ඔබේ නිවසත් පාළුවට ගිහින් සිරියාව නැති වෙලාද? මෙන්න මේ ජෝතිෂ්‍ය රහස් ටික ඔබ දැන ගත්තෝත් ඔබටම ඒ ඇයි කියලා තේරෙයි.
ඔබේ නිවසත් පාළුවට ගිහින් සිරියාව නැති වෙලාද? මෙන්න මේ ජෝතිෂ්‍ය රහස් ටික ඔබ දැන ගත්තෝත් ඔබටම ඒ ඇයි කියලා තේරෙයි.
නිවෙසකට සිරිකත හෙවත් ශ්‍රියා කාන්තාවගේ බැල්ම ලබා ගැනීමට මෙන්ම මූ දේවිය පලවා හැරීමට නිවෙසත් ගෙවත්තත් ඉතාම පිරිසුදුව දර්ශනීයව පවත්වා ගැනීම ඉතාම අවශ්‍යයි. ඒ වගකීම පවුලේ සියලූ දෙනා සතුය. අද වන විට සාරධර්ම, ගුණධර්ම, යුතු අයුතුකම් සේම චාරිත්‍ර වාරිත්රද වගකීම් මෙන්ම යම් යම් සමාජ ගත බැඳීම්ද ක්‍රම ක්‍රමයෙන් අපටත් නොදැනීම අප අතින් ගිලිහෙමින් පවතී. මෙලෙස ප්‍රතිපත්ති සෝදා පාළුවට ලක්වීම තුළ පිරිහෙන්නේ අන් කෙනකු නොව අප අපමය.
ඔබ විසින් නිවෙසේ මෙන්ම ගෙවත්තේ දැන හෝ නොදැන සිදු කරනු ලබන යම් යම් වැරැදි ක්‍රියාවන් හේතුවෙන් නිරපරාදේ නිවෙසටත් ගෙවත්තටත් ඔබටත් ඔබ පවුලේ සෙසු සාමාජිකයන්ටත් කරගන්න වින ගණනාවකි. මෙම වින කරණ කොට නිවෙසේත් ගෙවත්තේත් ශ්‍රියාව නැතිවී යනවා සේම නිවැසියන්ගේ සතුට, සමඟිය, සමාදානය, අභිවෘද්ධිය, දියුණුව බිඳ වැටෙනවා. මේවා අප විසින් අපටම කරගන්නා වින මිස අන් කෙනෙක් ද්වේෂ සහගතව උපක්රමශීලීව සිදු කරනු ලබන ඒවා ලෙස වරදවා වටහා නොගත යුතුය. නිවෙසකට සිරිකත කැඳවා ගැනීමට නම් අප විසින් දැන හෝ නොදැන අපටම කර ගන්නා වින හෙවත් අයහපත් ක්‍රියා කවරේද යන වග හොඳින් දැන හැඳින ගත යුතුය. එසේ දැන හැඳින ඒවා හැකි උපරිමයෙන් වළක්වා ගත යුතුය. එම වින දෝෂ හෙවත් අයහපත් ක්‍රියා මෙසේය.
• නිවෙසේ වහලයේ, සිවිලිමේ මෙන්ම ගෘහ භාණ්ඩවල, ගෘහ විදුලි උපකරණවල මකුළු දැල් බැඳී තිබීම
• නිවෙසේ බිම මෙන්ම, ගෘහ භාණ්ඩ. ගෘහ විදුලි උපකරණ මත දූවිලි පැවැතීම
• නිවෙසේ දොර ජනෙල් සියල්ල විවෘත නොකිරීම
• නිවෙසට හිරු එළිය වාතාශ්‍රය ලැබීම වැළැක්වීම
• ගෙවත්තේ සෑම තැනකටම හොඳින් හිරු එළියත් වාතාශ්‍රයත් නොලැබීම
• ගෘහ භාණ්ඩ මෙන්ම ගෘහ විදුලි උපකරණ රෙදිවලින් වසා තැබීම
• ගෘහ භාණ්ඩ මෙන්ම ගෘහ විදුලි උපකරණ නිසි පරිදි ස්ථානගත නොකිරීම
• ගෙවත්ත මල් වවා දර්ශනීයව නොපවත්වා ගැනීම
• කටු සහිත කිරි සහිත ගස් වැල් පඳුරු නිවෙසේ ඉදිරිපිට පැවැතීම
• නිවෙස තුළ තැන තැන කුණු ගොඩවල් තිබීම
• නිවෙස තුළ රෙදි වියළීමට වැල් බැඳීම
• සුරතල් සතුන්ගේ කූඩු නිවෙස ඉදිරිපිට වීම
• දිවා කාලයේත් රාත්‍රි කාලයේත් නිවෙස ඇතුළත අඳුරු වීම
• ගෙවත්ත ගස් කොළන්වලින් ගහනව අඳුරු ස්වභාවයක් ගැනීම
• කිලිටි රෙදි නිවෙස පුරා තැන තැන දැමීම
• නිවෙස ඉදිරිපිට වැස්සට සෝදාගෙන ගොස් සෝදා පාළුවට ලක්වීම
• ගෙමිදුලේ මඩ ගොඩවල්, වතුර රැඬෙන තැන්, ගල්, වැලි, උළු, ලී ගොඩවල් යකඩ කම්බි, දැල්, වලවල්, කානු, කුණු පැවැතීම
• නිවෙස තුළ හෝ ගෙවත්තේ හෝ කැඩුණු බිඳුණු අබිලි ද්‍රව්‍ය දිරාපත්වන ද්‍රව්‍ය පැවැතීම
• ගෙවත්ත පුරා සුරතල් සතුන්ගේ මල අපද්‍රව්‍ය දුගඳ හමමින් පැවැතීම
• නිවෙසින් බැහැර කරන අපජලය ගෙවත්ත පුරා ගලා යෑම
• නාගරික ප්‍රදේශවල නිවෙසින් බැහැර කරන අපද්‍රව්‍ය දින ගණන් දුගඳ හමමින් පැවතීම
• නිවෙසින් බැහැර කරන අපද්‍රව්‍ය වැළලීම හෝ පිලිස්සීම නොකිරීම
• පාවහන්, කොසු, ඉදල්, ඍජුව ඇස ගැටෙන සේ තැබීම
• නිවෙස ඉදිරිපිට හෝ ප්‍රධාන දොර අසල පාවහන් රඳවන තැබීම
• නිවෙස් ප්‍රධාන දොර අසල පාවහන් ගලවා තැබීම
• නිවෙසේ බුදුන් වඳින තැන අපිරිසුදු වීම මෙන්ම නිතර පෑගීම
• නිවෙස ප්‍රසන්නව පිරිසුදුව සුවඳවත්ව දර්ශනීයව පවත්වා නොගැනීම
• කණ්ණාඩි මේසයේ කණ්ණාඩිය ආවරණය කර තැබීම
• නිවෙසේ සවිකර ඇති බුද්ධ රූප, දේව රූපවලට ඉහළින් සත්ත්ව රූප හෝ වෙනත් ඡායාරූප වීම
• නපුරු සතුන්ගේ ඡායාරූප බිත්තිවල එල්ලා තැබීම
• අං තට්ටු, සම් වැනි සතුන්ගේ සිරුරේ යම් යම් කොටස් නිවෙසේ ප්‍රදර්ශනය තැබීම
• නිවෙස අතුගා එකතු වන කුණු රොඩු නිවෙසේ ප්‍රධාන දොරින් ඉවතට දැමීම.
• මළ හිරු යාමයේ මිදුල ගෙය අතුගෑම
• සතුන් හෑරූ පස් ගොඩවල් ගුල් ආදිය ගෙවත්ත පුරාවීම
• නිවෙසේ ප්‍රධාන දොර ඉදිරිපිට ගසක්, කණුවක් වැනි බාධකයක් තිබීම
• නිවෙස ඉදිරිපිට රෙදි වැලවල් තිබීම
• රෙදි වැලවල් යටින් රිංගා එහා මෙහා යෑම විශේෂයෙන් තෙතරෙදි
• නිවෙසේ ගෘහ‚ය මෙන්ම අනෙක් තරුණ, මහලූ ස්ත්‍රීන් රාත්‍රි ඇඳුම පිටින්ම දිවා කාලය ගත කිරීම
• කිලිටි මඩ තැවැරුණු පාද හෝ පාවහන් හෝ සහිතව නිවෙසට ඇතුළු වීම
• ප්‍රධාන දොරකඩ සිට ආහාර ගැනීම
• නිවෙසේ මංගල උළුවස්සෙන් හෙවත් ප්‍රධාන දොරෙන් මස්, මාළු වර්ග, අවි ආයුධ, දිරාගිය ද්‍රව්‍ය, හිස් භාජන, අපවිත්‍ර කිලිටි දුගඳ හමන රෙදිකඩ මාළු, මත්ද්‍රව්‍ය, කෘමි නාශක, මල් නාශක, පෙට්‍රල්, භූමිතෙල්, ස්ප්‍රීතු වර්ග නිවෙස තුළට ගැනීම
• මුළුතැන්ගෙය තුළ වැල් බැඳීම
• මුළුතැන්ගෙය අපිරිසුදුව පවත්වා ගැනීම
• පොල් ගෙඩියේ මුඩ්ඩ කඩා මුළු තැන්ගෙට ගැනීම
• එළිපත්ත උඩ පොල් බිඳීම
• නිවෙස තුළ පරුෂ, අසභ්‍ය වචන කතා කිරීම
• තැඹිලි වලූ නිවෙසට ගැනීමේදී නැටි නොකැපීම
• මිරිස් ගල නිකන් ඇඹරීම
• කුල්ල නිකන් පෙළීම
• නිවෙසේ හරිමැද විවෘතව නිදහස්ව නොතැබීම
• වෛරී සිතින් උදෑසන ළිප ගිනි මෙළවීම
• මුහුණ බලන කණ්ණාඩි මුළුතැන්ගෙයි සවි කිරීම
• බීමට ජලය ගන්නා කළය ලූණු පොල් කටුවෙන් වැසීම
• උළුවසු යටට වී ආහාර ගැනීම, හිස පීරීම, උකුණන් ඇදීම
• ළිපට පිටුපා මිරිස් ඇඹරීම
• ළිප මත බතක් හෝ වෑන්ජනයක් රොස්වන විට අනුනට දොස් පරොස් කීම
• හිරමනය උඩ වාඩි වී ආහාර ගැනීම
• අඩක් ගාන ලද පොල් බෑ අඩල හිරමනයේ ගසා තැබීම
• පොල් ගෑ පසු හිරමනය බිත්තියට හේත්තු නොකිරීම
• පොල්ගාන විට හෝ පොල් ගෑ පසුව හිරමන තලේ පොල් කෑම
• නිවෙසෙන් පිටත ඇති බුදු මැඳුරේ පහනේ ආලෝකය ප්‍රධාන දොරෙන් නිවෙස තුළට වැටීම හා බුදු මැඳුර ප්‍රධාන දොර කෙළින් වීම
• මිදුල පුරා කෙළ ගැසීම
• වංගෙඩිය උඩ වාඩි වීම
• වංගෙඩිය උඩ සිට ආහාර අනුභවය
• වංගෙඩිය මත පිහියා, හැඳි, ලූණු පොල්කටු ආදිය තැබීම
• කිසිත් නොමැතිව වංගෙඩියට මෝල් ගසෙන් කෙටීම
• තරහින් අනුන්ට දොස් පරොස් කියමින් මිරිස් ඇඹරීම
• උළුවස්සට හේත්තුවී එක කකුලක් උළුවසු කඳකට තබා අනෙක් කකුලෙන් සිටගෙන සිටීම
• බීමට වතුර ගන්නා කළය උසකින් නොතැබීම
• බීමට ජලය ගන්නා කළය හිස්ව තැබීම (දිය අඩුවෙන්)
• කෑම කෑ පිඟානට වතුර වක්කර අත සේදීම
• කෑම කෑ පිඟානට වතුර වක්කර පානය කිරීම
ඉහත සඳහන් කරුණු කාරණා දැන හෝ නොදැන සිදු කිරීම තුළ පවුලේ අසමඟිය, අනපේක්ෂිත කරදර, මූල්‍ය හානි, රෝගාබාධ, අපහාස, නින්දා, අනිසි කෝපවීම, දක්ෂතා බිඳ වැටීම්, සතුරු කරදර, යක්ෂ, භූත, ප්‍රේත, දියුණුව ඇන හිටීම, හදිසි අනතුරු වැනි දෑට මුහුණ පෑමට සිදුවෙයි. එනමුත් නිවෙසේ ප්‍රධාන දොර අසල පිරිසුදු ජල බඳුනක සුදු මල් කිහිපයක් දමා තැබීම සිරිකත නිවෙසට වැඩීමට කරන ඇරැයුමක් වැනිය. එහෙත් යම් යම් සෞඛ්‍ය ගැටලූ ඇතිවිය හැකි බැවින් මෙම ජලයත් මලූත් දිනපතාම මාරු කළ යුතුමය.
ජ්‍යොතිෂවේදී
මහේන්ද්‍ර පල්ලේබැද්ද
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි
No comments: