Header Ads

ඇස් නිරෝගී කරගන්න ආයුර්වේද හා යෝගා රහස් මෙන්න දැනුවත් වුනොත් වයසට ගියත් ඇස් දෙක තිබ්බාවගේ තියෙයි.


ඇස් නිරෝගී කරගන්න ආයුර්වේද හා යෝගා රහස් මෙන්න දැනුවත් වුනොත් වයසට ගියත් ඇස් දෙක තිබ්බාවගේ තියෙයි.

අප සෑම දෙනාටම ජීවිතය ලස්සනට දකින්නට, ජීවිතය විඳින්නට ඉඩ ලබාදෙන අපගේ දෙනෙත් යුගලය ආරක්ෂා කර ගැනීම සැබැවින්ම අප කළ යුතුම දෙයකි. ආරක්ෂා කරගන්නා ගමන්ම සෑම දෙනාගේම ආකර්ශණය දිනාගත හැකි පරිදි එය අලංකාරව පවත්වා ගැනීමට හැකිනම් එය කෙතරම් අගනේද? එමෙන්ම එම අලංකාරය ඇති කරගන්නේ ස්වාභාවිකව නම් එහි ඇති වටිනාකම තවත් කෙතරම් නම් වැඩිවේද. එනිසා ආයුර්වේද පාඨක ඔබට අප ආයුර්වේද හා යෝග රහස් අනුසාරයෙන් දෙනෙත් නිරෝගීමත්ව හා ලස්සනට තබගන්නේ කෙසේද යන්න මෙලෙස විස්තර කරමු.

ඔබ කළ යුතු දේවල්

- පරිඝණක තිරය හා ඔබ අතර 25-30 සෙ.මී පරතරයක් තබාගන්න.
- විනාඩි 30කට වරක් පරිගනක තිරයෙන් දෙනෙත් ඉවත් කරන්න.
- දිනකට 5-6 වතාවක් දෑස් සෝදන්න.
- පළා ජාති, අමු කැරට්, ගෝවා, විටමින් ඒ හා ඩී වලින් පිරිපුන් ආහාර ගන්න.
- හැකිතාක් ජලය පානය කරන්න.
- කැෆෙන් අඩංගු බීම ජාති භාවිතය අවම කරන්න.

ඔබ නොකළ යුතු දේවල්

- අඳුරේ හෝ මද ආලෝකයේ බොහෝ වේලා දෑස් විවර කර සිටීමෙන් වලකින්න.
- හිරු හෝ දැඩි ආලෝක ප්‍රභව දෙස බැලීමෙන් වලකින්න.
- අව්වේ සිට පැමින එකවර දෑස් සේදීමෙන් වලකින්න.
- රාත්‍රියේ බොහෝ වේලා රිය පැදවීමෙන් වළකින්න.
- කුඩා අකුරු කියවීමට යෑමෙන් හා දීර්ඝ වේලා එක දිගට පොත් කියවීමෙන් වලකින්න.
- රූපවාහිනී තිර, පරිඝනක තිර වැනි කෘතීම තිර දෙස දිගු වේලාවක් බලා සිටීමෙන් වලකින්න.

ඔබට කළ හැකි සරල ක්‍රියාකාරකම්

1. ඇසේ වෙහෙස නැති කරන අත්ල ක්‍රමය

ඔබේ අත්ල එකතු කර තත්පර 10ක් පමණ පිරිමදින්න. ඉන්පසු දකුණු අත දකුණු ඇස මතද වම් අත වම් ඇස මතද තබා හොඳින් විනාඩි තුනක් පමණ හුස්ම ඉහළ පහළ ගන්න. (අත ඇස මත තද කිරීමෙන් වලකින්න.) මෙම සරල ව්‍යායාමය ඇසේ මාංශ පේශී වර්ධනයට උපකාරී වනු ඇත.

2. පෙනීම දියුණු කරන ගන්දූශ් ක්‍රමය

ඔබට පහසු ක්‍රමයකට වාඩිවෙන්න. ඉන්පසු ඔබට අඩි දෙකක් තුනක් ඈතින් ඇස් මට්ටමෙන් ඉටිපන්දමක් හෝ පහනක් දල්වා ගන්න. දැන් මෙම දැල්ල දෙස ඇසි පිය නොහෙලා බලා සිටින්න. ඇස් වලට කඳුලූ පැමිණියද බලා සිටින්න. විනාඩි 10න් පසු සෙමින් නැගිට ගොස් මුව ජලයෙන් පුරවා ගන්න. මුවේ ජලය එලෙසම රදවාගෙන, දැන් ඔබගේ දෑස් ජලයෙන් හොඳින් සෝදන්න. සෝදා කටේ ඇති ජලය ඉවත් කරන්න. ඉවත් කරන විට ඔබට ජලයේ උෂ්ණත්වය වැඩිවී තිඛෙනු දැනේවි.

එලෙස වන්නේ ඔබගේ ශරීරයේ, විශෙෂයෙන් ඇස් වල ඇති ඌෂ්ණය පිට කරනු ලබන නිසාය. මෙම ක්‍රමය දිනපතා කිරීමෙන් මුවෙන් ඉවත් කරනු ලබන ජලයේ උෂ්ණත්වය අඩුවනු ඔබට දැනේවි.

මෙම ක්‍රමය ඔබගේ දෑස් නිරෝගී කර පෙනීම වැඩි දියුණු කරයි.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.