Header Ads

ඔබේ දත් නරක් වෙන්නේ මෙන්න මේ හේතු නිසා කියලා ඔබ දන්නවද? මෙන්න මේ දේවල් ටික ඔබත් දැනගත්තොත් ඔබේ දත් ටික රැක ගන්න පුළුවන්.



 ඔබේ දත් නරක් වෙන්නේ මෙන්න මේ හේතු නිසා කියලා ඔබ දන්නවද? මෙන්න මේ දේවල් ටික ඔබත් දැනගත්තොත් ඔබේ දත් ටික රැක ගන්න පුළුවන්.

දත් වලට සම්බන්ධ ප්‍රධානම රෝගය තමයි දත් නරක් වෙන එක. මේක හරිම සුලබ රෝගී තත්වයක්. දත් නරක් වීම ගැන තමයි අද කතා කරන්න යන්නේ.


දත් නරක් වෙනවා කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන ක්‍රියාවලියෙදි වෙන්නේ බැක්ටීරියා කාබෝහයිඩ්‍රේට් මත ක්‍රියා කරලා නිපදවෙන අම්ලය නිසා දතේ පටක විනාශ වෙන එක. ඒ කියන්නේ දතේ තියෙන දෘඩ පටක (්‍ය්රා ඔසිිමැි) විඛාදනය වෙන එක.  මේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්න ප්‍රධාන සාධක 4ක් තියෙන්න ඕනෙ. ඒ තමයි


කාබෝහයිඩ්‍රේට්

බැක්ටීරියා

දතක පෘෂ්ඨය

කාලය

මේ සාධක 4ම සම්පූර්ණ වුණොත් තමයි දත නරක් වෙන ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ. සාමාන්‍යයෙන් මේ දත් නරක් වීම පටන් ගන්නේ එනමලයෙන්. එනමලය විඛාදනය වෙන්න පටන් ගත්තාම ඒක පේන්නේ සුදු පාට ලපයක් විදිහට. පහත රූපයේ විදියට තමයි පේන්නේ. ඒත් මේක පිටුපස දත් (හක්කේ දත්) වල නම් මේ තත්වයේ තියෙද්දි අඳුරගන්න අමාරුයි.



මේ තත්වයේදි නම් ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නෑ. ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් යොදාගෙන දිනපතා  දත් හොඳින් පිරිසිදු කරගැනීම ප්‍රමාණවත්.ඒත් එසේ නොකර හිටියොත් මේ තත්වෙට පත් වෙන්න පුළුවන්
මේ තත්වෙදි නම් අනිවාර්යයෙන් දන්ත වෛද්‍යවරයෙක් ළඟට ගිහින් ප්‍රතිකාර ලබාගැනීම කල යුතුයි. බොහෝවිට මෙහිදි සාමාන්‍ය පිරවුමක් කරන්න පුළුවන්.මේ සඳහාත් ප්‍රතිකාර කරන්නේ නැතුව හිටියොත් එහෙම දත පහත රූපයේ තත්වයට පත් වෙනවා.මෙම තත්වයේ තියෙන දතකට නම් සාමාන්‍ය පිරවීමක් කරන්න බැහැ. ඒ සඳහා බොහෝ වෙලාවට ස්නායු පිරවීමක් කල යුතුයි, එහෙම නැත්තම් දත ගලවා ඉවත් කරන්න වෙනවා.මේ ක්‍රියාවලිය මෙසේ සාරාංශගත කරන්න පුළුවන්.ඒ නිසා දත නරක් වෙන්න පටන් ගන්න මුල් අවස්ථාවේදීම ඒ සඳහා සුදුසු ප්‍රතිකාරයක් වලට යොමුවීම හරිම වැදගත්.සමහර වෙලාවට මේ දත් කුහර අපිට නොපෙනී තියෙන්න පුළුවන්. ඉතින් දත් නරක් වීමේ අනෙකුත් රෝග ලක්ෂණ ගැන දැනුවත් වීම වැදගත්.


දත් වල වේදනාව/ දත් කැක්කුම

දත් හිරිවැටීම

ශීත හෝ උණුසුම් ආහාර පාන ගැනීමේදී දතේ වේදනාවක්/හිරිවැටීමක් ඇතිවීම.

දත් මතුපිට කළු හෝ දුඹුරු පැහැ ලප ඇතිවීම.



මේ ලක්ෂණ එකක් හෝ කීපයක් තියෙනවානම් දත් කුහර නැති වුණත් ඔබේ දත් නරක් වෙන්න පටන් අරන් තියෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වනවා.


අන්තර්ජාලයෙන් උපුටා ගැනනීමකි



No comments:

Powered by Blogger.