Header Ads

පිළිකා රෝගයට සාර්ථකව මුහුණ දෙන්න මෙන්න මේ වටිනා කරුණු ටික දැනගන්න.


පිළිකා රෝගයට සාර්ථකව මුහුණ දෙන්න  මෙන්න මේ වටිනා කරුණු ටික දැනගන්න.



පිළිකා රෝගය පිළිබඳව පසුගිය සතියේ (2017 - 07 - 10) පළවූ ˜‍මෙන්න පිළිකාවේ ඇත්ත කතාව˜‍ ලිපියෙහි උප ශීර්ෂයක්‌ ලෙස කලකට පෙර සිදුවූ වැටීම්, තැලීම් පසු කලෙක පිළිකා බවට පත්වේ ලෙසින් සටහන්ව තිබුණේ ප්‍රමාද දෝෂයකිනි.


කලකට පෙර සිදුවූ වැටීම්, තැලීම් පසු කලෙක පිළිකා බවට පත්නොවේ ලෙස එය නිවැරදි විය යුතුය.


ඔබට පිළිකා රෝගයක්‌ වැළඳී ඇතැයි කියා වෛද්‍යවරයකු පැවසුවහොත් ඒ මොහොතේ ඇතිවන හැඟීම් කෙතරම් දැයි කියා පැවසිය නොහැකිය. මෙය දුක්‌බර බියකරු මෙන්ම දරුණු මානසික පීඩනයක්‌ ගෙන දෙන කරුණකි. නමුත් වර්තමානයේ දියුණුවන වෛද්‍ය විද්‍යාවත් විවිධ පර්යේෂණවල ප්‍රතිඵලත් සමඟ බොහෝ පිළිකාවලට සාර්ථකව ප්‍රතිකාර කර සුවපත් කිරීමට හැකිවී තිබේ. එසේම සමහර පිළිකා සාර්ථකව පාලනය කර රෝගීන්ට දිගු කලක්‌ ජීවත්වීමට හැකියාවද උදාවී ඇත. එබැවින් තම පවුලේ සාමාජිකයකුට හෝ සමීප ඥතියකුට හෝ තමාට හෝ පිළිකාවක්‌ වැළඳී ඇතැයි දැනගත් පසු ඒ සම්බන්ධව අනියත බියක්‌ ඇතිකර ගැනීමට වඩා එම අවස්‌ථාවට සාර්ථකව මුහුණ දී උපරිම අයුරින් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවිය යුතුය.


යම් පුද්ගලයකුට සාමාන්‍ය රෝගයක්‌ ඇතිවූ විට රෝගී තත්ත්වය පවතින කාලයෙහි අනෙකුත් සාමාජිකයන් සමඟ වෙනදා අයුරින් කටයුතු කිරීමට අවස්‌ථාව නොලැබේ. නමුත් රෝගී තත්ත්වය යහපත්වූ විට එදිනෙදා කටයුතු සාමාන්‍ය අයුරින් සිදුකළ හැකිය. පිළිකා රෝගයේදී මතුව ඇති රෝග තත්ත්වය අනුව දිගු කලක්‌ ප්‍රතිකාර ගැනීමට සහ සායනවලට යොමුවීමට සිදුවිය හැකිය. පවුලේ අනෙක්‌ සාමාජිකයන්ට රෝගී තැනැත්තා සමඟ වැඩි වේලාවක්‌ ගත කිරීමට සිදුවනු ඇත. මෙවන් අවස්‌ථාවලදී සාමාන්‍ය දින චර්යාව සම්පූර්ණයෙන් වෙනස්‌වීමට ඉඩතිබේ. එනිසා මෙම තත්ත්වය අවබෝධ කරගෙන පවුලේ සාමාජිකයන් රෝගියා සමඟ කටයුතු කිරීම සඳහා තම තමන්ගේ වැඩකටයුතු සකස්‌කර ගැනීම කළ යුතුය ඉන් රෝගියාගේ මානසික මට්‌ටමද හොඳින් පවත්වා ගැනීමට හැකිය.


පවුලේ අනෙක්‌ සාමාජිකයන් බියට හෝ පීඩනයට පත්ව ඇති බව රෝගියාට හැඟී ගියහොත් එය එතරම් හොඳ නැත. ඉන් රෝගියාගේ මානසික තත්ත්වයට දැඩි බලපෑම් එල්ල විය හැකිය. වර්තමානයේ අප සමාජයේ බොහෝ දෙනාට පිළිකා රෝගය පිළිබඳ පැහැදිලි අවබෝධයක්‌ නැත. එනිසා රෝගයේ නියම ස්‌වාභාවය. රෝගයේ සංකූලතා ප්‍රතිකර්ම ක්‍රම පිළිබඳව වෛද්‍ය කාර්ය මණ්‌ඩලයෙන් නිවැරදි තොරතුරු ලබාගැනීම වැදගත්ය.


රෝගය හංගන්න එපා

රෝගයේ නියම ස්‌වාභාවය අවබෝධ කරගෙන ප්‍රතිකාරවලට යොමුවන රෝගීන් රෝගය පිළිබඳව නිසි වැටහීමකින් තොරව ප්‍රතිකාර සඳහා යොමුවන රෝගීන්ට වඩා ප්‍රතිකාරවලින් උසස්‌ ප්‍රතිඵල ලබාගෙන ඇති බව සමීක්‌ෂණ මඟින් හෙළිවී ඇත. එමඟින් රෝගීන් වඩා උසස්‌ වෛද්‍ය හා මානසික සුවය (ඊසදකදටසජ්ක ක‍මරු ්බා ඡියජයදකදටසජ්ක ක‍මරු) ලබාගෙන ඇති බවද එම සමීක්‌ෂණ මඟින් ඔප්පුවී තිබේ.


වැරදි මත පවසන්න එපා


එකම පිළිකා වර්ගයකින් පෙළෙන රෝගීන්ගේ රෝග තත්ත්වය වෙනස්‌විය හැකිය. එනිසා වෙනත් රෝගීන් සමඟ තම රෝගය පිළිබඳව සංසන්දනය නොකළ යුතුය. එකම රෝගී තත්ත්වය තිබුණද ප්‍රතිකාර විධි, ප්‍රතිකාරවලට දක්‌වන ප්‍රතිචාර සංකූලතා රෝගියාගෙන් රෝගියාට වෙනස්‌ විය හැකිය. එනිසා මේ පිළිබඳව තම නෑ, හිතමිතුරන්ගේ අදහස්‌, උදහස්‌ පිළිබඳව යම් ගැටලූ‍වක්‌ මතුවුවහොත් ඒ පිළිබඳව තම වෛද්‍යවරයාගෙන් විමසා එම ගැටලූ‍කාරී තත්ත්වය නිරාකරණය කරගැනීම ඉතා නිවැරදිම ක්‍රමයයි.


එහෙත් හරිහැටි නොදන්නා දේ සම්බන්ධව රෝගියා සහ පවුලේ සමීප ඥතීන් සමඟ සාකච්ඡා කිරීම හෝ උපදෙස්‌දීම කිසිවිටෙකත් නොකළ යුතුය. වැරදි තොරතුරු සාකච්ඡා කිරීම මඟින් රෝගියාගේ ඉදිරි ප්‍රතිකාර පිළිබඳව නිවැරදි තීරණ ගැනීමට පවා පවුලේ අයට අපහසුවීමට ඉඩ තිබේ.


අප මෙහිදී අවධානය යොමුකරන්නේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව බැවින් පිළිකාව සඳහා ඇති අනෙකුත් ප්‍රතිකාර ක්‍රම පිළිබඳව මෙහිදී විමසා බැලීමට පියවරගන්නේ නැත. බටහිර වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර විධි තීරණය වී ඇත්තේ වසර ගණනාවක්‌ පුරා සිදුකරන ලද සංකීර්ණ පර්යේෂණ මත පදනම්වය.


යමකු}ට පිළිකාවක්‌ වැළඳුනවිට එය පවුලේ වෙනත් කෙනකුට වැළඳීමට ඉඩ ඇතැයි කියා ඇතැම් දෙනා තුළ සාධාරණ සැකයක්‌ මතුවේ. කිසිදු ආකාරයකින් පිළිකාවක්‌ තවත් කෙනකුට බෝ නොවේ. නමුත් කලාතුරකින් සමහර පිළිකා පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීමට පිළිවන.


තමුන්ට පිිළිකාව මතුවූයේ තමන් විසින් සිදුකළ කිසියම් දෙයක්‌ නිසා හෝ සිදු නොකළ දෙයක්‌ නිසාදැයි සිතමින් කල්ගත කිරීම නිෂ්ඵලය. තම පවුලේ සාමාජිකයකුට පිළිකාවක්‌ ඇතිවුණේ කවර හේතුවක්‌ නිසාදැයි සිතමින් කල්ගත කිරීමද නිෂ්ඵලය.


කෙනකුගේ ඇඟ කෙට්‌ටුවීම, හිිස කෙස්‌ හැලීයැම වැනි රෝග ලක්‌ෂණ රෝගී තත්ත්වය මෙන්ම ප්‍රතිකාර නිසාද ඇතිවීමට පිළිවන. මේවා තාවකාලිකය. කාලයත් සමඟ එම රෝග ලක්‌ෂණ ඉවත්ව සාමාන්‍ය තත්ත්වයට පත්වේ. රෝගියා බැලීමට පැමිණෙන නෑ, හිතමිතුරන්ද එවැනි දේ රෝගියා සමඟ කතාබහ කිරීමෙන් වැළකී සිටීම රෝගියා වෙනුවෙන් කළ හැකි හොඳ ක්‍රියාවකි.


පිළිකා රෝගියා හුදෙකලා කිරීම නොකළ යුතුය. පවුලේ වැඩකටයුතුවලට සම්බන්ධ කර ගැනීම ගෘහස්‌ථ ක්‍රීඩා, විනෝද චාරිකා සඳහා සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත්ය.


පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී මතුවන සංකූලතා

පිළිකා රෝගියකු වෙත ප්‍රතිකාර ලෙස ලබාදෙන පිළිකා නාශක ඖෂධ නිසා නොයෙකුත් සංකූලතා මතුවිය හැකිය. පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමේදී සෑම රෝගියකුම වාගේ සිහිපත් කරනුයේ එම සංකූලතා පිළිබඳවය. එනම් වේදනාව, වමනය, උණ, ආසාදන, බඩ බුරුල් කර යැම, හිසකෙස්‌ හැලීම ආදිය පිිළිබඳවය.


පිළිකා ප්‍රතිකාර සඳහා සමහර අවස්‌ථාවලදී එක්‌ පිළිකා නාශක ඖෂධයක්‌ පමණක්‌ යොදාගනු ලබයි. බොහෝ අවස්‌ථාවන්හිදී ඖෂධ කිහිපයක සංකලනයක්‌ යොදාගනු ලබයි. සමහර පිළිකා සඳහා පිළිකා නාශක ඖෂධවලට අමතරව ශල්‍යකර්ම, විකිරණ ප්‍රතිකාර ආදී ක්‍රම භාවිතා කරයි.


පිළිකා නාශක ඖෂධ නිපදවන්නේ වේගයෙන් ඛෙදෙන සහ වර්ධනය වන පිළිකා සෛල මත ක්‍රියාකර ඒවා විනාශ කිරීමටය. එහෙත් ඒ සමඟම මෙම ඖෂධ ශරීරයේ ඇති සාමාන්‍ය සෛල මතද ක්‍රියා කිරීම නිසා ඒවාටද යම් තරමක්‌ හානි සිදුවේ. එවිට ශරීරයේ ඇති සෛල අතුරින්ද ඉක්‌ම‚න් ඛෙදෙන සෛලවලට සිදුවන බලපෑම වැඩිය. එනම් රුධිර සෛල නිපදවන ඇටමිදුළු ආහාර මාර්ගයේ ඇතුළු ආස්‌තරයේ සෛල, ප්‍රජනක සෛල සහ හිසකෙස්‌ ආදිය උදාරහණ ලෙස සඳහන් කළ හැකිය.


පිළිකා නාශක ඖෂධ නිසා ඇතිවන අතුරු ආබාධ සහ ඒවායේ දරුණුතාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වේ. සමහර රෝගීන්ට කිසිදු අතුරු ආබාධයක්‌ ඇති නොවේ. සමහර දෙනාට අතුරු ආබාධ මද වශයෙන් ඇතිවේ. කලාතුරකින් ඇතැම් රෝගීන්ට ඉතා දරුණු ලෙස අතුරු ආබාධ හටගැනීමට පිළිවන. එනිසා පිළිකා නාශක ඖෂධ පටන් ගැනීමට පෙර එම ඖෂධ නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ සහ එයට මුහුණදෙන ආකාරය පිළිබඳව වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර යම් අවබෝධයක්‌ ලබාගැනීම වැදගත්ය.


හානියට පත්වූ සාමාන්‍ය සෛල ඉක්‌ම‚න් ප්‍රකෘති තත්ත්වයට පත්වේ. එනිසා බොහෝ අතුරු ආබාධ ප්‍රතිකාර අවසන්වී ටික කලක්‌ යනවිට පහව යයි.


පිළිකා නාශක ඖෂධවලින් ප්‍රතිකාර ලබාගත් පසු තමාට අතුරු ආබාධ හට නොගතහොත් භාවිත කළ ඖෂධ ගුණාත්මක බවින් අඩු ඒවා යෑයි සමහර රෝගීන් අතර මතයක්‌ පවතී. මෙහි කිසිදු සත්‍යතාවයක්‌ නොමැත.


වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ පිළිකා නාශක ඖෂධ නිපදවන්නේ අතුරු ආබාධ අවම වන ආකාරයටයි.


පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන සහ වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ යන මහත්වරුන් විසින් රචිත ˜‍පිළිකාවේ සැබෑ තතු˜‍ ග්‍රන්ථය තුළින් ලබාගත් තොරතුරු ඇසුරින් මෙම ලිපිය සකස්‌ කොට ඇත.


අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.