Header Ads

කිහිළි යට බෙල්ල අවට හා ඉකිලි කළු වෙනවට මේ ආයුර්වේද ප්‍රරතිකාර කරන්න.



කිහිළි යට  බෙල්ල අවට හා ඉකිලි කළු වෙනවට
මේ ආයුර්වේද ප්‍රරතිකාර කරන්න.



1.සත්කාරය
සීනක්කාරම් ගෙන හොඳින් කුඩු කර එයට ඇල් වතුරට දමා දෙහි බින්දු හා මී පැණි බින්දු කිහිපයක් ද එකතු කර මිශ්‍රණයක් සාදා ගන්න. මෙම මිශ්‍රණය අව පැහැ ගැන්වී ඇති බෙල්ල අවට කිහිළි යට හා ඉකිළි වැනි ස්ථානවල ආලේප කිරීම කල හැකිය. අවශ්‍ය නම් මී පැණි හැර අනෙක් ද්‍රව්‍ය යොදා සාදාගත් ආලේපනය එම ස්ථානවල උදේ ගල්වා සවස් යාමයේ වුවද, ඉවත් කර ගත හැකිය. එසේ නැතිනම් මී පැණිත් සමඟ සාදාගත් මිශ්‍රණය ආලේප කර විනාඩි 20-30ක් පමණ කාලයක් තබා සෝදා ඉවත් කරන්න.

2.සත්කාරය
වැල්මී, කස්තුරි කහ, කලාඳුරු අල ,මී පැණි,  ආදිය ස්වල්ප වශයෙන් ගෙන එයට දෙහි බිංදු කීපයක් එක් කර සාදාගත් ආලේපනය විනාඩි 20 ක් පමණ තබා සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය මාසයක් පමණ සිදු කිරීම මගින් වඩා සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිය.


සමේ පැහැපත් පෙනුමට


සම පැහැපත් වීමට  විටමින් A, D හා E යන පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වෙයි. සින්ක්(zink )ඛනිජ ලවණ ද මේ සඳහා අත්‍යවශ්‍යම සාධකයකි. සූරියකාන්ත ඇට,වට්ටක්කා ඇට,කොමඩු ඇට සහ පිපිඤ්ඤා ඇටවල සින්ක් යන ඛනිජ ලවණ බහුලවම අඩංගු වන අතරම එය සම පැහැපත් කර වර්ධනයට උපකාරී වන්නකි. වැඩියෙන් ජලය පානය කිරීමෙන් මෙන්ම, පලා වර්ග සහ එළවළු වර්ග ආහාරයට ගැනීමත් නිරෝගී පැහැපත් සමක් වර්ධනය වීමට උපකාරී වන්නකි.

වැළමිට ප්‍රදේශය ගොරෝසු වී දුර්වර්ණ වීම
වැළමිට හා දණහිස වැනි නිතර ගැටෙන ස්ථාන දුර්වර්ණ වී රළු විය හැකිය. එය වළක්වා ගැනීමට නම් ගෙදරදී ම මෙම ස්ක්‍රබ් එක මේ ලෙසින් සාදා ගන්න. පාන්පිටි,හාල් පිටි,අරළු කුඩු ස්වල්පයක් ගෙන එයට දෙහි බිංදු කිහිපයක් දමා මෙම මිශ්‍රණය කැට සෑදෙන ආකාරයට සාදා ගන්න.

මෙම මිශ්‍රණය ගෙන එම ස්ථාන වල ගල්වා විනාඩි 5ක් 10ත් අතර කාලයක් ස්ක්‍රබ් කර සෝදා ඉවත් කර හරින්න. අවශ්‍ය නම් ස්ක්‍රබ් කර අවසන් වූ පසු ඔෟෂධීය තෛලයක් ආලේප කර සම්බාහනය කර ගැනීමටද පුළුවන. එමඟින් දෑත්වල සමට නිරෝගී බවක් ගෙනදෙයි. නමුත් තෙල් ගල්වාගෙන අව් රශ්මියට නිරාවරණය වීම සුදුසු නොවේ. මෙම සත්කාර කර අවසානයේ හිරු ආවරණ ආලේපනයක් (Sun Cream), හෝ සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට සුදුසු ආලේපනයක් (moisturising cream) වුවද භාවිත කිරීමට හැකියි.

වෛද්‍ය සුලෝචනා සේනාරත්න
වෛද්‍ය නිලධාරි බාහිර රෝග අංශය,
ආයුර්වේද සෙත් අරණ, නුගේගොඩ

ශාලිකා රංගනී සමරදිවාකර

 අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 

No comments:

Powered by Blogger.