ඔබ දන්නවාද පැය භාගයකට වඩා ඇවින්න හොඳ නෑ ඇවිද්දොත් ඔබටත් මේ ටික තමයි වෙන්නේ.
ඔබ දන්නවාද පැය භාගයකට වඩා ඇවින්න හොඳ නෑ
ඇවිද්දොත් ඔබටත් මේ ටික තමයි වෙන්නේ.
නිරෝගී අස්ථි පද්ධතියක් තිබීම නිරෝගිමත් ජීවිතයකට අත්‍යාවශ්‍ය කරුණක්. විශේෂයෙන් ම ගෙදර දොරේ විශාල වැඩ කොටසක් කරන ගෘහණිය තම අස්ථි පද්ධතිය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ∙ කාන්තාවන්ගේ අස්ථි, සන්ධි ඉතා පහසුවෙන් රෝගී විය හැකි නිසයි. ඒ වගේ ම ඇවිදීමට නොහැකි ආකාරයට වැඩපලක් කරගත නොහැකි ආකාරයට ගෘහණියගේ අස්ථි බිඳී ගියහොත් එය පවුලේ සියලුම දෙනාගේ වැඩකටයුතු වලට ජීවිත වලට ඍජුවම බලපෑම් ඇති කරනවා. ඒ නිසයි අද අප අදහස් කළේ ශරීරයේ අස්ථි පද්ධතිය නිරෝගීව පවත්වාගෙන යාමට කුමක් කළ යුතු දැයි කියා සාකච්ඡා කිරීමට.
අපේ ශරීරය ඍජුව තබා ගැනීමට ඉවහල් වන්නේ අපේ අස්ථි පද්ධතියයි. හිස් කබලේ සිට උරහිස් දෑත්, කොඳු ඇට පෙළෙහි සිට දෙපාවල ඇඟිලි දක්වා තිඛෙන අස්ථි පිළිබඳව සලකා බලන විට අපගේ ශරීරයේ අස්ථි 200 ක් පමණ තිඛෙනවා. මෙම අස්ථි පමණක් තිබුණේ නම් අපට චලනය වීමේ හැකියාවක් ඇත්තේ නෑ. අස්ථිවලට චලනය වීමේ හැකියාව ලැඛෙන්නේ .සන්ධි. වලින්. අපගේ ශරීරයේ කොන්දේ, ඛෙල්ලේ, උකුලේ, දෑත්වල, පාදවල සන්ධි ගණනාවක්ව පිහිටා තිඛෙනවා. ඇවිදීම, නැවීම, ලිවීම, කියවීම පිරිසිදු කිරීම වැනි අප එදිනෙදා ජීවිතයේදී කරන කාර්යයන් සිදු කිරීමට අපගේ සන්ධි පද්ධතිය අපට උපකාරී වනවා. සන්ධියක විශේෂ ව්‍යුහයක් තිඛෙනවා. සන්ධියක් පිහිටන්නේ අස්ථි දෙකක් හමුවන ස්ථානයක. සන්ධියක තිඛෙන අස්ථි දෙකක් එකිනෙක මත චලනය වීමට උපකාරී වීම සඳහා සන්ධිවල කාටිලේජ පිහිටා තිඛෙනවා. .කාටිලේජ. යනු .ජෙලි. වැනි ද්‍රව්‍යයක්. මෙම සන්ධි ස්ථාවර වන්නේ තන්තු සහ කන්ඩරා වලින්. ඒ වගේ ම මාංශපේෂි, ස්නායු තන්තු, රුධිරවාහිනී ආදිය මෙම සන්ධි අවට පිහිටා තිඛෙනවා.
අපගේ නිරෝගීකම ගැන කතා කරන විට අස්ථිවල නිරෝගීකමත් සන්ධිවල නිරෝගීකමත් ඉතාම වැදගත්. විශේෂයෙන් ම කාන්තාවකගේ අස්ථිවල නිරෝගීකම පිළිබඳව සලකන විට ඔස්‍ටියෝපොරෝසිස් (ධිඑැදචදරදිසි) නම් රෝගය එක්වරම සිහියට එනවා. පිරිමින්ට වඩා කාන්තාවන්ට මෙම ඔස්ටියෝපොරෝසිස් රෝගය සෑදීමේ හැකියාව වැඩියි. ඊට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ කාන්තාවන්ගේ වයස අවුරුදු 50 ට ආසන්න වන විට සිදුවන ආර්ථවහරණය නම් ක්‍රියාවලිය නිසා ශරීරයේ ඊස්ට්‍රජන් (ධැිඑරදටැබ) හෝමෝනය අඩුවීමයි. ශරීරයේ ඊස්ට්‍රජන් හෝමෝන ප්‍රමාණය අඩුවීමේ ප්‍රතිඵලය වන්නේ අස්ථිවල ශක්තිය අඩුවී ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරුවීමයි. මෙම රෝගයට ගොදුරුවූ විට ශරීරයේ අස්ථි බිඬෙන්න පුළුවනි. එසේ ම කොන්දේ අස්ථි දුර්වලවීම හේතුවෙන් ශරීරයේ කුදු ස්වභාවයක් ඇති වීමේ හැකියාව තිඛෙනවා. මෙම හේතූන් නිසා කාන්තාවන් ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් වැළකී සිටීමට උත්සාහ ගැනීමෙන් රෝගය ඇත්නම් එයින් මිදීමට ක්‍රියා කිරීමත් එය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමත් ඉතා වැදගත්.
විශේෂයෙන් වැඩිහිටි කාන්තාවන් සන්ධිවල ආබාධ පිළිබඳව මැසිවිලි නඟනව ඔබත් නිතර අසා ඇති. අප වයසට යනවිට අස්ථි අතර (සන්ධිවල) තිඛෙන කාටිලේජ ගෙවීමට ලක්වී එම සන්ධිගේ ඇති අස්ථි එකිනෙක මත ගැටෙනවා. එවිට දැඩි කැක්කුමක් වේදනාවක් ඇති වෙනවා. විශේෂයෙන් ම දණහිස් සන්ධියේ, උකුල් ඇට ප්‍රදේශයේ, ගෙලෙහි මෙන් ම දෑත්වලත් ඇති සන්ධිවලින් මෙම වේදනාව ඇතිවෙනවා. මෙම තත්ත්වය හඳුන්වන්නේ (ධිඑැද්රඑයරසඑසි) ඔස්ටියෝආතරයිටිස් නමින්. වයසට යාමට අමතරව රුමටොයිඩ් ආතරයිටිස් (සන්ධි ප්‍රදාහය) නම් රෝගයට ගොදුරුවීමත් ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇතිවීමට තවත් හේතුවක්. රුමටොයිඩ්ආතරයිටිස් රෝගයට වැඩි වශයෙන් ගොදුරුවන්නේ ද කාන්තාවන් බව හෙළිවී තිඛෙනවා.
මෙම රෝගවලින් වැළකී සිටීමට පියවර ගැනීමත්, රෝගය ඇතැයි හඳුනාගත් පසුව හැකි ඉක්මනින් ප්‍රතිකාරවලට යොමුවීමත් ඉතාම වැදගත්. සන්ධි අතර කාටිලේජ ගෙවෙන්න ගෙවෙන්න සන්ධිවල ඇදවීමේ ස්වභාවයකුත් වේදනාවකුත් ඇතිවෙනවා. එම තත්ත්වය එන්න එන්නම වර්ධනය විය හැකියි.
අස්ථි සහ සන්ධි ශක්තිමත් සහ නිරෝගීමත්ව තබාගෙන ජීවත්වීම සඳහා දිනපතා ගන්නා ආහාර වේල පිළිබඳව සැලකිල්ලක් දැක්වීම අත්‍යාවශ්‍යයි. කැල්සියම් සහ ප්‍රෝටීන් අඩංගු ආහාර වේලක් ගැනීම ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් වැළකී සිටීමට උපකාරී වන එක් සාධකයකි. අපේ අස්ථි ස්වභාවයෙන් ම නිර්මාණය වී තිඛෙන්නේ කැල්සියම් සහ ප්‍රෝටීනවලින්. අස්ථිවල ශක්තිමත් භාවයට විශේෂයෙන් ම කැල්සියම් උපකාරීවන අතර අප ගන්නා ප්‍රෝටීන මඟින් අස්ථි අසල තිඛෙන මාංශපේශීන් ශක්තිමත් වීමටත් වර්ධනය වීමටත් උපකාර වනවා. අප ගන්නා ආහාරයේ ප්‍රෝටීන් ප්‍රමාණය අඩුවූ විට ශරීරයේ මාංශපේශීන් ප්‍රමාණය අඩු වෙනවා. එම නිසා ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් වැළකී හොඳ ශක්තිමත් අස්ථි පද්ධතියක් පවත්වා ගෙන යාමට පුංචි අවධියේ පටන් ප්‍රෝටීන සහ කැල්සියම් අඩංගු ආහාර ගත යුතු වෙනවා. දරුවකුගේ කුඩා අවධියෙනුත් ඔබ්බට ගිය විට ගර්භ” මවක් තම කුස තුළ සිටින දරුවාගේ අස්ථි පද්ධතිය ශක්තිමත් වීම සඳහා සුදුසු ආහාර වේලක් ගැනීම ඉතා අවශ්‍යයි. පටන් ගත යුත්තේ එතැනින්.
කෙසේ හෝ කාන්තාවක් වයසට යනවිට කැල්සියම් සහ විටමින් .ඩී. අඩංගු ආහාර ඉතා හොඳින් දිනපතා ආහාරයට එක්කර ගැනීමෙන් අස්ථි පද්ධතිය ශක්තිමත්ව තබාගත හැකි වෙනවා.
අප ගන්නා ආහාර සහ සන්ධි අතර ඇති අනෙක් සම්බන්ධතාවය වන්නේ ආහාර වැඩියෙන් ගැනීම නිසා ඇතිවන ස්ථුලභාවය. අපේ ශරීරයේ බර වැඩි වන්නට, වැඩි වන්නට අස්ථිවලටත් සන්ධිවලටත් ඇතිවන පීඩනය වැඩි වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ සන්ධිවල ඇති කාටිලේජ ගෙවීමට ලක්වී ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ගොදුරු වීමයි. ශරීරයට ලැඛෙන ප්‍රෝටින ප්‍රමාණය අඩු වූ විට සන්ධි ආශ්‍රිතව මාංශපේෂි ප්‍රමාණය අඩුවී සන්ධි ආශ්‍රිත ශක්තිමත් භාවය අඩු වී සන්ධි ගෙවීමේ වේගය වැඩි වෙනවා. එසේම ශරීරයේ මාංශපේෂි අඩුවීම බිම ඇද වැටීමට ඇති හැකියාව වැඩි කරනවා. වැටීම අස්ථි බිඳී යාමට ප්‍රධාන හේතුවක්.
අපේ ශරීරයට අවශ්‍ය කැල්සියම් ලබාගත හැකි ඉතා පහසු සහ ලාභදායී ක්‍රමයක් වන්නේ කිරි ආහාරයට ගැනීමයි. වඩාත් සුදුසු වන්නේ දියර කිරි පානයයි. ඊට අමතරව යෝගට්, මුදවපු කිරි ලෙසිනුත් අපට කිරි ශරීරයට ලබාගන්න පුළුවනි. කැල්සියම්වලට අමතරව ප්‍රෝටීන ද කිරිවල තිඛෙන නිසා කුඩා කල පටන් කිරි අඩංගු ආහාරයක් නිතිපතා ගැනීම වැදගත්. අපේ රටේ කිරි ආහාරයට ගැනීමේදී සීනි විශාල ප්‍රමාණයක් ඊට එක්කර ගැනීම සුලභව දක්නට ලැඛෙනවා. එය ඉතා අනවශ්‍ය දෙයක්.
අස්ථි සහ සන්ධි ශක්තිමත් කරගැනීමට ඔස්ටියෝ පොරෝසිස් සහ ඔස්ටියෝ ආතරයිටිස් රෝගවලින් වැළකී සිටීමට නිතිපතා සුදුසු ව්‍යායාම කිරිම අත්‍යවශ්‍යයි. ව්‍යායාම පිළිබඳව කතා කරන විට බොහෝ ගෘහිණියන්ගේ මතය වන්නේ .ව්‍යායාම කරන්න කොහෙන්ද අපට වෙලාවක්., .දවස පුරා ගෙදර වැඩ කරමින් මෙච්චර මහන්සි වෙන අපට තවත් ව්‍යායාම මොකටද. යනුවෙන් ඇතැම් ගෘහිණියන් ප්‍රශ්න කරනවා. ගෙදර දොරේ වැඩ කිරීම ව්‍යායාමයක් නොවේ∙ එය එක්තරා ක්‍රියාකාරකමක් පමණයි. අලසව, ශරීරය නොවෙහෙසා සිටිනවාට වඩා කිසියම් ක්‍රියාකාරකමක යෙදීම සුදුසුයි∙ ඊටත් වඩා සුදුසුයි දිනපතා ව්‍යායාමවල යෙදීම. නිරෝගී ජීවිතයක් ගතකිරීම සඳහා අවශ්‍ය වන ව්‍යායාම පිළිබඳව තිඛෙන අන්තර්ජාතික මතය වන්නේ එක් දිනකට පැය භාගය බැගින් සතියකට දින 5ක් සුදුසු ස්වායු ව්‍යායාමවල යෙදිය යුතු බවයි. ඇවිදීම, පිහිනීම, නර්තනය, ස්කොෂ්, ටෙනිස් වැනි ක්‍රීඩා මඟින් ශරීරයට අවශ්‍ය ව්‍යායාම ලැඛෙනවා. මෙලෙස ස්වායු ව්‍යායාමවල යෙදෙන විට හෘදයාබාධවලට ගොදුරු වීමේ හැකියාව විශාල වශයෙන් අඩු වෙනවා. ඊට අමතරව දියවැඩියා රෝගය අධි රුධිර පීඩන තත්ත්වය මෙන්ම තවත් රෝගාබාධ රැසකින්ම මිදීමේ හැකියාව දිනපතා ව්‍යායාම කිරීම නිසා ලැඛෙනවා. ව්‍යායාම කිරීමෙන් ලැඛෙන තවත් ප්‍රතිලාභයක් වන්නේ බිම වැටීමේ හැකියාව අඩුවීමයි.
ස්වායු ව්‍යායාමවලට අමතරව ප්‍රතිරෝධන ව්‍යායාම කිරීම මඟින් මාංශපේෂි ශක්තිමත් වෙනවා. ප්‍රතිරෝධන ව්‍යායාම කියු සැණින් එක්වරම බොහෝ දෙනෙකුගේ සිතට නැඟෙන්නේ බර ඉසිලීමයි. බර ඉසිලීම ප්‍රතිරෝධන ව්‍යායාමයක් වුවත් මාංශපේෂි ශක්තිමත් කරගැනීමට බර ඉසිලීමම අවශ්‍ය වන්නේ නෑ. ෘමපඉ-ඉැකක වැනි ව්‍යායාම සඳහා යොදාගන්නා දෙකොන බර යෙදූ පටියක් භාවිතයෙන් ද දෑත් සහ දෙපාවල මාංශපේෂි ශක්තිමත් කර ගැනීමේ හැකියාව තිඛෙනවා. අස්ථි සහ සන්ධි ශක්තිමත්ව සහ නිරෝගීව පවත්වාගෙන යාමට මෙම ව්‍යායාම වර්ග දෙකම කළ යුතුයි. එවිට අස්ථිවල සහ සන්ධිවල දරාගැනීමේ හැකියාව වර්ධනය වී ඒවා ශක්තිමත් වෙනවා. කුඩා දරුවන්ගේ අස්ථි ශක්තිමත් වීම සඳහා සතියේ දින හතේම දිනකට අඩුම තරමේ පැයක්වත් දිවීම පැනීම වැනි ක්‍රීඩාවක යෙදිය යුතු බව නිර්දේශ කරනවා. අද බොහෝ අම්මලා දරුවන්ට ක්‍රීඩා කටයුතුවලට යොමු කරන්නේ නෑ. අම්මලා බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනයෙන් ඉහළට ගිය දරුවෙක් පමණයි. එය එසේ නොවිය යුතුයි. ක්‍රීඩාවන්ට දරුවා යොමු නොකර පොත පතේ වැඩවලට පමණක් දරුවකු යොමු කිරීමෙන් අපි රටට දායාද කරන්නේ නිරෝගී බවෙන් අඩු ආත්ම විශ්වාසයෙන් අඩු, දරා ගැනීමේ ශක්තියෙන් අඩු දරුවකුයි. ඒ නිසා තම දරුවන්ට පාසල් අවධියේදී ක්‍රීඩාවන්ට යොමු කිරීම අත්‍යවශ්‍යයි.
වයස අවුරුදු 35 - 40 පමණ වන විට ශරීරයේ තිඛෙන ශක්තිමත් භාවය අඩු වෙනවා. ඒකට හේතුව වන්නේ ශරීරයේ මාංශපේෂි අඩුවී, ශරීරයේ කටිලේජ ගෙවීමට ලක්වී ඒවා දුර්වල වීමයි. එය ශරීරයේ ස්වභාවයයි. ඉතා සුපිරි මට්ටමේ දැවැන්ත ක්‍රීඩකයින් වයස අවුරුදු 40 පමණ වන විට ක්‍රීඩාවෙන් සමුගන්නේ මේ නිසයි.
වයස අවුරුදු 40 ඉක්මවන විට අපගේ ජීවන රටාව වෙනස් කළ යුතුයි. ශරීරයේ බර වැඩිනම්, එය අඩුකර ගැනීමට පියවර ගත යුතුයි. ශරීරයට සුදුසු තෙල්, සීනි අඩු සමබල ආහාර වේලක් දිනපතා ගැනීම දිනපතා සුදුසු ව්‍යායාම කිරීම මේ සඳහා ඉතා සුදුසු පියවරක්.
දිනපතා පැය 1/2ක් ව්‍යායාම කළ යුතු යැයි අප ඉහතින් සඳහන් කළාට, ව්‍යායාම කර පුරුද්දක් නැති අයකු නම් මුලදී විනාඩි 10ක් පමණ ව්‍යායාමවල යෙදී පසුව එම කාලය ක්‍රමයෙන් වර්ධනය කරගත හැකියි. තමාට සුදුසු කුමන ආකාරයේ ව්‍යායාම ද යන්න වෛද්‍යවරයකු හමුවී සාකච්ඡා කර ගත යුතුයි.
අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නේ නම්, රුධිරයේ කොලෙස්ටරෝල් මේදය අධික නම්, වෛද්‍ය උපදෙස් මතම ව්‍යායාම ආරම්භ කිරීමයි සුදුසු. නිවෙසක මව ශාරීරික ව්‍යායාමවල යෙදෙන්නේනම්, එය දරුවන්ට ද ආදර්ශයක්. ව්‍යායාම කිරීම පිළිබඳවත් වැදගත් යමක් මෙහිදී සඳහන් කරන්න ඕන. ඇතැමුන් ශරීරයට ව්‍යායාම අවශ්‍යයි සිතා දිනකට පැය එකහමාරක් පමණ එක දිගට ඇවිදීමට පෙළඹෙනවා. එයත් ඉතා නුසුදුසු ක්‍රියාවක්.
දිනපතා වැඩි වෙලාවක් එක දිගට ඇවිදින විටත් කාටිලේජ ගෙවීමට පටන් ගන්නවා. ඒ නිසා දිනකට පැය 1/2ක් පමණ ඇවිදීම වැනි ව්‍යායාමවල යෙදීම ප්‍රමාණවත්. ව්‍යායාම කරන විට සන්ධියක කිසියම් කැක්කුමක් දැනෙන්නේ නම් වහාම එම ව්‍යායාමය නවතා වෛද්‍යවරයකු හමුවිය යුතුයි. එවිට පිහිනීම බයිසිකල් පැදීම වැනි ව්‍යායාම කළ හැකියි. ඒ∙ පිහිනන විට සහ බයිසිකල් පදින විට ශරීරයේ සන්ධිවලට බරක් නොවැටෙන නිසයි.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: