Header Ads

ලස්සන නියපොතු වෙනුවෙන් කල යුතු සහ නොකල යුතු දේ මෙන්න


ලස්සන නියපොතු වෙනුවෙන් කල යුතු සහ නොකල යුතු දේ මෙන්න

ඔයාගේ අත්දෙක කියන්නේ හැමදෙනාම දකින,බොහෝ දෙනා ඔයා ගැන අදහසක් ගන්න හරිම වැදගත් ශරීර අංගයක්.එතැනදී නියපොතු වලටත් හිමිවෙන්නේ විශේෂිත තැනක්.ඒ නිසාමයි ගොඩක් දෙනා ලස්සන ලස්සන පාට වලින්,විවිධ හැඩයෙන් තමන්ගේ නියපොතු හැඩකරගන්නේ.එහෙම නියපොතු ලස්සනට තියාගන්නකොට අපි කරන්න ඕනි සත්කාර තියෙනවා.ඒ වගේමයි අපි කරන්න ඕනි නැති දේවල් කිහිපයකුත් තියෙනවා.එහෙනම් බලන්නකෝ ඔයත් මේ දේවල් කරන හෝ නොකරන කෙනෙක්ද කියලා…

කල යුතු දේවල්:


01. වියළිව සහ පිරිසිදුව නියපොතු තබාගැනීම.


112


මෙයින් ඔයාගේ නියපොතු ඇතුළේ බැක්ටීරියා වර්ග වර්ධනය වීම වළක්වනවා.වැඩි වශයෙන් වතුර භාවිතා කිරීමෙන් ඔයාගේ නියපොතු ඉක්මනින් කැඩී යාමට මෙන්ම හානියට ද පත්විය හැකියි.ඒ නිසා සැර අධික රසායන ද්රව්ය වලින් යුතු දේවල් භාවිතයේදී,පිරිසිදු කිරීම් කටයුතු වලදී හෝ භාජන ආදිය සේදීමේදී සුදුසු වර්ගයේ රබර් ග්ලවුස් භාවිතා කිරීම වැදගත්.


02. නියපොතු යහපත් තත්වයේ සනීපාරක්ෂක කටයුතු වලින් රැකගැනීම.





නියපොතු කැපීමේදී තියුණු නැතිනම් හොඳින් මුවහත් කල කතුරක් හෝ නියපොතු කටර් එකක් භාවිතා කරන්න.පළමුවෙන්ම නියපොත්ත කෙළින් අතට එකවර කපන්න.පසුව ඔබට අවශ්ය හැඩයට දෙකොන හැඩකරගන්න.


03. මොයිස්චරයිසර් භාවිතය


ඔයා හෑන්ඩ් ලෝෂන් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් නියපොතු මුලට මෙන්ම නියපොතු ඇතුළටත් ලෝෂන් එක තැවරෙන පරිදි තවරන්න.


04. නියපොතු ආරක්ෂක ද්රාවන ආලේපය.


නියපොතු ආරක්ෂක ද්රාවන ආලේපයකින් ඔයාගේ නියපොතු වඩා ශක්තිමත් කරගන්න පුළුවන්.


නොකල යුතු දේවල්:


01. නියපොතු හැපීම


පොදු දෙයක් තමයි.ඒ වුනත් හරිම නරක පුරුද්දක්.මෙයින් ඔයාගේ නියපොතු ඇතුළතින්ම හානියට පත්වෙන්න පුළුවන්.ඔයා දන්නවාද?නියපොත්තක එක් කුඩා කොනකින් ඇතිවන සිදුරකින් පවා ඒ අභ්යන්තරයට විෂබීජ හෝ වෙනත් බැක්ටීරියාවන්ට ගමන් කරන්න පුළුවන්.ඒ නිසා ඉන් සිදුවන හානිය නම් සුළුවෙන් සලකන්න බැහැ.


02. නියපොතු කොනේ සම ඇදීම.


මේකත් බොහෝ දෙනා කරන වරදක්.නියපොත්තේ කොනේම ඇති සම තීරුවක් ලෙස ඇදීම බොහෝදෙනා පුරුද්දක් විදියට සිදුකරනවා.එයින් නියපොත්තේ සමට දැඩිව හානි සිදුවෙන්න පුළුවන්.


03. ගැටළු නොසලකා හැරීම.


ඔයාටත් නියපොතු සම්බන්ධයෙන් මොනා හරි ගැටළුවක් තියෙනවානම්,එය නොසලකා ඉන්න එපා.කල්ගතවුනත් සුවයක් ලැබුනේ නැතිනම් වහාම වෛද්යඋපදෙස් ලබාගැනීම වැදගත්.(උදාහරණ:ඉදිමුමක්,පලූ‍ද්දක්,අසාමාන්ය පැහැයක් හෝ හැඩයක් වැනි)


04. කටුක නිය ආරක්ෂණ නිෂ්පාදන භාවිතාකිරීම.




නිය ආලේපන ඉවත්කිරීම් දියර නැතිනම් කියුටෙක්ස් රිමුවර් භාවිතය සීමා කරන්න. රිමුවර් එකක් පාවිච්චි කරනවානම්,ඇසිටෝන් රහිත උසස් තත්වයේ රිමුවර් එකක් පාවිච්චි කරන්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.