Header Ads

හෘදයාබාධ අවධානම මසකට කලින් ඔබටත් හදුනා ගන්න පුළුවන්.මේ කරුණු ටික හරියට දන්නවානම්.


හෘදයාබාධ අවධානම මසකට කලින් ඔබටත් හදුනා ගන්න පුළුවන්.මේ කරුණු ටික හරියට දන්නවානම්.

ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ වලින් වැඩි සංඛ්‍යාවක් හෘද හා රුධිර සංසරණ පද්ධතිය හා ආශ්‍රිත රෝග නිසා සිදුවේ. හෘද වස්තුවට රුධිරය සපයන කිරීටක ධමනි රුධිර කැටියක් මගින් අවහිර වීම නිසා, රුධිර සැපයුම අඩුවීමෙන් හෘද ආබාධ ඇතිවේ.
රුධිර සැපයුම අඩුවීම නිසා හෘද වස්තුවේ සෛල වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් ද අඩුවේ. එවිට එම ප්‍රදේශයේ සෛල මිය යාමක් සිදුවේ. රෝගියා මිය යා හැකි නිසා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතුයි. වයස අවුරුදු 50 ට වැඩි අයට හෘද ආබාධ සෑදීමට වැඩි ප්‍රවණතාවක් ඇති අතර වැඩිවන වයසත් සමග ප්‍රවණතාව ඉහළ යයි.  සමහර විට තරුණ අයද හෘදයාබාධ වලට ලක්වේ. පිරිමින්ට ගැහුණුන් මෙන් තුන් ගුණයක් හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාවක් ඇත. ඊස්ට්‍රජන් නම් හෝමෝනය නිසා ඔවුන් ආරක්ෂා කෙරෙන බැවිනි.


අසාමාන්‍ය ලෙස ගතට දැනෙන දැඩි විඩාව
ඔබේ කිරීටක ධමනිවල,මේදය වැනි දෑ තැන්පත් වී පටුවි නාලය අවහිර වි ඇතිනම් හදවතට ලැබෙන රුධිර ප්‍රමාණය සීමාවේ .හදවතේ නිසි ක්‍රියාකාර්තවයට අවශ්‍ය ප්‍රමාණයට රුධිරය නොලැබී යාම නිසා හෘද වස්තුව වැරෙන් ක්‍රියාත්මක වීමට පටන් ගනි. මේ නිසා ගතට දැඩි වෙහසක් එමෙන්ම අලස ගතියක් දැනේ.

හුස්ම ගැනීමේ අපහසුතාවය
හදවතට ලැබෙන රුධිර ප්‍රමානය සීමා වන විට ඒ හේතුවෙන් පෙනහලු වෙත ලැබෙන ඔක්සිජන් ප්‍රමාණයද සීමාවේ .හදවත හා පෙනහළු පද්ධති එකිනෙකා මත යැපෙයි. එක් පද්ධතියක වන වෙනස්කම් අනික් පද්ධතියටද බලපෑමක් ඇති කරවයි. ඔබට අසාමාන්‍ය ලෙස දැනෙන හුස්ම ගැනිමේ අපහසුතාවයක් වෙත්නම් එය ලග ලගම ඇතිවීමට යන හෘදයාබාදයක පෙර සළකුණු විය හැකිය. මේ නිසා  වහාම ළගම සිටින වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගන්න.

හිටි හැටියේ ශරිරය අප්‍රානික වීම
ධමනි පටු විම නිසා රුධිර සංසරණය නිසි පරිදි සිදුනොවේ. මේ නිසා මංශ පේශින් වෙත ලැබෙන රුධිර හා ඔක්සිජන් ප්‍රමාණයද සීමාවේ මේ නිසා හදිසියේ සිදුවන ඇදවැටීම් පවා සිදුවිය හැකියි.

හිසෙහි කැරකිලි ගතිය හා දහඩිය දැමීම
මොළයට ලැබෙන රුධිර ප්‍රමාණය සීමා වීමත් නිසි පරිදි සංසරණය සිදුනොවිමත් නිසා මේ තත්වය ඇතිවේ මෙය ඉතා භයානක තත්වයකි. කිසිලෙසකින්වත් නොසලකා නොහරින්න.

පපුවෙහි වේදනාව
ක්ෂනිකව සිදුවන හෘදයාබාදයකදි ඇරෙන්නට පපුවෙහි යම් වේදනාවක් කලක සිට ඔබට දැනෙන්ට පටන් ගනි.
ඉතා සුළු ලෙස දැනෙන මෙම පපුවෙහි වේදනාව, ක්‍රම ක්‍රමයෙන් හෘදයාබාධයක් දක්වා වර්ධනය වේ.සමහර විට දියවැඩියා ‍රෝගීන්ට කිසිම වේදනාවක් නොමැතිව හෘදාබාධ ඇති වේ.

ශරිරයේ මෙම ස්ථාන අවට දැනෙන අසාමාන්‍ය වේදනාව අනාගතයේ ඇති වන හෘදයාබාධයක රතු එළි විය හැකිය .ඒ පිලිබද සැලකිලිමත් වෙන්න.




උණ සහ හෙම්බිරිස්සා ලක්ෂණ
එකවර හේතුවක් නොමැතිව ඇතිවන උණ හා හෙම්බිරිස්සා ගතිය අනාගතයේ ඇතිවන හෘදායාබාදයක පෙරනිමිති විය හැකියි හෘදයාබාධයන්ට ලක්වු බොහො දෙනා පවසන පරිදි හෘදයාබාධ ඇතිවිමට දින කිහිපයකට පෙර ඔවුන්ට මෙම ලක්ෂන පහල වී ඇත.

මෙවන් රෝග ලක්ෂන ඔබටත් ඇතිනම් ඉක්මනින්ම වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගන්න
රෝගය වලක්වා ගැනීම ගතයුතු පියවර
සමහර අවදානම් සාධක පිළිබඳ ඔබට කිසිවක් කල නොහැක. එනම් පාරම්පරිකව උරුම වන ජාන මගින් හෘදරෝග සෑදීමට ඇති අවධානම ඔබ පිරිමියකු වීම හා ක්‍රමයෙන් වයසට යාම යනාදිය ය. නමුත් ඇතැම් අවදානම් තත්ව පාලනය කරගත හැක. එනම් :-අධි රුධිර පීඩනය, රුධිරයේ කොලස්ට්‍රෝල් මට්ටම ඉහළ යාම හා දියවැඩියාව ඔබේ ජීවන රටාව නිරෝගී ලෙස හැඩ ගසා ගැනීම මගින් අවධානය බොහෝදුරට අඩුකරගත හැක.


දුම්පානය නවත්වන්නත.
ක්‍රියාශීලි වන්න - දිනකට විනාඩි 30 ක් වත් කායික ව්‍යායාම කරන්න ( ඇවිදීම, බයිසිකල් පැදීම වැනි)
ඔබේ බර වැඩිනම් අඩුකර ගන්න - ආහාර පාලනය හා ව්‍යායාම මේ සඳහා අත්‍යවශ්‍ය වේ.
සමබර ආහාරවේලක් ගන්න.
ආහාර සමග ගන්නා ලුණු ප්‍රමාණය අඩු කරන්න (විශේෂයෙන් ඔබට අධි රුධිර පීඩනය ඇත්නම්) තෙල් අධික ආහාර ගැනීමෙන් වලකින්න. ඔබේ ආහාර වේලට නැවුම් පලතුරු, එළවළු පලා වර්ග එකතු කරන්න. බර්ගර්, සොසේජස් ඇතුළු කෘතිම ආහාර හා කෙටි කෑම නිතර ගැනීමෙන් වළකින්න.
මත්පැන් පානය අවම කරන්න.
මානසික ආතතිය අවම කර ගන්න - විවේකය අත්‍යවශ්‍ය වේ. භාවනා ක්‍රම හා ආගමික පිළිවෙත් පිළිපැදීම මගින් ද ආතතිය අවම කර ගත හැක.





අතර්ජාලයෙන් උපුටා ගැනීමකි






No comments:

Powered by Blogger.