Header Ads

වාස්‌තු දෝෂ ඔබේ ඉඩමේත් තියෙනවද? එහෙනම් ඔබට කවදාවත් දියුණුවෙන්න බෑ.


වාස්‌තු දෝෂ ඔබේ ඉඩමේත් තියෙනවද? එහෙනම් ඔබට කවදාවත් දියුණුවෙන්න බෑ.

වාස්‌තු විද්‍යානුකූල නිවාස සැලසුම් යන නාම පුවරුව බොහෝ නගරවල දක්‌නට ලැබේ. ඒ නිවාස සැලසුම් නිර්මාණය කරන වෘත්තිකයන් පොදුවේ සවිකරගන්නා නාම පුවරුවයි. එහෙත් මෙයින් බොහෝ දෙනෙක්‌ වාස්‌තු විද්‍යාවේ මූලධර්ම බොහොමයක්‌ නොදන්නා බවත් කරනු ලබන්නේ සැලැස්‌ම ඇඳ සේවාදායකයාට භාරදී ජ්‍යෝතිෂවේදියකු ලවා දෝෂ පරීක්‍ෂා කරවා ගන්නා ලෙස දැනුම් දීමත් බව පෙනේ.

එහි දෝෂයක්‌ නොපෙනෙන්නේ කාර්මික විද්‍යාලවල ඉගැන්වෙන සැලසුම් ශිල්පී පාඨමාලාවල හෝ විශ්වවිද්‍යාලයේ ඉගැන්වෙන වාස්‌තු විද්‍යා පාඨමාලාවේ පවා පුරාණ වාස්‌තු විද්‍යාවේ මූලධර්ම ඇතුළත් නොවන බැවිනි. බටහිරින් ආ අනෙකුත් සියලු විෂය ධාරාවන් මෙන්ම මෙය ද කර ඇත්තේ පැරැණි වචනය පමණක්‌ උපුටා ගැනීමයි. වාස්‌තු විද්‍යාව යනු වසර දහස්‌ ගණනකට පෙර සිට ශ්‍රී ලංකාවාසීන් දැන සිටි වචනයකි. ඇත්ත වශයෙන්ම මෙම පාඨමාලා හදාරා බිහිවන්නේ වාස්‌තු ශාස්‌ත්‍රයේ ප්‍රවීණයන් නොව, නිර්මාණකරණයේ පමණක්‌ ප්‍රවීණයන් බව පැහැදිලි වේ.

'නිවාස සැලසුම්' දෝෂ මඟහරවා ගැනීමට බොහෝ අය උනන්දුවක්‌ දක්‌වයි. එහෙත් කොතරම් ශාස්‌ත්‍රානුකූලව අඳින ලද සැලැස්‌මක්‌ වුවද, ගොඩනගන්නේ දෝෂ සහිත ඉඩමක නම්, එයින් බලාපොරොත්තු වන ප්‍රතිඵලය නොලැබේ. එබැවින් වාස්‌තු දෝෂයක්‌ ආරම්භ වන්නේ ඉඩමෙන්ම බව අවබෝධ කර ගත යුතුය. මේ නිසා නිවසක්‌ සෑදීමට ඉඩමක්‌ මිලදී ගැනීමට පෙර එය වාස්‌තු දෝෂ ඇති ඉඩමක්‌ ද යන්න විමසා බැලිය යුතු වේ.

මේ ලිපියෙන් අදහස්‌ කරන්නේ ඉඩම්වල වාස්‌තු දෝෂ හඳුනා ගන්නා ආකාරය ගැන සාකච්ඡා කිරීමයි. නිවාස ගැන කතා කිරීමට පෙර ඉඩම ගැන සැලකිලිමත් විය යුතු බැවිනි.

වාස්‌තු විද්‍යාව යනු ලක්‌වාසීන් ඈත අතීතයේ සිට දැන ගෙන සිටි වචනයක්‌ බව ඉහත දක්‌වන ලදී. අනුරාධපුර නගර නිර්මාණය ගැන මහාවංශයේ සඳහන් පහත වාක්‍යයෙන් මේ බව පැහැදිලි වේ.

"මෙසේ මයිලන් මරා සටනින් ජය ගත් පණ්‌ඩුකාභය කුමාරයා එතැනින් අනුරාධ නම් මුත්තණුවන් වාසය කරන ස්‌ථානයට ගියේය. ඒ හොඳ මුත්තා තමාගේ රජගෙය කුමාරයාට දී වෙන තැනක වාසය පිණිස ගියේය. රජගෙයි වසන කුමරා නිමිති දන්නවුන් හා වාස්‌තු විද්‍යා දන්නවුන් ද විචාරා එහි නුවරක්‌ ඉදිකළේය. ඒ නගරයට අනුරාධපුරය යන නම තබන ලදී" (මහාවංශය)

අනුරාධපුරය නම් වූ මහමෙව්නා උයනෙන් හා මනහර වැව්වලින් සමන්විත මේ නගරයේ ආරම්භය හා වාස්‌තු විද්‍යාවේ මුල මෙයින් සනාථ වෙයි. කනගාටුව වන්නේ ඒ පුරාණ ශාස්‌ත්‍රය ජාතියෙන් අතුරුදන්ව යන අතර සංකර වාස්‌තු සංකල්ප ආක්‍රමණය කිරීමයි.

"මය මතය" ගෙබිම් ශාස්‌ත්‍රය හෙවත් "විශ්වකර්ම ප්‍රකාශය" "හෝරාභරනය" "දෛවඥ කාම ෙනුව" ආදී ග්‍රන්ථවල මෙම කරුණු දක්‌වා ඇත. පැරැණි ග්‍රන්ථ රාශියක්‌ කියවා බලා ඒ සියල්ල කැටි කොට යටිපව්වේ හරමානිස්‌ අප්පුහාමි මහතා ලියා ඇති "වාස්‌තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය නම් ග්‍රන්ථය මෙහිදී කැපී පෙනේ.

මේ සියලු ග්‍රන්ථ නිවාස පමණක්‌ නොව නගර හා ග්‍රාම නිර්මාණය දක්‌වා කරුණුවලින් සමන්විත වන අතර ඒ සියල්ල ආරම්භ වන්නේ ඉඩමක්‌ තෝරා ගන්නා ආකාරය ගැන සාකච්ඡා කරමිනි. පුරාණ වාස්‌තු සංකල්ප හා පිරමිඩ් වැනි විස්‌මිත ඉදිකිරීම් නූතන පර්යේෂකයන්ගේ විමසුමට භාජන වී ඇති අතර ක්‌විට්‌න් දේවනාරායන මහතා විසින් රචිත 'සැබෑ වාස්‌තු' නම් ග්‍රන්ථය ද වටිනා කරුණුවලින් සමන්විතය.

පුරාණ ගුරුවරුන් හා සෘෂිවරුන් අමතක කර තමාගේ දැනුමක්‌ ලෙසින් විවිධ මිථ්‍යා අදහස්‌ ජනමාධ්‍ය තුළින් ප්‍රචාරය කරන යුගයක ඒවා පිළිගත යුත්තේ මෙවැනි ග්‍රන්ථවලින් දැන ගත හැකි මූලධර්ම හා සස¹ බලමිනි.

පෘථිවිය ඊසාන දෙසට ඇලව පවතින බව ඔබ දනී. මෙහි උතුර - නැගෙනහිර අතර ධනාත්මක ශක්‌තීන් පවතින බවත් ඒවා දකුණ, බටහිර දිශාවට ගලන බවත් සොයාගෙන තිබේ. එනම් ඊසාන සිට නිරිත දිශාවටය. පුරාණ වාස්‌තු ශාස්‌ත්‍රයේ ඉඩම් තෝරා ගැනීමේ නියමයන් මේ කරුණ මත පදනම්ව ඇති බව පෙනේ.

මේ අනුව සලකා බලන විට ගෙයක්‌ සාදන ඉඩමක්‌ හතරැස්‌ හෙවත් චතුරශ්‍රාකාරව පිහිටා තිබීම. වඩාත් යෝග්‍ය වේ. එහි දිග හා පළල අතර අනුමත පරිමාණය නොඉක්‌මවිය යුතු වේ. දිගින් ඉතා වැඩි ඉඩම සුදුසු නොවේ.

මේ අතර ඉඩමේ මායිම් උතුරු දකුණු අක්‍ෂයට සමාන්තරව පිහිටා තිබීම සුබපලදායක වේ. එසේ නැති විෂමාකාර භූමිවල දොරටු ආදිය තබන විට ද ප්‍රධාන දිශා මඟහැරී යන අතර ඊසාන, නිරිත වැනි දිශාවලට තබන්නට සිදු වේ.

ත්‍රිකෝණාකාර ආදී විෂම පැති සහිත භූමි ශුභ නොවේ. පහත සඳහන් වන්නේ ඉඩමක මායිම් වල පිහිටීම අනුව ලැබෙන හැඩය පදිංචිකරුවන්ට බලපාන ආකාරයයි.

ආයත භුමිය හෙවත් දිගින් වැඩි පළලින් අඩුව සතරැස්‌ වූ භූමිය සුබපල දෙයි.

සමචතුරශ්‍රාකාර භූමිය ද ශුභ වේ.

මැදින් උස්‌ව වටේට පහත්ව මැද ආසනයක්‌ වැනි භූමියට භද්‍රdසන භූමිය යෑයි කියනු ලැබේ. එම භූමියේ කරන කටයුතු සාර්ථක වේ. වෘත්තාකාර භූමිය ද සුබය. ත්‍රිකෝණාකාර භූමිය සුබ නොවේ. එහි පදිංචිකරුවන්ට රාජභය ඇති වන බව කියා තිබේ.

මේ අනුව චතුරශ්‍රාකාරවූත්, උතුරු දකුණු අක්‍ෂයට සමාන්තරව මායිම් පිහිටා ඇත්තා වූත් භූමිය සුබපලදායක බව පෙනේ.

වාස්‌තු විද්‍යාවේ පදනම සොබා දහමයි. හිරුගේ උදාවීම, අස්‌තවීම හෙවත් බැස යැම, පෘථිවියේ භ්‍රමණය, සුළං හමන දිශාව ආදිය සොබාදහමයි. මේවාට ගැළපෙන අන්දමට භූමිය පිහිටා තිබේ. ස්‌වභාවිකව පිහිටා ඇතිs මෙම භූමි මනුෂ්‍ය වාසයට හෙවත් සෞඛ්‍යයට ගැළපෙන ලෙස මෙන්ම නොගැළපෙන ලෙස ද පිහිටා ඇති ස්‌ථාන තිබේ. එසේ වන්නේ ද සොබා දහමට අනුකූලවය.

පෘථිවියේ උත්තර ධ්‍රැවය ධන ආරෝපිත වන අතර දක්‍ෂිණ ධ්‍රැවය සෘණ ආරෝපිත වෙයි. මෙම ධ්‍රැව හරහා චුම්භක බල රේඛා පිහිටා තිබේ. සෑම වස්‌තුවක්‌ම ඊට වඩා විශාල වස්‌තුවකට ආකර්ෂණය කරනු ඇත.

යමෙක්‌ මේ ස්‌වාභාවිකව පිහිටා ඇති භුමිය කපා කොටා වෙනස්‌ කර ඉදිකිරීමක්‌ කරයි නම් එය කළ යුත්තේ ද සොබා දහමට එකඟ ලෙසය. නැතහොත් විපරිත ප්‍රතිඵල දෙනු ඇත. වාස්‌තු ශාස්‌ත්‍රය මේ කරුණු මත ගොඩනැඟී තිබේ.

යමෙක්‌ තම ප්‍රයෝජනය සඳහා නිවසක්‌ ඉදිකළ යුත්තේ ඊට ගැළපෙන සුබ ඉඩමක බව ඉහත කියන ලදී. ඉඩම තමන්ට අයිති වූ කොටස වන විට එහි හැඩය ඉඩම් හිමියාට බලපානු ඇත. එය පදිංචියත් සමඟ ක්‍රියාත්මක වෙයි.

දුටු පමණින්ම භූමියක සුබපල ගැනදැන ගත හැකිය. මේ ඉඩමක්‌ ගැන වාස්‌තු ශාස්‌ත්‍රය දක්‌වන ආකාරයයි.

"යම් භූමියක අඟුණ ආදී යහපත් බෙහෙත් පැළෑටි ද කැල ඇසතු ආදී වෘක්‍ෂ ද, පස්‌ මිහිරි ද, සුවඳ ද සිනිඳුද, සමතලා ද සිදුරු නැති ද එබඳු භූමිය විඩා සංසිඳවා ගැනීම පිණිස වන මිනිසුන්ට පවා ශ්‍රීය දෙයි. ස්‌ථිර වූ ගෘහ වාසය ගැන කියනු කවරේද?

ඉඩමක සුබාසුබ නිරීක්‍ෂණය කළ යුත්තේ එහි බෑවුම් හා නැග්ම ගැන ද නැගෙනහිර දිශාව ද ගැන නිරීක්‍ෂණය කරමිනි. එය පහත සඳහන් පරිදිය.

මේ අතර යම් භූමියක ඊසාන පැත්ත හා නැගෙනහිර ගිනිකොණ යන දිශා උස්‌වද, බටහිර දිශාව පහත් ව ද ඇති භුමිය දෛත්‍ය පෘෂ්ඨ භූමිය යෑයි කියනු ලැබේ. මෙවැනි භූමියකට ශ්‍රියා කාන්තාව නොපැමිණෙන බවත් දරුවන්ද, ධනය ද විනාශ වන බවත් ඒ ගැන සැකයක්‌ නොමැති බවත් කියා තිබේ.

ඉඩමක නැගෙනහිර බටහිර දිශා දීර්ඝව ද, උතුර, දකුණ දිශාවන් උස්‌වද, ඇත්නම් එය නාග පෘෂ්ඨ භූමියයි. මෙවැනි ඉඩමක පදිංචි වූ විට ඉඩම අතහැර යැමට සිදු වේ. නැතිනම් අකල් මරණයකට ගොදුරු වන බවත් බිරිඳට අපලද, දරුවන්ට හානිය ද සතුරු කරදර ද ඇතිවන බව කියා තිබේ.

දිශා අට ගැන සලකන විට ඊසාන දිග පහත් භූමිය සැප සම්පත් උදාකරයි. නැගෙනහිර පහත් නම් දියුණුව ඇති වේ. උතුර පහත් නම් ධනවත් වේ. එහෙත් දකුණ හා නිරිත පහත් නම් ඒ භූමිය ඉතා අශුභඵලදායක වේ.

ශ්‍රියාව වඩන, ධනය ලබන, දීර්ඝායුෂ ලැබෙන ඉඩමක්‌ ගජ පෘෂ්ඨ භූමිය යෑයි හඳුන්වා ඇත. එනම් දකුණ, බටහිර, නිරිත, වයඹ යන දිශාවන් උස්‌ වීමයි. ගජ පෘෂ්ඨ භූමිය ශුභය. මැදින් තරමක උස ඇති වටේට පහත් ඉඩම ද ශුභය. එහෙත් උල් කන්දක්‌ මෙන් මැදින් වඩාත් උස්‌වීම ශුභ නොවේ.

මේ අතර සුබ හැඩයක්‌ සහිත භූමියක්‌ වුවද අවට පරිසරය ගැන ද සැලකිලිමත් විය යුතු වේ. සමීපයේම ඇමැතිවරයකු හෝ මන්ත්‍රීවරයකු සිටින ගෘහය ද, හතරමං හන්දියක පිහිටි ගෘහයද, චෛත්‍යයක්‌ හෝ බෝධියකට යාබද ඉඩම ද හුඹස්‌ හා සිදුරු සහිත ඉඩම ද පදිංචියට ගැටලු ඇති කරවයි. පහත සඳහන් පුරාණ කවියෙන් මේ බව පැහැදිලි වේ.



නැඟෙනහිර ඊසාන උතුර යන දිශා තුන අන් දිසාවලට වඩා පහත් නම් එම භූමිය ලක්‍ෂ්මී භූමිය නම් වේ. මෙවැනි භූමියක පදිංචි ව අයට නිරන්තරව වාසනාව හෙවත් සිරිකතගේ බැල්ම ලැබේ.

එමෙන්ම නැගෙනහිර ඊසාණ ගිනිකොණ යන දිශා තුන අන් දිශාවලට වඩා උස වීම ඉතා ඉතා අශුභ වේ. මෙය බටහිර ද පහත් නම් ඉතා අවාසනාවන්ත භූමියක්‌ වේ. එය 'අසුර භූමි' නමි.

ඉඩමක නිවසක්‌ සාදන විට එය පහසුවෙන් යා හැකි පාරක්‌ ද තිබේ ද යන්න ද සැලකිය යුතු වේ. යම් නිවසකට යැමට හරි හැටි පාරක්‌ නැතිව ගෙවල් අතරින් වළ ගොඩැලි අතරින් කරදර සහිතව යැමට සිදු වේ නම් එහි පදිංචිකරුවන් ද දුකසේ වාසය කරන බව පෙනී යයි. එබැවින් පාර පහසුවෙන් යැමට හැකි ලෙස සාදාගත යුතු වේ.

නැගෙනහිර ඊසාන උතුර යන දිශා තුන අන් දිසාවලට වඩා පහත් නම් එම භූමිය ලක්‍ෂ්මී භූමිය නම් වේ. මෙවැනි භූමියක පදිංචි වූ අයට නිරන්තරව වාසනාව හෙවත් සිරිකතගේ බැල්ම ලැබේ.

එමෙන්ම නැගෙනහිර, ඊසාන, ගිනිකොන යන දිශා තුන අන් දිශාවලට වඩා උස වීම ඉතා අසුබ වේ. මෙය මෙහි බටහිර ද පහත් නම් ඉතා අවාසනාවන්ත භූමියක්‌ වේ. එය "අසුර භූමි" නමි.

ඉඩමක නිවසක්‌ සාදන විට එය පහසුවෙන් යා හැකි පාරක්‌ තිබේද යන්න ද සැලකිය යුතු වේ. යම් නිවසකට යැමට හරිහැටි පාරක්‌ නැතිව ගෙවල් අතරින් වල ගොඩැලි අතරින් කරදර සහිතව යැමට සිදුවේ නම් එහි පදිංචිකරුවන් ද දුකසේ වාසය කරන බව පෙනී යයි. එබැවින් පාර පහසුවෙන් යැමට හැකි ලෙස සාදාගත යුතු වේ.

මෙම ලිපියෙන් අප සාකච්ඡා කළේ නිවසක්‌ ඉදිකිරීමට පෙර වාස්‌තු දෝෂ වලින් තොර ඉඩමක්‌ සොයා ගැනීමේ වැදගත්කමයි. මෙකල බොහෝ අය ඉඩමක්‌ ගැන බලන්නේ ජනප්‍රිය පාසලකට සමීප වීම, ප්‍රධාන මාර්ගය සුපිරි වෙළෙඳසල් ආසන්නයේ පිහිටීම වැනි කරුණු ය. "පතිරූප දේස වා සෝච" යන බුදු වදන පරිදි අසල්වාසීන් යහපත් පිරිසක්‌ වීම ද ඉතා වැදගත් වේ. කොතරම් නිර්මාණාත්මකව නිවස ගොඩනැඟුවද, ගෘහ අලංකරණය කළ ද ඉඩම දෝෂ සහිත නම් එහි පදිංචි අයට ගැටලු මතුවීම ස්‌වභාවිකය. අවසන් වශයෙන් කිව යුත්තේ නිවසට පෙර ඉඩම ගැන බලන්න යන කරුණයි.


කෑගල්ලේ සුනිල්
කුමාර ගම්ලත්
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.