Header Ads

ඔබ අදින පළදින දේවල් වල පටි තද කළොත් ඔබටත් පොතු කබර රෝගය හැදෙන්න පුළුවන්


 ඔබ අදින පළදින දේවල් වල පටි තද කළොත් ඔබටත්
පොතු කබර රෝගය හැදෙන්න පුළුවන්.


තදට බදින ඉන පටි, තිසර පට, අත් ඔරලෝසු හා තදැති සපත්තු හේතුවෙන් සොරයිසස් හෙවත් පොතුකබර නමැති රෝගය හටගැනීමේ අවදානමක් පවතින බව මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ සමේ රෝග පිළිබඳ මහාචාර්ය ක්‍රිස් ග්‍රිප් මහතා පවසයි.


හිමමත ලිස්සායාම පිළිබද උපදේශකවරයෙක් වූ රිචර්ඩ් ඒ කෝර්නර් තමන් භාවිතා කළ හිම මත ලිස්සායන සපත්තු හේතුවෙන් සොරයිසස් රෝගය වැළදීම සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දක්වා තිබිණි. ඒ සම්බන්ධ පැහැදිලි කිරීමක් කරමින් මහාචාර්ය ග්‍රිප් මේ බව කියා සිටියේය.


මහාචාර්යවරයා පෙන්වාදෙන්නේ පොතුකබර රෝගය ද සාමාන්‍ය රෝගී තත්ත්වයක් බවයි. එය ප්‍රවේණිගත රෝගයකි. ප්‍රතිශක්තියට අදාල සෛල වැරදීමකින් හොදින් ඇති සෞඛ්‍ය සම්පන්න සෛල වලට පහරදීමෙන් පොතුකබර රෝගය හටගන්නා බව පර්යේෂණවලින් තහවුරු කැරගෙන ඇත. එහි ප්‍රතිඵලය ස්වභාවික නොවේ. මියයන සෛල සිරුරේ සම මතුපිට තැන්පත් විම හේතුවෙන් සම ඝන වී ගොස් කොරපොතු මෙන් දිස්වේ. ඉන් තද කැසීමක් ඇතිවේ. පොතුකබර ඇතැම් අයගේ ඉක්මණින් දක්නට නොලැබේ. ආතතියෙන් පෙළීම, මධ්‍යසාර පානය කිරීම සහ ඇතැම් ඖෂධ දීර්ඝකාලයක් භාවිතා කිරීම ද මේ රෝගය ඇතිවීමට හේතුවක් බව සොයාගෙන ඇත.


මහාචාර්යවරයා පෙන්වාදෙන්නේ ප්‍රථම වරට සමට හානියක් වූ විට ද පොතුකබර ඇතිවිය හැකි බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ සොරයිසිස් සැදිම සම්බන්ධයෙන් කිසිවෙකුට ස්ථිරව  යමක් කිව නොහැකි බවයි. සමේ මතුපිට ස්ථරයට යමි රසායනිකයක් නිකුත්විම මගින් මෙම රෝගයට නැඹුරුව ඇති අයට එම රෝගය ඉස්මතුවේ. ඔවුන්ගේ සම සාමාන්‍ය පෙනුමක් ගනියි. නමුත් සිතේ ඇතිවන කම්පනය නිසා හෝ අධිරුධිර පිඩනය හේතුවෙන් මෙම රෝගය උත්සන්න වේ. සිරෝසිස් පිළබඳව ස්ථිරව යමක් පැවසිය නොහැකි බවත් එය සුව වන බව හෝ නරක අතට හැරෙන බව හෝ කිව නොහැකි බවත් මහාචාර්ය වරයා කියයි.


තදින් බඳින ලද  බඳ පටියේ  පීඩනය, අත් ඔරලෝසුවේ පටිය හෝ තිසර පටිය තද වීම මෙම රෝගය ඇවිස්සීමට හේතුවේ. තවද පච්ච කෙටීම, එනනත් විදීම, කෘමි සතුන් සපාකෑම, සහ හිරු රස්නෙන්  පිලිස්සීම ද මේ තත්වයට පත්වීමට හේතුවකි. සමකැසීම හෝ සීරීම මෙම රෝගය මතුවීමට හේතුවන බව සමේ රෝග විශේෂඥ ඇඩම් ප්‍රිඩ්මන් පවසයි.





අතර්ජාලයෙන් උපුටා ගැනීමකි






No comments:

Powered by Blogger.