මිරිස් කරල් 2යි

උම්බලකඩ ග්‍රෑම් 5 යි

කහ කුඩු

තුනපහ

රම්පේ

කරපිංචා

උළුහාල් ස්වල්පයක්

පුපුරවාගත් අබ ඇට ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

සුදුළූණු ගෙඩිවල පොතු හැර සෝදා ගන්න. දැන් සුදුළූණු ගෙඩි සිහින්ව ලියාගන්න.  පසුව ලියාගත් සුදුළූණු වලට පොල් සමඟ අමු මිරිස් , උම්බලකඩ , රම්පෙ , කරපිංචා , මිරිස් කුඩු , තුනපහ කුඩු , කහ කුඩු ,  ලුණු යන සියල්ලම කලවම් කරගන්න. දැන් තෙල් පැසෙන්නට තබා තෙල් හොඳින් පැසෙන විට මිශ්‍රණය එකතුකරන්න. හොඳින් මැලවුණු පසු ලිපෙන් ඉවත්කරගන්න.

මුළුතැන්ගෙයි වෙදමහතා ලෙස හඳුන්වන සුදුළූණු ආහාරයට ගෙන ඔබත් නීරෝගී දිවියක් හිමිකරගන්න.


වෙනත් ප්‍රයෝජන


ඖෂධ නිෂ්පාදනයේදී සුදුළූණු ප්‍රයෝජනයට ගනී. රසෝත කල්කය සඳහා සුදුළූණු යොදා ගනී. ඇඹරීමේ මාධයක් ලෙස ද සුදුළූණු යොදයි. ඖෂධ කල්කවල අනුපාන වශයෙන් ගනු ලබයි. අධික රුධිර පීඩනය නැති කරයි.


සිරුරේ පැහැපත් බවට

සුදුළූණු රසවත් මෙන්ම සිරුර වර්ණවත් කරයි. දීප්තිය වඩවයි. මතක ශක්තිය වර්ධනය කරයි. අස්ථි රෝගවලට ගුණ දෙයි. සම මතුපිට ඇතිවන අසාත්මිකතා නැති කරයි. සම පැහැපත් කරයි. ප්‍රති ඔක්සිකාරකයක් ද වේ.

සීතලට ඔරොත්තු දීමේ හැකියාව

සුදුළූණු කෑමෙන් සීතලට ඔරොත්තු දීමේ හැකියාව ලැබේ. සම ආරක්ෂා කෙරේ. ශරීරය ප්‍රාණවත්ව තබා ගැනීමට පුළුවන.

 රසකාරකයකි

ව්‍යංජන රසවත් කිරීමට හොඳ රසකාරකයක් ලෙස ගන්නා සුදුළූණු මස්, මාළු, පොලොස්, කොහිල ආහාර සඳහා පිළියෙල කරන විට රසකාරකයක් ලෙස විශේෂයෙන් ගනු ලබයි.



සෑම උදෑසනකම කිසිවක් ආහාරයට ගැනීමට පෙර සුදු ළූණු කෑල්ලක් ආහාරයට ගන්න


හිස් බඩ සුදු ළූණු කන එක එච්චරම වාසි ගෙන දෙන දෙයක් කියලා කවුරුවත් හිතන්නේ නැතුව ඇති. ඔයාලට ඇහිලත් ඇති සමහර අය කියනවා මේක ආච්චිලාගේ කාලේ එකක් කියලා. ඒත් ඇත්තටම මේක බොහොමයක් රෝග සුව කරන්න හා රෝග වළක්වන්න පුළුවන් ඉතාමත් ඵලදායී ක්‍රමවේදයක් වෙනවා. මේ වන විට ඔප්පු වී ඇති දෙයක් තමයි උදෑසනම කිසිවක් ආහාරයට ගැනීමට පෙර හෝ පානය කිරීමට පෙර සුදුළූණු ආහාරයට ගැනීම හෝ පානය කිරීම ප්‍රතිජීවක ඖෂධයක් වන බව.

උදෑසනම සුදුළූණු ආහාරයට ගැනීම ඉතාමත් හොඳ වන්නේ ඇයි?

මෙය අධිරුධිර පීඩනයට සුවදායක වෙනවා. මෙමඟින් රුධිර සංසරණයට උදව් වෙනවා පමණක් නොවේ විවිධ හදවත් රෝග වලටද සුවය ලැබෙනවා. තවද අක්මාවේ සහ මුත්‍රාශයේ නිසි ක්‍රියාකාරීත්වයට උපකාර වෙනවා.

සුදුළූණු මගින් පාචනය වැනි රෝග සදහාද ප්‍රතිකාරයක් වෙනවා. සමහර පුද්ගලයන් පවසන්නේ මෙමගින් ස්නායු වල ගැටළු වලටද ප්‍රතිකාරයක් වන බවයි. මේ සියළුම වාසි අත් වන්නේ සුදු ළූණු හිස් බඩ ආහාරයට ගැනීමෙනුයි.

සුදුළූණු සහ විකල්ප බෙහෙත්

විකල්ප බෙහෙතක් ලෙස සැලකූවිට සුදුළූණු ශරීරය පිරිසිදු කර දෙන හොද ආහාරයක් වෙනවා. එමගින් පරපෝෂිතයන් සහ පණුවන් ඉවත් කර දියවැඩියාව , බෝවන උණ, මානසික අවපීඩනය හා සමහර පිළිකා වර්ග වලටද සුවය ගෙන දෙනවා.

සුදුළූණු ඔබට ආසාත්මික නම් මේ ඔවදන් පිළිගන්න.

කිසිවිටකත් සුදුළූණු අමුවෙන් ආහාරයට නොගන්න. තවද ඔබේ සමේ ලප , අධික ශරීර උෂ්ණත්වය හා හිසරදය ඇති වෙනවා නම් සුදුළූණු පරිභෝජනය නොකරන්න.

ඔබ සුදුළූණු පරිභෝජනය කිරීමට පෙර ඔබට එය ගැළපෙනවාද යන වග හොඳින් සොයා බලන්න.



සුදුළූණු සමග මුහුන් ආසාදන සුව කරන ආකාරය


යීස්ට් ආසාදන සඳහා එම ස්වාභාවික විස වලින්ම බැලීමට කාලය හෝ ගෙන ලොව ප්රදේශයේ ඒකකය පුරා කාන්තා. ප්රදේශයේ ඔබ ඒකකය යීස්ට් ආසාදන ඇති ස්වභාවික ක්රමයක් සුව කිරීමට මාර්ගයක් බවට කැමති තියෙන්නේ බව ගැහැණු? ඒ නිසා නම්, මෙම පාඨය ඔබ වෙනුවෙන් බව, එක් දෙයක් එසේ වන්නේය. යීස්ට් ආසාදන කරදර කාරී ප්රදේශයේ ඒකකය හා ඕනෑම ආසන්න කාන්තාව ඔබ මෙම කීමට හැකි වනු ඇත. ඔබ යීස්ට් ආසාදන ඇති පසු, ඔබ ඊටත් අතුරු බලපෑම් ඇති විය හැකියි. අප ස්වාභාවික විස වලින්ම ප්රදේශයේ ඒකකය ඔබ යීස්ට් ආසාදන ඇති පසු යන්න වඩාත් ඵලදායී ස්තුති විශ්වාස කිරීමට නැඹුරු. මන්ද? ප්රතිඵලයක් ලෙස ඔවුන් ආරක්ෂිත ඔවුන් ද ඒ යට මරු පහරක් එල්ල පදනම ගැන වනු ඇති බවට හා ඉන්නේ. ඉහත වීම සඳහාත් ඊට, අපි ඔබ ඔබ යීස්ට් ආසාදන තියෙනවා ඉදිරි කාලය උත්සාහ කරන්නම් සමහර විස වලින්ම සොයා ගැනීමට ඔබට පහත ස්කෑන් කිරීම සඳහා කැමතියි.

යීස්ට් ආසාදන ඇති

අපි යීස්ට් ආසාදන සඳහා තියෙනවා පළමු බෙහෙත සුදුළූණු වේ. යථාර්ථය සුදුළූණු එම නිවසේදී ප්රමුඛතම ඵලදායී බව, සියලු එක් වන බවයි. සුදුළූණු ඔබ යීස්ට් ආසාදන ඇති පසු ක්ෂණික සහන ලබා දුන් බවට යන්නේ. ඔබ උත්සාහ කරන්න තියෙනවා සියල්ල සුදුළූණු ටැබ් ලබා ගැනීමට හා එක් එක් පැය කිහිපයකට ඇලකට එය ඇතුළු කර, හෝ ඔබ කැමති සෑම අවස්ථාවකදීම වේ. ඔබ ඇල තුළ සුදුළූණු බහාලීමෙන් සැලැස්ම වගේ නෙවෙයි කරන්නේ නම්, ඔබ වාචිකව සුදුළූණු ගන්නම්.



ඔබ භාවිතා කරන්නේ දෙවන සුව පළතුරු යුෂ කින් සමන්විත වේ. පලතුරු යුෂ හෝ වත්මන් යීස්ට් ආසාදන සටන් කිරීම හෝ නැති වනු ඇත. පළතුරු බීම කුමක් කරනු ඇද් ද? එය ශරීරයෙන් බව දිලීර ශාක ජීවිතය තුරන් කිරීමට රැඳවියන් පොළඹවන ලෙසටද උපකාරී වේ. ඔව්, යුෂ වැඩ කළ හැකි, පලතුරු, කෙසේ වෙතත් එය එම යීස්ට් බීජාණු විනාශ කිරීමට සහභාගි නෑ, ඒ බව ප්රධාන වේයීස්ට් ආසාදන ඇති ප්රශ්නය හේතුව. එම යීස්ට් බීජාණු නිදා තබා ගත හැකි අතර තවත් යීස්ට් ආසාදන අත්කර තව එක් වරක් පැමිණෙන බව සැලකිල්ලට ගන්න.



අපි ඔබ වෙනුවෙන් තියෙනවා තුන්වන සුව yoghourt වේ. ඔබ yoghourt පියවර යීස්ට් ආසාදන සමග අසාමාන්ය ලෙස ඵලදායී බව හඳුනා කළේ ඇයි? මෙම අය යීස්ට් බීජාණු විනාශ විය හැකි අමුද්රව්ය තුල දී එය විසින් බැක්ටීරියාව සංස්කෘතීන් ප්රතිඵලයක් ලෙස විය හැක. යීස්ට් බීජාණු ප්රදේශයේ ඒකකය එම යීස්ට් ආසාදන හේතු වේ. ඔබ එක්කෝ yoghourt වාචිකව 2 3 වතාවක් දිනකට පසුව අද දක්වා, වෙනත් ආකාරයකින් ඔබ විසින් ඇලකට එය ඇතුළු විය හැකි කාලයක් ගත විය හැකිය.

No comments:

Powered by Blogger.