Header Ads

මරණය හැර සියලූ රෝග නසන කළුදුරු ඔසුවේ විශ්මිත රහස් ඔබත් දැනගන්න. මෙ වටිනා ලිපිය බලන්න.


මරණය හැර සියලූ රෝග නසන කළුදුරු ඔසුවේ විශ්මිත රහස් ඔබත් දැනගන්න. මෙ වටිනා ලිපිය බලන්න.


කළුදුරු ශාකයෙහි විද්‍යාත්මක නාමය Nigella Sativa වන අතර Ranuculaceaeශාක කුළයට අයත් වේ’ Blessed Seeds නමින් ලොව පුරා මෙය සුපතල වී ඇත්තේ එහි වටිනාකම නිසාම විය යුතුය’ මෙම පැළෑටිය පිළිබඳ ශුද්ධවූ කුරානයේ මෙසේ සඳහන් කර ඇත’ සත්තකින්ම කළුදුරු භාවිතය මරණය හැර සියලු රෝග සඳහා අගනා ප්‍රතිකාරයකි’

කෙසේදයත් වර්තමානයේ මධ්‍ය සහ දකුණු ආසියාවේද” බටහිර රටවලද මේ පිළිබඳ අවධානය දක්වන අතර ආහාර පිසීමේදී කුළුබඩුවක් ලෙස මෙය භාවිතයට ගනි’ මෙමගින් ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීමද උණුසුම ඇති කිරීමද (විශේෂයෙන් ශීත කාලවලදී) සමත් වන අතර පෝෂණ සහ ශක්ති සම්පාදකයක් ලෙස සියවස් ගණනාවක සිට භාවිතයට ගෙන ඇත’ මෙම ගුණයන් පදනම් කරගෙන ක්ලෝම ප්‍රදාහය (Bronchitis)” ඇදුම (Asthma) සහ හුස්ම ගැනීමේ අපහසුව  යන රෝග තත්ත්ව සඳහා සුලභව ප්‍රතිකාර කිරීමට භාවිත කෙරේ’

මීට අමතරව ආමාශයේ සහ ආන්ත්‍රික ස්වස්ථතාවයද” අක්මාවේ සහ වකුගඩුවේ ක්‍රියාකාරිත්වය සඳහාද ඉතා යහපත්ය’ කළුදුරු අසාත්මිකතාවන්ගෙන් ඇතිවන බලපෑම් නිෂ්ක්‍රීය කිරීමට යොදා ගන්නා ඖෂධයක් ලෙසත්  ඇති බැවින් සංකූලතා රෝගී තත්ත්ව සහ බහුලව ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන සාමාන්‍ය ශක්තිජනක පානයක් ලෙසද පිළිකා මර්ධනයට ආධාරකයක් ලෙසද භාවිතයට ගැනේ’ ඇතැම් චර්ම රෝග සඳහාද රුධිර සංසරණය ක්‍රමවත් කිරීමටද මෙය භාවිතයට ගැනේ’

විවිධ රෝග තත්ත්ව සඳහා ප්‍රතිකාරයක් ලෙස කළුදුරු ශාකයම විවිධ විද්‍යාත්මක පර්යේෂණ අධ්‍යයනයන්ට ලක්කර ඇත’එම පර්යේෂණ ප්‍රතිඵල පහත රෝග තත්ත්ව සඳහා විශේෂයෙන් ගුණදායක බව ද දක්වා ඇත’ ඒ අනුව දියවැඩියාව මගින් ඇතිකරන අස්ථී වලට සිදුකරන හානිය අතිශයින් අවම කරයි’ ප්‍රතිජීවක ගුණයන් සහිතය අක්මාවේ ඉදිමුමට සහ හානිකර තත්ත්ව ඇතිකරන විෂ අවශෝෂණය කිරීමේ හැකියාව ඇති බැවින් අක්මාවේ යහපැවැත්ම හේතුවේ’ පිළිකා මර්ධන කාරකයක් ලෙස බැක්ටීරියා නාශකයක් ලෙස ආහාර මාර්ග පද්ධතියේ ඇතිවන තුවාල ආදි හානි කර තත්ත්ව ඇතිවීමෙන් ආරක්ෂා කරයි’ වේදනා නාශකයක් ලෙස භාවිතයට ගත හැකිය’ අධිරුධිර පීඩනය සමනය කරයි’ ප්‍රමාද ඔසප් චක්‍රයන් ක්‍රමවත් කරයි’ තුවාල සුව කර ගැනීම’

ප්‍රතික්ෂුද්‍රජීවීකාරක” ප්‍රතිඔක්සිකාරක” දැවිල්ල ඇති නොකරන ගුණය” ආසාදනයන් වර්ධනය වීම වැළැක්වීමේ ගුණය ආදිය තුවාල සුව කිරීමට අදාළ ප්‍රධාන ගුණයන්ය’ මෙම ගුණ සියල්ල කළුදුරු තෙල්වල අන්තර්ගත වේ’

කළුදුරු මල
කළුදුරු ඵලය
කළුදුරු ඵලය වේලා බීජ ලබාගනී

කළුදුරුවල බොහොමයක් ප්‍රතිඵලදායි ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන්නේ එහි තෙල්වලයි’ මේ පිළිබඳ මැදපෙරදිග සහ ඉන්දියානු පර්යේෂණාගාර කිහිපයක තවමත් වැඩිදුර අධ්‍යයනයන් සිදුකරමින් පවතී’ තෝසේ” චපාති” කුල්චා” ස්ටික් කුකීස් ආදි ආහාර සැකසීමේදී බහුලව මේවා භාවිතයට ගැනේ’ ජනප්‍රවාද සහ මිත්‍යා විශ්වාසයන්ට අනූව ඇස්වහ කටවහ වලින් ආරක්ෂා වීමටද කළුදුරු භාවිතයට ගැනේ’ තවද ඇතැම් රටවල හූනියම් කටයුතු සඳහාද යොදා ගැනේ’ තුර්කි ජාතියන් මිනී පෙට්ටිය ඇතුළට කළුදුරු ඇට යොදනු ලැබේ’ මෝක්ෂ සුවය සඳහා එය උපකාර වනු ඇතැයි ඔවුන් විශ්වාස කිරීම මීට හේතුවයි’




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



 

No comments:

Powered by Blogger.